The title of the page
Kanabadutaledu Sinhala Subtitle
Kanabadutaledu Sinhala Subtitle
7.1
80

Kanabadutaledu (2021) Sinhala Subtitles | “අතුරුදහන්..!!!”| සිංහල උපසිරැසි සමඟ

(Kanabadutaledu (2021) Sinhala Subtitles) (Kanabadutaledu 2021 Sinhala Subtitle)

ආයුබෝවන් හැමෝටම…සෑහෙන කාලෙකට පස්සේ ඔන්න අද සිංහල උපසිරැසියකුත් අරගෙන මේ පැත්තට ගොඩ වැදුණා..ෆිල්ම් එකේ නම තමයි Kanabadutaledu (2021).. මේක Crime,Thriller ශාරණයන්ට අයිති තෙලිඟු චිත්‍රපටයක්..ඉතින් මේකේ පිටපත සහ අධ්‍යක්ෂණය කියන කාර්යයන් දෙකම කරලා තියෙන්නේ Balaraju M මහතා විසින්..ෆිල්ම් එකට ලැබිලා තියන රේටින්ග් අගයන් ගැන බැලුවොත් මේකට IMDb දර්ශකයේ 7.1/10 ක අයක් වගේම ගූගල් පරිශිලක මනාප 80% ලබා ගන්න පුලුවන් වෙලා තියනවා…මේකේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ Sunil,Vaishali Raj සමඟින් Sukranth Veerella කියන කට්ටිය…

එහෙනම් අපි දැන් මේ චිත්‍රපටියට පාදක වෙලා තියන කතාව මොන වගේද කියලා ටිකක් බලමු…

ෆිල්ම් එක ආරම්භවෙන්නේ කසල අංගනයක දලා ගිහින් තිබුණු ඉතාමත් දරුණු විදියට ඝාතනය කරපු පුද්ගලයෙකුගේ මළසිරුරක් අහම්බෙන් එතනට එන පුද්ගලයෙකුගේ නෙත ගැටෙන දර්ශනයකින්…ඉතින් ඊට පස්සේ ඒ මනුස්සයා මේක පොලීසියට දැන්නුවට පස්සේ පොලීසියෙන් අවශ්‍ය වැඩ කටයුතු සිද්ධ වෙනවා..කොහොම වුණත් ඝාතනය සිද්ධ කරපු මිනීමරුවා මේ සිරුරේ අනන්‍යතාව හෙලිකරගන්න බැරිවෙන්න මිනිමැරුමෙන් පස්සේ මේ සිරුරේ මූණ,අත,පය සේරම ගිණි තියලා දානවා..ඒත් ඒක සිරුර අයිති පුද්ගලයට සැත්කමකින් කකුළට බද්ධ කරලා තිබුණු ලෝහ තහඩුවකින් මෙයාගේ අනන්‍යතාව හෙළිවෙනවා…ඉතින් මේ කේස් එක භාරවෙන්නේ වික්ටර් රාජු කියන සර්කල් ඉන්ස්පෙක්ටර්ට…මිනිහා ටිකක් කාම අශාවෙන් පිරුණු චරිතයක්…ඒත් මිනිහා මේ නඩුව නිකන් වහලා දාන්න කටයුතු කරනවා..ඒත් ටික දවසකින් මේ වික්ටර් රාජුත් නාදුනන කෙනෙක් අතින් ඝාතය වෙනවා…

ඔන්න ඊට පස්සේ තමයි අපේ කතාවේ කතා නායකයන්ගේ කතාව පටන් ගන්නේ..සෂී…සෂී කියන්නේ තමන්ගේ අකමැත්තෙන් විවාහයකට මැදි වුණු කාන්තාවක්..මෙයාගේ මහත්තයා අදිත්‍යා..දෙන්න කසාද බැන්ද දවසේ ඉදන් දෙන්නා අතර කිසිම කතා බහක් නෑ…නමුත් දවස් සෂී අදිත්‍යගෙන් දෙයක් ඉල්ලනවා..වෙන නෝනලනම් මල් ඉල්ලයි..ඇඳුම් ඉල්ලයි..ඒත් මෙයා ඉල්ලන්නේ කවදාවත් අදිත්‍යා නොහිතන දෙයක්..ඒ තමයි මිනීමරුමක් කරන්න කියන එක…සෂී ඉල්ලන්නේ එයාගේ කලින් පෙම්වතා වුණු සූර්යව මරලා දාන්න කියලා…කවුද ඉතින් මේ සූර්යා? සූර්යා කියන්නේ පීසා බෙදන කොල්ලෙක්…අහම්බෙන් දවසක් සෂිගේ යාලුවා වුණු ජෝතිගේ පෙම්වතා වුණු මයිකල් මේ දෙන්නට කරදර කරන්න එනවා මේ සූර්යා දකිනවා..ඉතින් සූර්යා මැදට පැනලා මයිකල්ට හොඳටම ගහලා පොලීසියට අල්ලලා දෙනවා..ඔන්න එදයින් පස්සේ සෂීගෙයි සූර්යගෙයි අතර අදාරයක් ඇතිවෙන්න පටන් ගන්නවා…කොහොම වුණත් සූර්යා තමන්ට කරපු දේට පළිගන්න සිතුවිල්ලෙන් තමයි මයිකල් පසුවෙන්නේ…

