The title of the page
8.8
96

Hridayam (2022) Sinhala Subtitles | “හදවතේ සැරිසරන්න….” | සිංහල උපසිරැසි සමඟ

(Hridayam (2022) Sinhala Subtitles) (Hridayam 2022 Sinhala Subtitle) (Hridayam Sinhala Subtitle)

2022 වසර වෙනුවෙන් අලුතෙන්ම නිකුත් උන මලයාලි ෆිල්ම් එකක් තමයි Hridayam (2022) කියන්නේ….

පලමු කොට මා සිනෙරු Web අඩවිය වෙනුවෙන් ඔබ සැමගෙන් කමාවභාජනය කරනවා…සිදුවුන ප්‍රමාද දෝෂය නිසා..

හර්දයම් කියන්නේ 2022 වසරේ ජනවාරි 22 නිදා සිනමාශලා වල ප්‍රදර්ශනය කරපු චිත්‍රපටයක්..ඒ වගෙම මෙ වසරෙ තිරගත කරපු අති සාර්ථකම මලයාලම් චිත්‍රපටය විදියටත් Hridayam ඔබට හදුන්වලා දෙන්න පුලුවන්…බොක්ස් ඔෆිස් වර්තාවක්ද තබමින් කෝටි 50 කඩඉමද පසුකරන්න මේ මලයාලම් සිනේරුවට හැකියාව ලැබිලා තියෙනවා…

මේ හර්දයම් චිත්‍රපටය romantic ( ආදරණිය) ශානරයට තමයි අයත් වෙන්නේ..ඒ වගෙම පසුගිය අවුරුදු 2 තුල ආපු හොදම මලයාලම් චිත්‍රපටය විදියට හර්දයම් නම් කරාටද කිසිම වරදක් නැති බව තමයි මාගේ මතය වෙන්නේ… 

මේ චිත්‍රපටියේ තවත් විශේෂත්වයක් තමයි විනිත් ශ්‍රිනිවසම් කාලේකට පස්සේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න යොමු උන එක.. ඒ ව⁣ගේම මේකේ කතාව තිර පිටපත යන හැම දෙයක්ම වින්ති ශ්‍රිනිවසම් විසින්ම තමයි කරලා තියෙන්නේ..ඔබට මතක ඇති ඔබ මලයාලම් රසිකයෙක් නම් තත්තිට්ටින් මරයදු (2012) චිත්‍රපටය වර්ෂ ගණනාවක සිට අද දක්වා මලයාලි ජනතාව අතරද පිටත ලෝකයේද වැඩි සිත් ප්‍රමාණයක් දිනා ගන්න පුලුවන් උනා.. එම චිත්‍රපටය නිර්මාණයෙන් පස්සෙ විනිත් ශ්‍රිනිවසම් අවුරුදු ගානකට පස්සෙ අධ්‍යක්ෂකවරයෙක් ලෙස අපිට දකින්න් පුලුවන් වෙන්නෙ හර්දයම් හරහා…ඒ නිසයි මා හට නම් Hridayam සිනේරුව මෙතරම් විශේෂ වන්නේ…..

Hardayam (2022) අධ්‍යක්ෂක

Vineeth Sreenivasan

තවත් මේ චිත්‍රපටයේ ප්‍රධාන නලුවා විදියට අපිට දැක ගන්න හැකිවෙන්නේ ජනප්‍රිය ඉන්දිය චරිතාංග නලු මොහොන් ලාල්ගේ පුතා වෙන Pranav Mohanlal ව තමයි..ඒ වගේම මේකේ අජු වර්ගිස්ගෙ සහය රංගනයකුත් අපිට බලාගන්න පුලුවන්….

අපි තවත් වැඩි වැල් වටාරම් නැතුව මෙකේ යන කතාව මොන වගේද කියලා බලමු….

අරුන් කියන්නේ කේරළයේ ඉදලා මදුරාසි( වර්තමාන චෙන්නායි) වල කැම්පස් එක්කට ජොයින් වෙන්න ආපු තරුණ ගැටවරයෙක්….මෙයාට තමන්ගේ ප්‍රථම ප්‍රේමය උන දර්ශනාව හම්බවෙනවා මෙ කැම්පස් එකේදි…කොහොම හරි දර්ශනාගේ ආදරේ දිනාගත්ත අරුන්…ආසාවට කරපු එක වංචනික වැඩක් නිසා දර්ශනා වරුන් ගැන සම්පුර්ණයෙන්ම වැරැදියට හිතාගෙන කැම්පස් එකේ පලවෙනි වසරෙන්ම ඉවත් වෙනවා….ඉටපස්සෙ අරුන් ගෙ ජිවිතේ ගලාගෙන යනවා ලබදියන්ගේ වෙන්විම්..හැගිම් නොමැති ආදර සබදතා..ඉගැනගැනිම්..දුක..සතුට මෙකි නොකි විවිධ සිදුවිම් සිදුවෙමින් අරුන් ගේ ජිවිතේ ගලාගෙන යනවා…අරුන් තමන්ගෙ වැරැදි හදාගෙන සිතේ නිදහස සොයන්න පෙළබෙනවා ජිවත් විමට හේතුවක් සොයමින්….ඔහුට එය අවසානේ හමුවෙනවා…ආදරණිය අහඹු හමුවිමකින්…

මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ 8.3/10 වගෙ ලොකූ අගයක් ලබාගන්නත් සමත් වෙලා තියේන මෙ චිත්‍රපටය පැය 3 කට ආසන්න ධාවන කාලයකිනුත් යුක්ත වෙනවා….

එහෙනම් මේ චිත්‍රපටය රස විදලා උපසිරැසියේ ගුණ අගුණත් හොද නරකත් කමෙන්ට් එකකින් දන්වන්න කියලා ඉල්ලන ගමන් තවත් උපැසිරැසියකින් හමුවිමට බලාපොරොත්තු වෙන් මම ඔබ සැමගෙන් සමුගන්නවා….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

7 comments

  1. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    මගේ එකා… ආදරෙයි මහන්සියට… පාර පාර ❤❤❤❤

  2. ඉනුෂ සුදන්ගම
    Cineru Family Member

    සීක්රට් එන් ( Secret N )

    ❤️😁

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. ..බොහෝම ස්තූතියි උපසිරැසියට.lg

  5. බොහෝම ස්තූතියි උපසිරැසියට.

  6. බලන් හිටිය සබ් එකක් ❤️

  7. Lovely movie 😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login