The title of the page
9.2
98

It’s Okay to Not Be Okay (2020) E15-E16 END Sinhala Subtitle | සයිකො වුනත් ඒකට කමක් නෑ | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම ! ඔන්න මාසෙකටත් වැඩිකාලයක් ගලාගෙන ආව අපේ කතාවේ අන්තිම කොටස් දෙක සඳහා සිංහල උපසිරැසි අරගෙන තමයි මං ආවේ.

පහුගිය ජුනි 20 න් ආරම්භ වෙලා කවදත් සුපිරි කතාමාලා ලබාදෙන කොරියානු TVN නාලිකාව ඔස්සේ විකාශනය වුනු මේ කතා මාලාව මේ වෙනකොටත් ගොඩක් ප්‍රේක්ෂකයන්ගේ හිත්දිනාගෙන අවසන්.විශේෂයෙන්ම My Love From Another Star කතා මාලාවෙන් ලංකාවෙ කොරියානු කතා රසිකයන්ගෙත් සිත් දිනාගත් Kim Soo Hyun ප්‍රධාන නලුවා ලෙසින් එක්වූ නවතම කතාව වීම ද ඒකට හේතුවක්..ඉතින් මේ ඩ්‍රාම එකට ගැලපෙනම විදියට ප්‍රධාන නිලියගේ චරිතය එක් වුනු Seo Ye ji ටත් ඒ ගෞරවය ඒ විදියටම ලැබෙන්න ඕන.

සාමාන්‍යයෙන් ආදර කතාවක් ගලාගෙන යන විදියට හාත් පසින්ම වෙනස්ව ගලාගෙන ගිය මේ කතාව Psychology | Thriller පැත්තටත් බර වුනු නිසා ඒක වෙනස්ම අත්දැකීමක් වුනා.අනිත් දේ තමයි ඔයාල දකින්න ඇති කතාවේ හැම කොටසකම කතන්දරයක් යනව..ඒ කතන්දරය හරහා සැඟවුනු පණිවිඩයක් අපිට ලබාදෙනවා..මං දැකපු තවත් විශේශම දෙයක් තමා ඒක් මේ ඩ්‍රාම එකේ.තාමත් බලපු නැති අයට මේ හැමදේම අපූරුවට තේරුම් යයි කතාව බලාගෙන යද්දි..

හරි එහෙනම් සුපුරුදු කතාව ගිය සතියේ නැවතුනු තැනත් මං මතක් කරන්නම්.

මුන් යොන්ග් , ගන්ග්-ටේ , සන්ග්-ටේ එකතුව පවුලේ චායාරූපයක් ගන්නවා.තමන්ගේ අම්ම මැරුවෙ මුන් යොන්ග් ගෙ අම්ම කියල දැනගෙනත් එයා මුන් යොන්ග්ව අතාරින්නෙ නෑ.ඉතින් එහෙම සතුටින් ඉදල තුන් දෙනා ඉස්පිරිතාලේට යනකොට සන්ග්-ටේ ගෙ චිත්‍රයේ සමනලයෙක් ඇදල් තියෙනව..එතනදි මුන් යොන්ග් දැනගන්නව ඒ තමන්ගේ අම්ම තමයි ගන්ග්-ටේ ගෙ අම්ම මරල තියෙන්නෙ කියලා.

ඔන්න ඊට පස්සෙ තමා කතාවෙ සුපිරිම ට්විස්ට් එක අපිට දුන්නෙ..මෙච්චර හැංගිලා හිටිය මුන් යොන්ග් ගෙ අම්ම වෙන කවුරුත් නෙමෙයි.ඉස්පිරිතාලෙ ලොකු නර්ස්.මුන් යොන්ගෙ තාත්තාගෙ අන්තිම මොහොතෙත් එතන ලඟ ඉදල මැරෙන්න සැලැස්සුවෙත් මෙයා..හැමදේම සූක්ෂමව කරගෙන ගිහින් තියෙන්නෙ මෙයා..ඉතින් මුන් යොන්ග් ආරක්ශා කරන්න ගන්ග්-ටේ ලී මහත්තයට කියල බොරුවක් කරල මුන් යොන්ග්ව ශාපලත් මාලිගාවෙන් එක්කරගෙන යනව..ඔය අස්සෙ මුන් යොන්ගෙ අම්ම ඇවිත් සන්ග්-ටේ ව අරගෙන යනව ශාපලත් මාලිගයට.ගන්ග්-ටේ එනව බේරගන්න..කාර් එකෙන් බැහැල මුන් යොන්ග් ත් එනව…

ඉතින් එතන ඉදන් මොකද වෙන්නෙ..කතාවට ඛේදනීය අවසානයක් ලැබෙයිද? අන්තිම කොටස් දෙකත් අරන් බලන්නකෝ එහෙනම්..

