(Kaadhal 2004 Sinhala Sub) ලෝකය පටන් ගත්ත දවසේ ඉදන් අවසානය දක්වා ම හුස්ම ගන්නේ එක ම එක බැඳීමක් හන්දායි. ඒ “ප්‍රේමය” නිසයි. එහෙම කිව්ව්ව පළියට අපිට මේ කියන ප්‍රේමය හමුවෙනවා ද? ප්‍රේමය කිව්ව සැණින් ම අපිට මතක් වෙන්නේ යෞවන ප්‍රේමය තමයි. නමුත් එතනට විතරක් ප්‍රේමය ලඝු කිරීම සාධාරණ නෑ. උදේ ඉර නැගුන වෙලේ ඉඳන් හවස ඉර ක්ෂිතිජයේ හැංගිලා යනකල් ම ප්‍රේමය අප වටා සැරිසරනවා. නමුත් ඒක අපට දැනෙන්නෙ නෑ. බස් එකට නැග්ග වයසක මනුස්සයෙක්ට සීට් එක ලබාදීමේ ඉඳන් පෙම්වතියගේ රෝස කම්මුල් රතු වෙන මොහොත දක්වා ම ප්‍රේමය අපට මුණ ගැහෙනවා. ඒ නිසා ප්‍රේමයට නිශ්චිත හැඩයක් නෑ. තවත් විදිහකට කිව්වොත් ප්‍රේමය බෙදලා වෙන් කරන්න මිනුම් රේඛාවක් නෑ.
විල්තෙර දියයට දියඹුන් නගනා
ප්‍රේමයෙ දිය උල්පත නිසලයි..
සියපත විල මත පිබිදෙන මුත් යස
උල්පත හැමදාමත් නිසලයි
ප්‍රේමය හැමදාමත් නිසලයි..
අද ටිකක් විශේෂ දවසක ඔයාල වෙනුවෙන් ඔන්න එහෙනම් www.cineru.lk වෙබ් අඩවිය වෙනුවෙන් මම අරගෙන එන විසි එක්වැනි උපසිරසි නිර්මාණය අරගෙනයි මේ එන්නේ. අද ඉතින් විශේෂ දවසක් නිසා ආදරය ගැන තියෙන චිත්‍රපටයක් දෙන්න හිතුනා. මුලින්ම මම මේක මගේ ආදරවන්තිය වෙනුවෙන් පුද කරනවා .එයාට මේ මොහොතේ දෙන්න පුළුවන් හොදම තෑග්ගක් විදිහට…මේකත් ආදරය ගැන හොද දෙයක් ආදරය කරන අය වෙනුවෙන් ලබා දෙන නිසයි දෙන්න හිතුනේ.. මේපාර අරන් 2004 වසරේ දෙසැම්බර් මස 17 වෙනිදා ඉන්දියානු සිනමා ශාලා වල ප්‍රදර්ශණය ආරම්භ කරපු ටිකක් පරණ චිත්‍රපටයක්. පරණ වුනාට මොකෝ මේක 7.5/10 · IMDb අගයක් ලබාගෙන තියෙනවා Romance කැටගරිය යටතේයි මෙය වර්ගීකරණය වෙලා තියෙන්නේ. මා මීට පෙර ලබා දුන්න Kunthi (2021) Tami චිත්‍රපටය වෙනුවෙන් වචනෙකින් හරි ස්තූති කරපු සියළු දෙනාටත් එයා නැරබු සියළු අයට මාගේ ස්තූතිය පුද කරනවා. එහෙනම් වෙනද වගේම මට මේ ෆිල්ම් එකට උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදුන්න www.cineru.lk ඇඩ්මින් මණ්ඩලයේ සියළු දෙනාටත්, විශේෂයෙන් ස්තූති වන්ත වෙනවා.
