The title of the page
Bhutan – change comes to the Himalayan -Happy Kingdom (2020) Sinhala Subtitles
Bhutan – change comes to the Himalayan -Happy Kingdom (2020) Sinhala Subtitles

Bhutan – change comes to the Himalayan -Happy Kingdom (2020) Sinhala Subtitles | සතුටේ රාජධානියට චාරිකාවක්! | සිංහල උපසිරැසි සමඟ

ඔන්න යාලුවනේ ඔයාලා දන්නවනේ ඉතින්, අද නත්තල්! ලෝකයට සාමයේ පණිවිඩය ගෙනාව අති උතුම් ජේසු තුමාගේ උපත සිදුවුනු දවස. ඒක ලෝකයටම විශේෂ දවසක්. මං බෞද්ධයෙක් හැටියට දෙවියන්ගේ මැවුම්වාදය පිළිගන්න කෙනෙක් නෙවෙයි. හැබැයි මං අපේ කතෝලික, ක්‍රිස්තියානි හෝ කිසිදු ආගමකට ගරහන්නේ හෝ පහත්කොට සලකන්නේ නෑ. ඕනේම ආගමකින් මිනිසා හා තිරිසනා වෙන්කරලා, මනුසතාට මිනිසෙක් වගේ ජීවත්වෙන්න ඉඩ සලසලා දෙන එක තමයි සිද්ධවෙන සරළම දේ. ඉතින් අද වගේ දවසක අපි අපේ තිරිසන් ගති එකක් දෙකක් හෝ අඩුකරගමු කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම අපේ කතෝලික හා ක්‍රිස්තියානි ලෝකවාසින්ටම “සුබ නත්තලක් වේවා!” කියලා ප්‍රාර්ථනා කරනවා. 

මේක ටිකක් පරණ එකක්. විශේෂත්වේ තමා, මේක වාර්ථාමය චිත්‍රපටියක්! ඔව් ඒ කියන්නේ අර සාමාන්‍ය චිත්‍රපටවලින් මිදිලා දැනුමට යමක්, යමක් කිව්වට ලොකු දෙයක් එකතුකරන එකක්. මේ කතාව ගෙතෙන්නේ “භූතානය” කියන රට ගැන. කොටින්ම කිව්වොත් මට මෙන්න මෙහෙම හිතුනා. අපේ දැන් ඉන්න රජවරු, පාලකයෝ, බත් බැලයෝ පම්පොරි ගහනවානේ “ලෝකෙන් උතුම් රට ලංකාවයි” කියලා. ඒක අතීතයේ හරි ඇති. ඒත් දැන් ? දැන් ජීවත් වෙනවා නම් ජීවත් වෙන්න ඕනේ මෙන්න මේ වගේ, ඒ කියන්නේ භූතානය වගේ රටක. තමන්ගේ රටෙන් පිටවෙන කාබන්ඩයොග්සයිට් – CO2 ප්‍රමාණයට වඩා ඔක්සිජන් – O2 සොබාදමට ලබාදෙන එකම රට තමා භූතානය. රටේ වනගහනය 70%යි. ගහක් කැපුවොත් උපරිම දඬුවම් ලැබෙනවා. ඒ නැතත් බුදු දහමේ කියවෙන නිසා මිනිස්සු අනවශ්‍ය ලෙස ගස් කපන්නේ නෑ. වන සත්තු මරන්නේ නෑ. රටේ තියෙන්නේ 5G තාක්ෂනය. බොහෝවිට එක පවුලකින් එක්කෙනෙක් වගේ මහණවෙනවා. වාණිජමය වශයෙන් ගොවිතැන කරනවා. රසායනික වගාව 70% වගේ සහ කාබනික වගාව 30% වගේ. ඒ හැමදේටම වඩා රටේ රජතුමා (1977සිට හිටිය අපේ රජවරු වගේ නම් නෙවෙයි) ජනතාවගේ ආදායමට නෙවෙයි මුල්තැන දෙන්නේ. රටේ මිනිස්සුන්ගේ සතුටට. ඉතින් ඒ වගේ වාසනාවන්ත රටක මිනිස්සුන්ගේ දුෂ්කර ඒත් සතුටින් පිරුනු, සරල ජීවිතයට එබී බලන්න තමා මේ ආරාධනය. මං කියනවට මේක අරන් බලන්න විනාඩි 10ක්. ඔයා අවසන් වෙනකල්ම බලාවි අනිවාර්‍යෙන්ම. පහත ලින්ක් ක්ලික් කරලා ස්ක්‍රීන් ශොට් සහ ට්‍රේලර් එක බලන්න පුලුවන්. මේක Dailymotion එකේ තියෙන Bhutan – change comes to the Himalayan -Happy Kingdom- – DW Documentary කියන පිටපතට හරියටම හරි. 720p වත් කොලිටියෙන් අරන් බලන්න. මාර ලස්සනයි කඳු මුදුන් ටික එහෙම!

ඉතින් මගේ උපසිරැසි ජීවිතේ කරගෙන යන්න අඩිතාලම වෙච්ච මගේ පණ, මගේ ජීවිතේ වෙලාඉන්න සදහම් පුතාටත්, මගේ ලක්ෂ්මීටත් ගොඩක්ම ස්තූතියි. ඒ වගේම චානක තිලංක සහෝදරයටත් ගොඩක් ස්තූතියි හැමවෙලේම මාත් එක්කම ඉන්නවට. ලොකු බොස් මල්ලී හෙවත් සමිතේ, අශේන්, අංජුල ඇතුලු සිනෙරූ පවුලේ හැමෝටමත් ගොඩක් ස්තූතියි. එහෙනම් ඉතින් අපි තව උපසිරැසියකින් හමුවෙමු. එතකල් හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

5 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ සුපිරි

  2. 🇱🇰දර්ශන හෙට්ටිවත්ත | ☸️සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    බොහෝමත්ම ස්තූතියි සුපුන් සහෝ 🤩🤩🤩👌👌👌

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    Samsara (2011) බලන්න දර්ශන සහෝ ඒකත් සුපිරි

  4. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  5. Thilinda Randeera

    ස්තූතිය සහෝදරයා දිගටම දෙන්න 🥰

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login