The title of the page
Jaadugar 2022 Sinhala Sub
Jaadugar 2022 Sinhala Sub
7
93

Jaadugar (2022) Sinhala Subtitles | “මායාකාරයා” | සිංහල උපසිරැසි සමඟ

(Jaadugar (2022) Sinhala Subtitles) (Jaadugar (2022) Sinhala Subtitle) (Jaadugar Sinhala Subtitle) (Jaadugar 2022 Sinhala Sub)

ෆුට්බෝල් වලයි මැජික් වලයි තියෙන සම්බන්ධෙ මොකද්ද?

නෑ නෑ… එහෙම විශේෂ සම්බන්ධයක් නෑ.

ඒත් මේ කියන්න යන්නෙ එහෙම සම්බන්ධයක් හැදෙන කතාවක්. මේ කතාවේ කතා නායකයා තමයි මීනූ.. කව්ද මේ මීනූ?

“මං මීනූ… රෑ නින්ද කඩනවාලූ..” මීනු නම් එයා ගැන කියන්නෙ එහෙමයි. හැමෝටම නෙවෙයි. එයා ආදරේ කරන කෙනාට. කලිනුත් කිව්ව නේ… ෆුට්බෝල් වලයි, මැජික් වලයි සම්බන්ධයක් නෑ කියලා. ඒත් මේ දෙක එකිනෙක සම්බන්ධ කරන්නෙ මේ මීනු තමයි.මැජික් වලින් මිනිස්සු වශී කරන්න යන මීනු එක පාරටම දිශාට වශී වෙනවා. එදා ඉඳන් මීනුගෙ ජීවිතේ අරමුණ වෙන්නෙ දිශා. දිශාව ලබාගන්න එක නම් ලේසි වෙන්නෙ නෑ. දිශා මීනුට දෙන්නෙත් සුළු පටු දඬුවමක් නෙවෙයි. දිශාගෙ ඇස් දෙක දකින්න යන මීනුට තව පොඩ්ඩෙන් ඇහැක් නැතුව තමයි දිශාගෙ ක්ලිනික් එකෙන් එළියට එන්න වෙන්නේ…!! මැජික් සහ ෆුට්බෝල් අතරට මැදි වෙන මේ ආදර කතාවත් හරිම රසවත්.

මැජික් තමන්ගෙ ජීවිතේ කරගත්තු මැජික් මීනු, එයාගෙ ආදරේ ලබාගන්න යන ගමනෙදි ෆුට්බෝල් ඒකට හරස් වෙනවා. ඉතින් මැජික් මීනුට ‍ෆුට්බෝල් තමන්ගෙ ජීවිතේ කර ගන්න වෙනවා. මැජික් සහ ෆුට්බෝල් අතර දෝලනය වෙන මීනුගෙ ජීවිතේ සාර්ථක වෙන්නෙ මැජික් මීනු ද ෆුට්බෝල් මීනු ද කියල තීරණය කරන එක ටිකක් අමාරු වැඩක්.

මේක කියවද්දි, කතාව ටිකක් පැටළුණු නූල් බෝලයක් වගේ හිතෙනව නම්, මේ නූල් ‍බෝලෙ ලිහා ගන්න මේක බලන්නම වෙනවා. ඔව්.. මේක ගොඩක් රසවත් දේවල් එකට එකතු වුණු ලස්සන කතාවක්. හැඟීම්බර වෙලා අඬන්න වගේම, ඊළඟ තත්පරේදි බඩ අල්ලන් හිනාවෙන්න පුළුවන් විදියට මේක නිර්මාණය කරල තියෙනව. හරියට නිකන් පදමට හදපු කේක් එකක් වගේ. රසේ අඩුවක් නෑ, ඒ වගේමයි ලස්සන.

