The title of the page
5.7
33
84

Insidious: The Last Key (2018) Sinhala Subtitles | මනෝකාය | සිංහල උපසිරැසි සමඟ

(Insidious The Last Key 2018 Sinhala Sub)

ඉතිං කොහොමද කට්ටිය,අදත් සබ් එකකින් ආවා,ඒ තමා insidious the last key මූවි එක.

ඔව් ඔව් මම දන්නවා මෙහෙම දැනටම සබ් තියෙන මූවිස් වලට සබ් දෙන එක එච්චර සාර්ථක නෑ කියලා😶😶,ඒත් මම මේක මගේ 2වෙනි උපසිරැසියට දෙන්න තිබ්බ සබ් එක,ඔයාල predators එකට දුන්න හොඳ ප්‍රතිචාර නිසාම මම එවෙලේම inspire වෙලා එවෙලේම මේක කරන්න ගත්තේ,ටික කාලයක් කරල ඔහේ නවත්තලා තිබ්බ එකක්,පේළි කීපයක් ඉතුරු වුන නිසා ආපහු දැකලයි මම මේ ආපහු සයිට් එකට දාන්නෙ,පොඩ්ඩක් හරි මහන්සියෙන් කරපු වැඩක් නෙ,එක්කෙනෙක් හරි මේක බලල වින්දනයක් ලබයිනෙ කියන හැගීම ත් එක්ක තමා මම මේක එවන්නෙ,අනික අච්චර මහන්සියෙන් කරපු එක ලස්සනට වගේ තියන් ඉන්නවා ට වඩා මෙහෙම එවන එක හරි හොඳයි නෙ,

අපි කතාවත් කියමුකො, නැත්නම් අඩුවක්නෙ 😁මේ චිත්‍රපටය නිකුත් වුනේ 2018 දී universal pictures නිර්මාණයක්,sony entertainment හරහා තමා බෙදා හැරල තියෙන්නේ.supernatural horror ගණයට අයිතිවෙන මේ චිත්‍රපටය ,insidious කතා මාලාවෙ 4 වෙනි චිත්‍රපටයයි,පලවෙනි දෙවෙනි කතා බලපු අය දන්නවා ඒකෙත් නිකම් අපේ mind blowing වෙන තැන් තියෙනවා නේ,මනෝ ලෝකය සහ මනෝකායෙන් ගමන් කිරීම ගැන,

ඉතිං මේ හතරවෙනි කතාව ගැන කිව්වොත් ,කලින් කතා මාලා 4 ම ඉන්න ප්‍රධාන චරිතයක් වන ඇලිස් ගෙ කුඩා කාලයේ සිදුවුණු සිදුවීම කිනුයි පටන් ගන්නේ,පොඩි කාලෙ එයාගෙ තාත්තා ගෙමුත් තව බලබලවේග වලිමුත් ඇයට සිදුවුණු කරදර ගැන මේ චිත්‍රපටය තුළ බලාගන්න පුලුවන්.මේ අතීතය අමතක කරල ඉන්න ඇලිස් ට ආපහු ඒ අතීතය දිහා නැවත හැරිලා බලන්න වෙන කතාවක් තමා මේකෙ තියෙන්නේ,

වැඩි කතා ඕන නෑනේ 😁😁එහෙනම් චිත්‍රපටය බලල නැති අය බලන්න,නැත්නම් බලපු අය කැමති නම් ආය බලන්න.අනිවාර්යයෙන් කොමෙන්ට් කරන්න ත් අමතක කරන්න එපා,ඩවුන්ලෝඩ්ස් නම් කොහොමත් වැඩිපුර බලාපොරොත්තු වෙන්න බෑ. කමක් නෑ මම ඊළඟට නම් ගේන්නේ අලුත් මූවි එකක කවුරුත් දීපු නැති සබ් එකක්,මේ දවස්වල මම ඒකෙ වැඩ කරමින් ඉන්නේ,හරි අදට මම මෙතනින් නැවතෙනවා.

ඔයාල හැමෝටම බුදුසරණයි!පරිස්සමින් ඉන්න.!!👍👍🙏🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

4 comments

  1. Thank you Brother 👍👍👍

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. පැරණි චිත්‍රපට රසිකයා

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    අපි බලලා නැති අන්තර්ජාලයේ සබ් නොමැති පැරණි Horror movies ටිකක් දෙන්නකෝ.

    Request.

    Finders Keepers – 2014
    Dolly Dearest – 1991
    Dolls – 1987
    Vampire Clay- 2017
    Poltergeist 1, 2, 3
    Omen 1, 2, 3, 4
    Amityville Collection
    Exorcist Collection

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login