The title of the page
Janowar - Tragic Truth (2021) Sinhala Subtitles
Janowar - Tragic Truth (2021) Sinhala Subtitles
8.2

Janowar – Tragic Truth (2021) Sinhala Subtitles | “පවුලක් වැනසූ තිරිසන්නු” | සිංහල උපසිරැසි සමඟ

(Janowar – Tragic Truth (2021) Sinhala Subtitles) සුබ දවසක් හැමෝටම අද ගෙනාවේ කාගෙවත් අවධානයකට යොමු නොවෙන එක්තරා සිනමාවක් ගැන. බංග්ලාදේශ සිනමාව, වැඩිපුර කා අතරත් ප්‍රසිද්ධ සිනමාවක් නෙවෙයි. ඒත් මේ සිනමාවෙත් අමුතුම විදියෙ චිත්‍රපටි නිශ්පාදනය කරනවා. ඒ වගේ සිනමා පටයක් තමයි මම අරගෙන ආවේ. මේ සිනමාපටය ගැන තොරතුරක් ආවෙ  සිනමාවේදීන් සමූහයෙ එක් සමාජිකයෙක් පළකල ලිපියෙ තිබු කුතුහලයත් නිසා.

මේකේ නම JANOWAR එහෙම නැත්තං මෘගයා යන තේරුම රැගත් සිනමාවක්. මේ සිනමාව බලන ඔබට ඒ අර්ථය හොඳටම තේරෙවී.

Janowar – Tragic Truth (2021)

( මෘගයා – ඛේදනීය සත්‍ය – 2021)

[ 2020 අප්‍රේල් 23 බංගලාදේශයේ සිදුවු එකම පවුලේ සිව් දෙනෙක් ගෙල කපා මරා දැමීම, මේ අතර කාන්තාවන් තිදෙනෙක් සහ අබාධිත දරුවෙක් ද වෙනවා. කාන්තාවන් තිදෙනාවම සමූහ දූෂණය කරල. ඒ අතර වයස 40 ක් වන මව, වයස 16 සහ 12 අතර ගැහැණු ළමුන් දෙන්නෙක්, ඒ වගේම අවුරුදු 8 අබාධිත පිරිමි දරුවෙක් ]

මේ පුවත ඔයාලට dhakatribune.com කියන බංග්ලාදේශ පුවත් වෙබ් අඩවියට ගියොත් බලගන්න පුලුවන්. මේ සත්‍ය සිදුවීම පාදක කොටගෙන තමයි මේ සිනමාව නිර්මාණය වෙන්නේ, සිනමාව බලද්දි ඔයාලට කියනවා, කතාව මේ වගේ වෙන්න පුලුවන් එහෙත් ඇත්ත මීට වඩා වෙනස්. මොකද ඇත්තට වුන මේ සිදුවීම සිනමාවට ගන්න බැරි තරං දරුණු නිසා.

අපි දැන් බලමු සිනමාව ගැන,

Crime, Drama, Thriller ගණයට වැටෙන මේ සිනමාව 2021 නිකුත් වී පුරා පැය 1යි මිනිත්තු 17 දක්වා දිවයනවා..ගූගල් අගය 97% අගයකුත් IMdb අගය 8/10 වගේ ලොකු අගයක් ගත්ත මේ සිනමාව අධ්‍යක්ෂවරයා වෙන්නේ Raihan Rafi,

කතාව පැත්තට හැරුණොත් මම කෙටියෙන්කියන්නං, මේක ලියද්දිත් සිදුවීම මතක් වෙනවා, 

තොරතුරකට  අනුව පොලිස් නිළධාරියෙක්, මහල් නිවාසය සිදු වූ ඝාතනයක් ගැන විමර්ශනය කරන්න එනවා, ඔහුත් එක්ක මහල් නිවාසයට යන සහයක පොලිස් නිළධාරියා තොරතුරු සොයන්න පිටත් කරාට පස්සේ විමර්ශනයට ආව පොලිස් නිලධාරියා විතරක් මේ ගෙදර තනි වෙනවා. මේ ගෙදර ඉතාම භයෙන් වුනේ මොකක්ද කියලා හිතා ගන්න බැරි උන කාන්තාවන් තුන් දෙනෙක් ඉන්නවා, මේ නිළධාරියා ඔවුන් එක්ක කතා කරන්න උත්සහ කරද්දි, ඒ තුන් දෙනා විසින් වෙච්ච සිදු වීම කියන්න පටන් ගන්නවා..

මේ ඇති, මේක සත්ය සිදුවීමක් නිසා ඔයගොල්ලො අනිවාර්යයෙන් බලන්න, මාව සැකනං බලපු අයගෙ ප්රතිචාර කොහොමද කියලත් බලන්න. මේ සිනමාව කරන්න කියල මට කියපු අන්ජුල සොයුරාට ස්තූති මේ චිත්රපටියට ඉංග්රිසි උපසිරැසියක් තිබ්බෙ HC විදියට, ඒ නිසා ටයිම් ලයින් ගහගෙන වැඩේ කරන්න උනා. (ටයිම් ලයින් ගැහුවෙ CJ ) ඒත් ඒ ඉංග්රීසි උපසිරැසියේ බංගලාදේශ භාශවෙන් තිබ්බ ඒවා සහ අවසානයේ යන විස්තරය තිබ්බේ නැති නිසා ඒ ඒවත් උපසිරැසි ගන්වල තියෙන්නේ

( ප.ලි. මේක කරද්දි ගොඩක් භාශාමය ප්රශ්නයක් ආව. මොකද මේකේ ඉන්නේ මිනිමරුවො කට්ටියක් නිසා ඔවුන්ගෙ භාශව ගැන ගැටලුවක්. ඔවුන් හැම විටම කතා කරන්නේ අසභ්ය වචන නිසා, සමහර තැන්වලදි ඒව ඒ විදියටම නොවුනත් ඒ හා සමාන අර්තයක් දැම්මා. සංවර විදියට මේ උපසිරැසිය නිර්මානය කරන්න බැරි බව සිනමාව බැලුවම තේරේවි. කුණුහර්ප දැමුවා කියා අනවශ්යය ලෙස කලබල එන්න එපා. මොකද ඉංග්රීසියෙන් තියෙන්නෙත් ඒ කුනුහර්පම නිසා, කැමති අය සිංහල උපසිරැසියත් එක්ක බලන්න අකමැති උදවිය HC පිටපත බලන්න, මොකද SRT විදියට Eng Sub එකක් නැති නිසා )

තවත් සිනමාවකින් හම්බෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමිල පැතුම් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමිල පැතුම්

February 22, 2020


57
Total Subtitles

7 comments

  1. සබ් එකට ස්තූතියි අයියා..😍😙

  2. Godak sthuthi sub ekata..

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Thanks jayawewa…..!

  6. Chathura Madusanka

    Ggg

  7. Ela 🙏 cold case sub dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login