The title of the page
I Hate You - I Love You (2021) Sinhala Subtitles
I Hate You - I Love You (2021) Sinhala Subtitles

I Hate You – I Love You (2021) Sinhala Subtitles | “මම ඔයාට වෛර කරනවා.. මම ඔයාට ආදරෙයි” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනම් මම කරපු ” I HATE YOU I LOVE YOU ” ( මම ඔයාට වෛර කරනවා.. මම ඔයාට ආදරෙයි ) කියන කතාවේ තව කොටසක් තමයි අද මම අරගෙන ආවේ.. මේකත් කලින් කිව්වා වගේ වෙනස් කතාවක්.. මේකෙත් මම රඟපාන අය ගැන අධ්‍යක්ෂණය ගැන විස්තර කියන්නේ නැහැ ඒ ඔක්කොම වීඩියෝ එක අවසානේ එයාලා කියනවා මම ඒවත් පරිවර්තනය කරා..

ඉතින් මම මේකේ එක කොටසක් මුලින්ම දැම්මම එක කමෙන්ට් එකක් ඇවිත් තිබුනා මම දැක්කා මේකේ තව කොටස් තියෙනවා නේද කියලා.. ආයේ දෙසැරයක් හිතුවේ නැහැ ඔයාලා ඉල්ලනවා නම් අනිවා හදනවා කියලා දන්නවනේ..

ඉතින් දැනට මේකත් එක්ක කොටස් තුනක් ඉවරයි තව කොටස් දෙකයි බලන්න තියෙන්නේ.. ඒවත් පුළුවන් ඉක්මනටම මම අනිවා දෙනවා.. එහෙනම් මේ කතාව පැත්තට හැරෙමු..

වාහනේ එනගමන් කොල්ලයි කෙල්ලයි පොඩ්ඩක් රණ්ඩු වෙවී එනවා..

කොල්ලා කෙල්ලට කියනවා මැප් එක බලලා පාර කියන්න කියලා..
කෙල්ල ලිප්ස්ටික් ගගා ඉන්නවා..
ඔන්න ඉතින් ඔහොම පටන් අරගෙන තමයි කෙල්ලගේ ලයිසන් එක වෙනකල්ම කතාව දික්වෙන්නේ.. 
වලිය කොච්චර දුර යයිද..
අතින් පයින් වෙනකල්ම යයිද ?
මොකක් වෙයිද කියලා දැනගන්න.. බලන්න මේ කොටසත්..
මතකයිනේ.. කොටසින් කොටස වෙනස් හොඳේ..

එහෙනම් මම ගියා අන්තිම කොටස් දෙකත් ඉක්මනටම අරගෙන එන්නම්..

කතාව බලලා මට ” I HATE YOU ” ද ” I LOVE YOU ” ද කියලා කමෙන්ට් කරන් යන්න.. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

7 comments

  1. Thank ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  2. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    එල No name ❤️

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Supun Kaushalya ❤️

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  6. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Kantha_DLA ❤️

  7. Dcs legend of tomorrow season 6 ek denn baida

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login