ආදරය යනු වරක් හෝ දෙවරක් අහසකට හිස ඔසවා සෘජුව ග්‍රහණය කරගත නොහැකි වූ දුරස්ථ ග්‍රහලෝකයකින් ගලා එන අවර්ණ කිරණක් පරිදියි. එහි ඇසට හසුවන කිසිදු පැහැයක් හෝ හැඩයක් නොමැත. සත්‍ය ප්‍රේමය යනු මරණයෙන් වුව නොමියෙන අපූර්ව බලවේගයකි. එය මලක පැහැය මෙන් සංකල්පනිකව විචිත්‍රවත් වූත් එමලෙහි සුවද මෙන් ඉන්ද්‍රීය ලෝචර වූත් එ සුවද පිස හමන සුලග මෙන් මනෝ ගෝචර වූත් සදාකාලික සුවදකි
මනුස්සයෙක්ට ජීවින තැනිතලාවේ ගමන් කරන්න වගේ ම එහි තැනින් තැන තියෙන ගිරිශිඛර නඟින්නත් සිදු වෙනවා. තැනිතලාවේ ගමන් කරද්දී වීරයෝ වගේ හැසිරුණාට කන්ද නඟිද්දී නම් අපි අසරණ වෙනවා; තනි වෙනවා. ඒ මොහොතේදී තමයි අපිට හිතෙන්නේ කන්ද මුදුනට යන්න අත්වැලක්, පහුරක් තිබ්බා නම් හොඳයි කියලා. ඒ හිඩැස පුරවන්න පුළුවන් ප්‍රේමයට විතරයි කියලා අපි එතකොට තේරුම් ගන්නවා. අන්න ඒ වේලාවට අපි ප්‍රේමය හොයමින් ඉබාගාතේ යන්න පටන් ගන්නවා. වෙනත් විදිහට කිව්වොත් කාලකණ්ණි වෙනවා. ඔව්! ඒක තමා හරි වචනය. මනුස්සයෙක්ට ප්‍රේමයක් නැති වුණොත් එතරම් ම අසරණ වෙනවා. එහෙම මිනිස්සු ජීවිතය අතාරිනවා. මිනිස්සු ජීවිතය අතාරින්නේ ප්‍රේමය එයාලගේ ජීවිතවලින් ගිලිහී ගියාමයි.
හැබැයි අපරිමිත ප්‍රේමයක් හම්බුණොත් ඒ ප්‍රශ්න සියල්ල විසඳෙනවා. විසඳුණේ නැතත් හිත සැනසිලා ප්‍රාර්ථනාමය ආලෝකයකින් හදවත පිරෙනවා. හදවත පිරුණම ජීවිතය අතාරින්න හිතෙන්නේ නෑ. අපිට ඒ පිරී ඉතිරී ගිය හදවත අනික් අය එක්ක බෙදා ගන්න හිතෙනවා.
මේ විදියට බැලුවම ජීවිතේ හැම තැනක ම ප්‍රේමය තැවරෙනවා. ඒ නිසා ම ප්‍රේමයට කරන්න බැරි දෙයක් මේ ලෝකේ ඉතිරි වෙන්නේ නෑ. අර කතාවට කියනවනේ කොච්චර තිබුණත් මදී කියලා. අන්න ඒ දේ ප්‍රේමයටත් අදාළයි. අපි හැම තිස්සේ ම පුරුදු වෙලා ඉන්නේ ලබා ගන්න මිසක් ලබා දෙන්න නෙමෙයි. ප්‍රේමයෙදීත් අපි බලන්නේ හැමෝගෙන් ම ගන්න මිසක් හැමෝටම දෙන්න නෙමෙයි. එහෙම නොදී කවදාවත් පෙරළා ප්‍රේමයක් ලබන්න බෑ. ඒ වගේ ම තමා අසීමිත ලෙස ප්‍රේමය බෙදුවත් ඇබින්දක්වත් ප්‍රේමය නොලැබෙන හදවත් තියෙනවා. ප්‍රේමය ආත්මාර්ථකාමී වෙන්නේ ඒ වගේ වේලාවටයි. ආත්මාර්ථය ඇතුලේ තියෙන්නේ අයිතිකර ගැනීම. කවුරුහරි ප්‍රේමය අයිති කරගත්තොත් එතනින් ප්‍රේමය වියැකෙනවා. ප්‍රේමය පවතින්නේ ම නිදහසේ., ලිහිල් ව. සුළඟක් වගේ අපේ ඇගේ ගෑවී නොගෑවි යනවා., අල්ලන්න බෑ. අල්ලන්න යන එකත් මෝඩකමක්. අපි මොනයම් ම දෙයකට ආදරය කරනවා නම් ඒකට කිසිම තහංචියක් නොදා බලන් ඉන්න ඕනේ. ඒක අපිට ලැබෙන්න නියමිත නම් අපේ ළඟට එනවා. එහෙම නැත්නම් ඈතට යනවා. ප්‍රේමය කියන්නේ ඒ තරම් මායමය දැලක්. අපි ඒකේ වෙළිලා ඉන්නේ. ආයේ ආයෙමත් කියනවා නම් ප්‍රේමය සියල්ල උසුලා ගෙනයි ඉන්නේ.