මේකෙ රංගනයෙන් දායක වෙන පිරිස ගැන විශේෂයෙන්ම කියන්න ඕන. ඔයාලා Kota Factory, Panchaayat කියන වෙබ් සීරීස් බලලා තියෙනව නම්, ජීතූ අයියා නැත්නම් අභිෂේක් ගැන දන්නවා ඇති නේ. නැත්නම් Shub Mangal Zyaada Zaavdhaan වල අමන් ත්‍රිපාඨී මතක ඇති නේ. එයා තමයි මේ මැජික් මීනු විදියට අපේ ඉස්සරහ ඉන්නෙ. හොඳ මීටරයක් වගේම නැගී එන අතිදක්ෂ නළුවෙක් විදියට හැමෝගෙම හිත දිනාගත්තු ජිතේන්ද්‍ර කුමාර් ගැනයි මම ඒ කිව්වෙ. ඒ වගේම ප්‍රවීණ නළු ජාවේද් ජාෆ්රි මීනුගේ මාමා විදියට වගේම ෆුට්බෝල් කෝච් විදියට මෙහි දැකගන්න පුළුවන්. අරුෂී ෂර්මා දිශා ලෙසත්, මනෝජ් ජෝෂී මීනුගේ මායා ගුරුවරයා ලෙසත් රංගනයෙන් එක් වෙනවා.

නවක නළු රාජ් කුෂාල්, “ලල්ලී” ලෙස අති විශිෂ්ට හාස්‍ය උත්පාදන රංගනයක නියැලෙනවා ඔබට බලාගන්න පුළුවන්. ප්‍රධාන චරිතය ගොඩනගන්න දායක වෙන සුළු චරිතයක් උනත් අමතක කරන්නම බැරි චරිතයක් තමයි ලල්ලී කියන්නෙ. ඒ වගේම තවත් සුළු චරිතයකින් දායක වන සමීර් සක්සේනා තමයි මේ නිර්මාණයේ සාඩම්බර අධ්‍යක්ෂක වගේම සම නිෂ්පාදකයෙක් වෙන්නේ. මම එහෙම කියන්නෙ, ඔහුගෙ රංගනය දැක්කොත් පුදුම වෙයි මේ අධ්‍යක්ෂකද කියලා.

චිත්‍රපටයේ සංගීතය ගැන කතා කළොත් මෙහි සංගීතය අර කේක් එක හැඩ කරන්න දාපු අයිසින් එක වගේ. ආදර ජවනිකා වලට ඉතාම ආදරණීයව, හාස්‍ය ජවනිකා වලට පසුබිම් සංගීතය ඇහුණත් හිනා යන, අනෙකුත් ජවනිකා වලටත් එලෙසම ගැළපෙන අයුරින් විවිධත්වයෙන් යුක්තව මෙහි සංගීත සංයෝජනය යොදලා තියෙනවා. ඒ ප්‍රශංසාව හිමිවෙන්නේ මෙහි සංගීත අධ්‍යක්ෂක නීලෝත්පත් බෝරා ට.

ඉතින් මේ අතිවිශිෂ්ට සංකලනයෙන් බිහි වුණු සාර්ථක නිර්මාණයක් තමයි JAADUGAR නැත්නම් “මායාකාරයා” කියන්නේ.

පොඩ්ඩක්වත් කම්මැලි නැතිව අවසානය දක්වාම හිනා වෙවී, අඬ අඬා ආයෙත් හිනාවෙවී බලන්න පුළුවන් රස කතාවකට ඔන්න උපසිරැසි අරගෙන ආවා.

එහෙනම් ඔන්න බලන්නකො අන්තිමට හිත දිනාගන්න අයට කියන නම මොකක්ද කියලා….

තවත් උපසිරැසියකින් හමුවෙනකන් සුබ දවසක්..!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවිනි තක්ෂිලා බාලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවිනි තක්ෂිලා බාලසූරිය

August 5, 2020


33
Total Subtitles

11 comments

  1. thank you sub ekta

  2. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  3. Ai 777 Charlie thama dunne neththe?

  4. Thank you……pattaaaaaaaaa

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. supiriyak sis keep up good work

  7. Randilmanamperi
    Cineru_users

    සබ් එකට තෑන්ක්

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    Darlings (2022) Hindi

  9. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.x

  10. Krishani
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login