The title of the page
Indian (2001) Sinhala Sub
Indian (2001) Sinhala Sub
5.4
70

Indian (2001) Sinhala Subtitles | ”ත්‍රස්තවාදයට එරෙහිව” | සිංහල උපසිරැසි සමඟ

සුභ දවසක් යාළුවො හැමෝටම,එහෙනම් ආයි ලස්සන චිත්‍රපටියක උපසිරසිත් අරන් ඔයාලව හම්බ වෙන්න ආව.හැමෝම සුවෙන් සනීපෙන් ඉන්නව ඇති කියල හිතනවා.ඉතින් මේ පාර ආවෙත් තවත් පරන හින්දි චිත්‍රපටියක උපසිරසිත් එක්ක.2001 වසරේ නිකුත් උන ලස්සන චිත්‍රපටියක්.

2001 වසරේ ඔක්තොම්බර් 26 දින නිකුත් උන Action/Crime ගනයට අයත් ෆිල්ම් එකක්, ඒ කියන්නෙ ඉන්දියාව නිදහස් උන දවසෙ ඉදන් ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ ග්‍රහනයට කිහිප වතාවක් ගොදුරු උනා,එහෙම දෙයක් තමයි මේ ෆිල්ම් එකේ කිය වෙන්නෙ.සුපිරි බොලිවුඩ් නළු සනීඩියෝල් සහ ශිල්පා ශෙට්ටි රංගනයෙන් දායක වෙනවා. කතාව නම් සුපිරි වගේම සනීඩියෝල්ගෙ රංගනය තවත් සුපිරි.මොකද කිවුවොත් සනීඩියෝල් ගැලපෙන්නේ මේ වගේ චරිත වලටම විතරයි.ඒ ගැම්ම,ඒ පෞරුෂය කියල වැඩක් නැහැ.මමත් පුද්ගලිකව කැමති සුපිරි තරුවක් තමයි.

ඉතින් පැය 02යි විනාඩි 58ක් පුරාවට ත්‍රස්තවාදයට එරෙහිව තම රට සහ ජනතාව බේර ගන්න දාන උපක්‍රම,හිතේ කුතුහලයෙන් බලන්න පුළුවන් හොද චිත්‍රපටියක්.තම රටට ත්‍රස්තවාදය පතුරවන්නේ රටේම ජීවත් වෙන දේශද්‍රෝහීන්,imdb අගය 5.4ක් සහ ගූගල් පරිශීලන කැමැත්ත 70%ක් අරන් හියෙනවා.

හැමෝම මේ චිත්‍රපටිය බලන්න ඕන නිසා සියළුම දෙනා වෙනුවෙන් ටයිම් ලයින් වෙනස් කරල, ටයිම් ලයින් ඇඩ් කරල HD සහ WEB පිටපත් වෙනුවෙන් උපසිරසිය නිර්මාණය කරා.මේ වගේ ෆිල්ම් වලට කැමති අයට නම් ලස්සන ෆිල්ම් එකක් වෙයි.තවත් අය අකමැති වෙයි මොකද පරන ඒවට කැමති නැහැනෙ ඒකයි. කැමති අකමැති හැමෝටම ආරාධනා කරනවා නරබන්න කියල.

කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්,වසීම් ඛාන් කියන්නෙ රටවල් 48ක් අත්අඩංගුවට ගන්න බලන් ඉන්න ත්‍රස්තවාදි නායකයෙක්,ඔහු ඉන්දියාවෙ මහරාශ්ටවල ඉන්නව කියල පොලිස් බුද්ධි අංශයට තොරතුරක් ලැබෙනවා,ඔහුව අත්අඩංගුවට ගන්න DCP ආසාද් පිටත් වෙනවා.අත්අඩංගුවට පත් උනාට පස්සෙ වසීම් ඛාන්ව විශේෂ බන්දනාගාරයක විශේෂ කුටියක හිර කරනවා,හිරේ හිටියත් මුළු ලෝකෙම හොල්ලන කෙනෙක් තමයි වසීම් ඛාන් කියන්නෙ,පොලිසියේ ඉහල නිලධාරීන්,ඇමතිවරුන් ඔහුත් එක්ක තමයි ඉන්නෙ,වසීම් ඛාන් හිරේ හිටියත් වසීම් ඛාන්ගේ දකුනු අත රටේ ඉහල නමක් තියන්,හොද මුහුන සමාජෙට පෙන්න ගෙන මුළු රටම විනාශ කරනවා,DCP ආසාද්ට හිතා ගන්න බැරි ප්‍රශ්න ගොඩක් එනවා,එකෙක් ඇතුලෙ ඉදන් රට විනාශ කරන්න හදනවා,තව කෙනෙක් එලියෙ ඉදන් රට විනාශ කරනවා,ඒ වගේම ඉහල නිලධාරීන්ගෙන් කැපිලි කෙටිලිත් එනවා,ඒ හැම ප්‍රශ්නයක්ම DCP ආසාද් මෙහෙය වන්නේ කොහොමද?.ත්‍රස්තවාදීන් විනාශ කරන්නේ කොහොමද?.ඔහුට ජනතාව බේර ගන්න පුළුවන් වෙයිද?.එහෙනම් චිත්‍රපටිය බලන්න කියල හැමෝටම කියනවා.එහෙනම් උපසිරසි බා ගන්න ගමන් පහලින් ඔයාලගෙ අදහස් දගෙන යන්නත් අමතක කරන්න එපා.

එහෙනම් ගිහිල්ල එන්නම්,තවත් ලස්සන හින්දි චිත්‍රපටියක උපසිරසිත් එක්ක ඔයාලව හම්බ වෙන්න එන්නම්.
හැමෝටම බුදුසරනයි,දෙවිපිහිටයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සම්පත් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සම්පත් විජේසිංහ

December 3, 2021


6
Total Subtitles

4 comments

  1. මචන් කොපිය කොලිටියට තියේද බන්
    පරන ඒවා බලන්න ආස වුනත් කොපි වල කොලිටිය අඩු නිසා බැලෙන්නේ නෑ

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. රැග්නා - සිනමා ලෝකය (Direct Link)

    —–ස්තූතියි—–
    දිගටම කරගෙන යමු ජය ජය……..

    Khushi 2003 Hindi චිත්‍රපට සිංහල උපසිරස ලාබා දෙන්න සහෝ ….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login