ඔන්න එහෙනම් මේ මම තනියම කොරියානු කතා මාලාවක් උපසිරැසි ගන්වල දුනු පලවෙනි වතාව..ගොඩක් අයගෙ හොඳ ප්‍රතිචාර ලැබුනා වගේම මට පුළුවන් ඉක්මනින් ට්‍රයි කරල සබ් ටික දුන්න කියලත් හිතනවා.කමෙන්ට් කරපු,මැසේජ් කරල අහපු හැමෝටම ස්තූතියි.එහෙනම් තවත් අපූරු කතා මාලවක උපසිරැසි එක්ක අපි නුදුරේදීම හම්බවෙමු.දිගටම රැදෙන්න අපේ සිනෙරූ අඩවිය එක්ක.මේ වෙනකොටත් තව කොරියානු කතා මාලා රැසකම උපසිරැසි අපේ වෙබ් අඩවියෙන් ලබා දෙනවා.ඒවත් බලන්න..

It’s Okay to Not Be Okay  කතාවෙන් ලබාදෙන වැදගත් උපදෙස් කිහිපයක්…

” ඔබ ආවේගයෙන් යමක් කිරීමට පෙර අඩුම තරමේ එකේ සිට තුනටවත් ගනින්න “
                                          – Moon Gang Tae

” ඔබට මහන්සි වූ විට විවේක ගන්න.ඔබ දුක් වන විට අඬන්න.එහෙම කලාට ප්‍රශ්නයක් නැත..”
                                          – Oh ji Hwang

” ඔබට ඔබවම පාලනය කර ගත නොහැකි වූ විට ඇස් වසාගන්න.අත් දෙක කතිරයක් ආකාරයට උරහිස් දෙකට මාරුවෙන් මාරුවට තබන්න.එය ඔබට උදව්වක් වේවි..”
                                       – Butterfly Method

ගිහින් එන්නම් හැමදාමත් වගේ සුපුරුදු විදියට පතන්නේ,

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

24 comments

  1. Thanks you❤🔥sub ekata

  2. Flower.Of.Evil.2020 aluth korean ktha malawak puluwan nam upasirasa danna 😃✌️සුපිරි katawa rasa winda

  3. thanksss bro
    mula edanma puluwan ikamanin sub tika dunnata thanks.
    supiri kdrama akak balala aye sub denna 😁😁😁💪💪💪💪💪

  4. බොහොම ස්තූතියි මදුවෝ හැම episode එකක්ම ආපු ඉක්මනටම සබ් දුන්නට….🙏🙏 සිරාවටම අපේ එකෙක්🔥ජය වේවා..තවත් මේ වගේම කතාවකින් හම්බෙන්ඩ බලාපොරොත්තු වෙනවා..🔥🔥🤗🤗❤️❤️😚🤘

  5. උපසිරැසියට ස්තූතියි.. Flower of evil එකටත් subtitles denna..🤗😍

  6. Sahan Sulakkhana Subasinghe

    බොහොමත්ම ස්තුතියි සහ්දිඅරයා, ඇත්තටම නියම වැඩක්.

  7. Thanks bro 🙂 your all subs are very good..

  8. duminda jayanath

    thanks machan sub ekataa

  9. බොහොම ස්තුතියි මේ ලස්සන කථා මාලාව අවසන් වෙනතුරු අරගෙන ආවාට.

  10. Thank You digatama Sub eka dunnata.. Eka sub eken sub ekata comment damme nathi unata sorry.. Jaya wewa!! Aluth Kathawak aye ikmanta Balaporothu wenawa..

  11. ඔයා එල කොල්ලෙක් ආදරෙයි පැලෙන්න ජය වේවා තව ෆට්ට කතාවක් ඕනී

  12. Thank you Aiya
    Doctors 2016 kdrama ekata sub hadala denako plz

  13. Flower of evil කතාවට සබ් දෙන්නකෝ ඒකත් ලගදි ආවේ

  14. මහන්සි වෙලා මෙම කතාමාලාවට උපසිරැසියට ලබාදුන්නට බොහොම ස්තුතියි❤🙏

    ඉස්සරහටත් මේ වගේ ලස්සන කතාවකට උපසිරැසි ලබාදෙන්න❤

    …………..ජය වේවා………..!

  15. Mister sunshine (supirima drama ekak meeka)
    100 days my prince ( 2018 drama of the year meeka)
    Uncontrollably found (actress – Suzy)
    Still 17
    My mister (actress – IU)
    Another miss Oh

    Onna oya drama tikatath sub denna puluvannam. Anith ayatath balanna puluvan godak lassana drama tikak oya. Mul 2ka tama otaninuth hodama. Puluvannam denna. Mokada oya hodama drama tikak. Drama pissek vidiyata kiyanne mama. 😎

  16. meeka mn balapu hodama drama ekak. thanks meeke sub valata. puluvannam MR.SUNSHINE k drama ekatath sub daanna. pattama lassana drama ekak. cinemetic varge ekak. balanna asa hitena supirima story ekak tiyanava. poddak balala puluvannam danna. thanks

  17. Ruvini Thalshila

    ගොඩක් ස්තූතියි උපසිරැසියට….

  18. Thanks bokka me krna wadeta….

  19. Jayen jaya

    “My girlfriend is an alien” series ekatath sub eka denna bro

  20. Dilmi Wijesinghe

    Thank You A Lot ! Good Job !!!

  21. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login