ප්‍රේමය නිසා දුක උපදියි කිව්වට අපි කවුරුත් ප්‍රේම නොකර ඉන්නව ද? ප්‍රේමයට බය වෙලා ජීවත් වෙනවා ද? නෑනේ. ප්‍රේමයෙන් පරදින්න පරදින්න නැවත නැවත ප්‍රේම කරනවා. ඇයි අපි එහෙම කරන්නේ ? මොකක් ද ඒකෙන් අපිට ලැබෙන්නේ? කොච්චර එපා කියලා අතෑරියත් ආයේ ටික දවසකින් ප්‍රේමයක ගැටෙනවා. හරියට චක්‍රයක් වගේ. නිමාවක් නෑ., සීමාවක් නෑ. ඒ මොකද අපි දන්නවා මේ ජිවින වෙහෙස නිවෙන්නේ ප්‍රේමයෙන් පමණයි කියලා.
ඉතින් ඒ තරම්ම බලවත් දෙයක් ඇයි අපි නිශ්ප්‍රයෝජන විදියට ඔහේ අතෑරලා දාන්නේ? ප්‍රේමයට පුළුවන් නම් අපේ ජීවිත වෙනස් කරන්න, අපි ඒ දේට ඉඩ දෙන්න ඕනේ.
මං මුලින් ම කිව්වා වගේ ප්‍රේමය නිසා තමා මේ ලෝකය පවතින්නේ. ප්‍රේමය නැති තැන ලෝකයක් හුස්ම ගන්නේ නෑ. ඕන ම රළු හිතක් පවා ප්‍රේමය ඉදිරියේ ළයාර්ද්‍ර වෙනවා. අපිට ජීවත් වෙන්න කිසිම බලාපොරොත්තුවක්, හැඟීමක් නැති වුණා ම කරන්න තියෙන්නේ එක ම එක දෙයක් විතරයි. ඒ ප්‍රේමය නිසා, ප්‍රේමය උදෙසා පවතින්නයි. එතකොට ප්‍රේමය විසින් සියල්ල උසුලා ගෙන ඉඳිවි.
යෞවන වයසෙදි ආදරය පිටිපස්සේ දුවන්න ගත්ත දවසේ ඉඳන් ආදරය දැනෙන්නේ ලොකු අභියෝගයක් විදියට. ඒ අභියෝගය වෙනුවෙන් බොහොමයක් තරුණ තරුණියන් මොනතරම් නම් කැපකිරීම් කරනවද. එහෙම කැපකිරීම් කරලා ආදරේ ලබාගත්තට පස්සේ ඒ ආදරේ දැනෙන්නේ මේ ලෝකේ තියන ලොකුම වස්තුව විදියට. ඇත්ත ආදරය ඉදිරියේදි අපි හැමෝම බොහොම බොළඳයි, මොනතරම් දැනුම් සම්භාරයක් තිබෙන ප්‍රාඥයෙක් වුනත් ආදරය ඉදිරියේදී යොවුන් බොළඳ පෙම්වතෙක් ගාණට වැටීම ස්වාභාවිකයි.
ඒත් ආදරය ගැන පොදුවේ බලද්දි එය ඉබේ ලැබෙන දෙයක් නෙවෙයි කියලා ඔබට තේරෙන්නේ නැද්ද? සරත්චන්ද්‍ර මහත්මයා ආදරය ගැන කිව්වේ,
“ප්‍රේමය නම් අසණිය කුසුමකි
රිසිවූ කෙනෙකුට පූජා කෙරුමට
ලෝභ සිතින් නොව පිදුව මනා එය
පෙරලා ලබනට නොසිතා බිඳකුදු“
යන ආකාරයටයි. ඇත්තටම ආදරය කියන දේ නිර්මල මානසිකත්වයෙන් දෙන ත්‍යාගයක් වගේ. ආදරය ඉබේ ලැබෙන යමක් නෙවෙයි ඔබ ආදරය උපයාගත යුතුයි. ආදරය උපයාගන්න එක ලේසි පහසු වැඩක් නෙවෙයි. එහෙම ලේසි පහසු වුණානම් ආදරේ මේ තරම් වටිනා,සුන්දර දෙයක් නොවෙන්නට ඉඩ තිබුණා.
ආදරය උපයාගන්න ඔබ කලයුතු හොඳම ආයෝජනයත් ආදරය කිරීමම තමයි. හරියටම මුදල් ආයෝජනය කරලා මුදල්ම උපයනවා වගේ. ඒත් ආදරය ඩීල් එකක් නෙවෙයි. ඒක තදින්ම මතක තබාගත යුතුයි. ආදරය උපයාගන්න ඕන සත් පරමාර්ථයෙන්. එතකොට ඒතුලින් ලැබෙන ප්‍රතිඵලයත් යහපත් ප්‍රතිඵලයක් බවට පත්වෙනවා.