ඔය අතරෙදි දවසක් සෂිවයි සූර්යවයි සෂීගේ තාත්තගේ අතටම අහුවෙනවා…ඉතින් ඊට පහුවදා සෂී ගැන තොරතුරක් දැනගන්න සූර්යා සෂීගේ ගෙදර ගියාට පස්සේ සූර්යා සෂීගේ අයියටයි තාත්තටයි අහුවෙලා ලොකු රණ්ඩුවක් වෙනවා..මේ වෙලාවෙදි සෂීගේ අයියා සූර්යව මරනවා කියලා තර්ජනේ කරනවා..දැන් සූර්යට හතුරෝ ගොඩයි…ඉතින් සෂී තීරණේ කරනවා සූර්යා එක්ක පැනලා යන්න..ඒත් පොරොන්දු වුණ විදියට සූර්යා ආවේනම් නෑ…එදා ඉදන් සූර්යා අතුරුදහන්….මේ අතරේ සූර්යගේ කේස් එක කො​හොම හරි රහස් පරීක්ෂකයෙක් වුණු රාමක්‍රිෂ්ණා අතට පත්වෙනවා..ඉතින් මේ රාමක්‍රිෂ්ණා සූර්යගේ අභිරහස විසඳුවද? ඇත්තටම සූර්යට මොකද වුණේ..? කලින් කියපු මිනීමරුම් දෙක කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ..? කවුද මේ සේරගෙම පිටිපස්සේ ඉන්න කියලා දැනගන්නම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා….

කොහොම වුණත් අවසානය වෙනකන් ලොකු කුතුහලයක් එක්ක නරඹන්න පුලුවන් චිත්‍රපටියක් විදියට මේක පෙන්වලා දෙන්න පුලුවන්…ඒ නිසා කීයටවත් මේක බලන එක අතපසු කරගන්න එපා කියලා හැමෝටම මතක් කරනවා…

මේ උපසිරැසිය නිර්මාණය කරද්දි මට ගොඩක් උදව් කරපු අපේ මදුෂාන් සහෝටත් ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා…මීට වඩා විස්තරයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ…ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා…අන්තිමටත් කියන්න තියෙන්නේ මේ සලරුව අතපසු නොකර නරඹන්න කියලා තියලා තමයි…එහෙනම් අදට ගිහින් එන්නම්…ආපහු දවස තවත් සිංහල උපසිරැසියකින් හමුවෙමු…හැමෝමටම,

බුදු සරණයි !!..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

16 comments

  1. තෑන්ක්ස් බ්‍රෝ සබට 😍

  2. Shehan Sachintha
    Cineru Family Member

    කාලෙකින් සුපිරියක් දුන්නා එහෙනම්…😍😋

    ගැම්මක් තමයි අංජුලයෝ💪🤜

  3. Udaya saman
    Cineru Family Member

    ගොඩ කාලෙකින් බොසාා සබක් දිල.නියමයි අංජු……ඉක්මනටම සුපුරුදු රිද්මයට එමු ඉක්මනින්ම….

  4. සිංහල උපසිරසියට ස්තුතියි
    දිගටම මේ වගේ සුපිරු ත්‍රිලර් ඒවා දෙමු

  5. තැන්ක්ස් බං. තව තවත් සබ් කරන්න තෙලිගු , දෙමල ෆිල්ම් වලට.

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. Balan hitiya sub ekak krnkn.niyamai malli.oya sub ekak karoth eka supiriyak.athdakimen.

  9. Thanks brother

  10. ෆිලුමනම් එල නලුවා තමයි බොක
    තැන්ක්ස් මචන්

    • ඔය රහස් පරීක්ෂකයට ඉන්න ඩයල් එක ඉන්නේ අන්තිම විනාඩි 40 වගේ..😂🖐 ඒ නිසා ලොකු අවුලක් නෑ…

  11. මේව ඉතින් හම්බවෙන්නේ උබලයින් විතරයි
    බොහොම ස්තුතියි මේ කරන මෙහෙයට
    වැඩේ සුපිරියටම කරන් යමු

  12. තෑන්ක්ස් කොම්ලෝ

  13. එලකිරි සුපිරිකිරි

  14. බොහෝම ස්තූතියි උපසිරැසියට

  15. Secret N
    Cineru Family Member

    අඩේ සුනිල් අයියා 😁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login