How to Make a Killing (2026) Sinhala Subtitles
How to Make a Killing (2026) Sinhala Subtitles
6.5
44
84

How to Make a Killing (2026) Sinhala Subtitles | “ ඝාතනයක් කරන්නේ කෙසේද? ” | සිංහල උපසිරැසි සමඟ

(How to Make a Killing (2026) Sinhala Subtitles) (How to Make a Killing (2026) Sinhala Subtitle) (How to Make a Killing (2026) Sinhala Sub)

භාෂාව: ඉංග්‍රීසි
ශෛලිය: ත්‍රිල්ලර් / අපරාධ / විනෝදාත්මක

අධ්‍යක්ෂණය –ජෝන් පැටන් ෆෝර්ඩ්
රචනය – ජෝන් පැටන් ෆෝර්ඩ්
මූලාශ්‍රය – ඊශ්‍රායල ශ්‍රේණිගත කිරීම: අපරාධකරුවෙකුගේ ස්වයං චරිතාපදානය (රොයි හෝර්නිමන්ගේ කෘතිය)
නිෂ්පාදනය – ග්‍රැහැම් බ්‍රොඩ්බෙන්ට්, පීට් චර්නින්
රංගනය – ග්ලෙන් පවෙල්, මාග්‍රට් ක්වාලි, ජෙසිකා හෙන්වික්, බිල් කෑම්ප්, සැක් වුඩ්ස්, ටොෆර් ග්‍රේස්, එඩ් හැරිස්*නාරේෂන් –* Glen Powell
රූපගත කිරීම – ටොඩ් බන්හස්ල්
සංස්කරණය – හැරිසන් ඇට්කින්ස්
සංගීතය – එමිල් මොසෙරි
නිෂ්පාදන සමාගම – බ්ලු පික්චර්ස්
බෙදාහැරීම – ස්ටූඩියෝ කෙනල්
නිකුත් වූ දිනය –2026 පෙබරවාරි 20 (ඇමරිකාව) / 2026 මාර්තු 11 (එක්සත් රාජධානිය) / 2026 මාර්තු 25 (ප්‍රංශය)
රට – ප්‍රංශය / එක්සත් රාජධානිය
කාලය – මිනිත්තු 105

### 🎬 කතාව

හව් ටු මේක් අ කිලින්ං කියන්නේ, උපතේ සිටම තමන්ගේ ධනවත් පවුලෙන් ප්‍රතික්ෂේප වුණු “බෙකට් රෙඩ්ෆෙලෝ” ගැන කතාවක්.

ජීවිතේ අහිමි වුණු දේ නැවත ලබාගන්න ඔහු තීරණය කරනවා ,ඒකට යන්නෙ තවත් බරපතලම මාර්ගයක්. තමන්ට හිමි විය යුතු වාසිය (inheritance) ලබාගන්න, එයා තමන්ගේම පවුලේ සාමාජිකයන් එකින් එක ඉවර කරගෙන යනවා.

කතාව තවත් රසවත් වෙන්නේ, එයා මේ සියල්ල කරලා අවසානයේ මරණ දණ්ඩනයට මුහුණ දෙමින්, පූජකයෙකුට තම කතාව කියන තැනින්.

පළිගැනීම, ලෝභය, සහ ජීවිතයේ “අයිතිය” කියන අදහස එකතු වෙලා, කතාව විනෝදාත්මක ලෙස ගලා යනවා.

⚡ විශේෂත්වය

මෙය 1949 දී නිකුත් වූ “කයින්ඩ් හාර්ට්ස් & කොරොනෙට්ස්” කියන චිත්‍රපටයෙන් සෘජුවම ආභාෂය ගත්ත, අලුත් විනෝදාත්මක ත්‍රිල්ලර් එකක්.

කතාව ඉක්මන් ගමනකින්, ටිකක් ඕවර් ද ටොප් විදිහට ගලා යනවා , ඒක නිසා රියැලිස්ටික් නොවුණත්, ෆන් එකක් තියෙනවා.

ග්ලෙන් පවෙල්ගේ ඇක්ටිං එක එක මේකේ ලොකු හයිලයිට් එකක් ,එයාගේ ඇක්ටිං එක නිසා ෆිල්ම් එක සුපිරියට එන්ගේජ් වෙයි.

ප්‍රතිචාර

මේක ඩීසන්ට් එන්ටර්ටේයින්මන්ට් ෆිල්ම් එකක් ලෙස විවේචකයන් විසින් සලකලා තියෙනවා.
කතාව ෆාස්ට් සහ එනර්ජටීක් එකක් තියෙනවා සහ කොමඩි සහ ඩ්‍රාමා එක හොඳට බැලන්ස් වෙලා තියෙනවා.

ඒත්, කතාව ටිකක් ‍රියැලිස්ටික් නැහැ සහ ඊළඟට වෙන දේ හිතන්න පුළුවන් විදියේ තියෙනවා වගේම, ඩයලොග්ස්,ස්ක්‍රීන් ප්ලේ එක තවත් වෙනස් විදියට හදන්න තිබුණා.අනිත් අයගෙත් ඇක්ටිං හොඳයි, ඒත් මතක රැඳෙන ලෙවල් එකට නැති බවත් සඳහන් වුණා.

👉 බොක්ස් ඔෆික් එකේ ලොකු හිට් එකක් වුණේ නෑ, ඒත්…

අවසානයේ, “හව් ටු මේක් අ කිලින්ං” කියන්නේ සුපිරි මාස්ටපීස් ෆිල්ම් එකක් නොවුණත්, රිලැක්ස් වෙලා බලන්න පුළුවන්, ෆන්, ස්ටයිලිස් ත්‍රිල්ලර් ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
බ්‍රයන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
බ්‍රයන්

December 1, 2025


22
Total Subtitles

One comment

  1. තෑන්ක්ස් බ්‍රයන් සහෝ මේකට සබ් දුන්නට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login