ආදරය කිරීම තුලින්, අනෙකාට ගෞරව කිරීම තුලින්, අවබෝධය, දැනුම, අගය කිරීම, කරුණාව දැක්වීම වැනි කාරණා නිසාවෙන් ආදරය උපයාගැනීම තවත් පෝෂණය වනවා. නිකං ඉඳගෙන ආදරය ලැබෙයි කියලා බලාගෙන ඉන්න අය මේ කාරණය හොඳින්ම තේරුම් ගන්න ඕන. ආදරයේ උතුම්ම ඵල නෙලන්නනම් ආදරයම අස්වැද්දිය යුතුයි.
කතාව පැත්තට දැන් හැරෙමු…
සත්‍ය සිදුවීමක් පදනම් කරගනමින් නිපදවන ලද ඉතාමත් ආකර්ශණීය චිත්‍රපටයක් ලෙස කාදල් චිත්‍රපටය හැදින්විය හැකිය.
තමිල්නාඩුවේ මදුරෙයි නගරයේ ධනවත් පවුලක කන්‍යාරාම දැරියක් වන අයිශ්වර්යා තරුණ මුරුගන් (භාරත්) වාහාන අළුත් වැඩියා කරන්නෙකු වන මුරුගන් සමඟ ආදරයෙන් බැදෙනවා.නමුත් අශ්චර්යාට ඇයගේ දෙමව්පියන් අධ්‍යාපන කටයුතු නිමාවු පසු “ඇමරිකාවේ සිටින මනාලයෙකු” සමඟ විවාහ ගිවිස ගැන්වීමට තීරණය කරලයි තියෙන්නේ. මුරුගන් ඉතා දුප්පත් අයෙක්. නමුත් අශ්චර්යා ඔහු කෙරෙහි අවංක ආදරයක් ඇති කරගන්නවා. ඇය මුරුගන් සමඟ චෙන්නායි වෙත පලා යාමට පෙළඹවූ අතර එහිදී ඔවුන් ඔහුගේ හිටපු පාසල් මිතුරෙකු සමඟ පිරිමි නේවාසිකාගාරයක රැකවරණය ලබයි.
පසුව මිතුරා එකතු වී ඔහුගේ මිතුරන් සමග මේ දෙදෙදෙනාගේ විවාහය සිදු කරයි. මෙහෙම මොවුන් කාලය ගත කරන තුල පිස්සුවෙන් මෙන් එහේ මහේ තම දයණියව සොයන ආශ්චර්යයාගේ පියාට ඔවුන් පිළිබද තොරතුරු දැන ගැනීමට ලැබෙනුයේ, ආශ්චරයාගේ හොදම යහළුවාගේ මාර්ගයෙනි. ඔහුගේ මාමා චෙන්නායි බලා ඇවිත් මුරුගන් සහා අයිශ්ච්යාවැගෙන යනු ලබන්නේ ඉතා සූක්ෂමව ඔවුන් දෙදෙනා ඉතා හොදින් රැක බලා ගන්නවායැයි යන පොරොන්දුව මතය.
පසුව නිවසට පැමිණි ඔවුන්ට සිදුවන්නේ නොසීතු ඉරණමකට මුහුණ පෑමටය.. වසර කිහිපයකට පසු අශ්චර්යාට නොසිතූ ඉරනමකට මුහුණ පෑමට සිදුවේ. ඒ නගරයේ විදුලි සංඥා පුවරුවක් ලගදීය. ඒ මොකක්ද කියලා දැනගන්නනම් ෆිලුම් බලන්න කියලා ආරාධනා කරනවා.
ඇත්තටම මෙයාලට මොකද වුනේ, මුුරුගන්ට මොකද වුනේ කියලා දැනගන්න..තවත් මෙවැනි ලස්සන සලරුවකින් හමු වෙනතුු ඔබ සියළු දෙනා හට තෙරුවන් සණ පතමි.
මෙම චිත්පටයට අදාල පිටපත පහත සදහන් පිටපත TamilYogi.com ඇති 02.29.36 ධාවන කාලයක් සහිත පිටපතට සහා අන්තර්ජාලයේ ඇති 2.29.36 ධාවන කාලයක් සහිත පිටපත් සදහා පමණක් ගැලපෙන බව දන්වමි.
චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.
අධ්‍යක්ෂණය : Balaji Sakthivel
කාණ්ඩය : Romance
නිෂ්පාදනය : Sujeetha Ravikumar
කථාව රචනය : Balaji Sakthivel
රංගන ශිල්පීන් : Bharath, Sandhya, Sukumar
ධාවන කාලය : 2h 2min
තිරගත කල දිනය : 17 December 2004
සංගීතය : Joshua Sridhar
IMDB අගය : 7.5/10
Budget
₹1.25 crore
Box office
₹10 crore
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
August 13, 2020
තෑන්ක්ස් සහෝ
#The Rescue 2020 මූවි එකේ සබ් එක දෙන්න ඒක සුපිරි මූවි එකක්