The title of the page
Horimiya:Piece (2023) S01 E07 Sinhala Subtitles
Horimiya:Piece (2023) S01 E07 Sinhala Subtitles
8.3
100

Horimiya:Piece (2023) S01 E07 Sinhala Subtitles | “මිතුරන්ගේ උදව්” | සිංහල උපසිරැසි සමඟ

සුපුරුදු විදිහටම ඇනිමෙ රසිකයො හැමෝවම කොන්නිචිවා කියල පිළිගන්නවා. මේ 2023 අවුරුද්දෙ Summer Season එකේ නිකුත් වුනු පළවෙනි ඇනිමෙ සිරීස් එකේ සිංහල උපසිරැසියයි මේ අරන් එන්නේ. Horimiya කියන නම අහපුවම හැමෝටම ඉක්මනට මතක් වෙන්නෙ Horimiya (2021) ඇනිමෙ සීරීස් එක. අපි ඒ සීරීස් එකටත් සම්පූර්ණයෙන්ම සිංහල උපසිරැසි අරන් ආවා ඔයාලට මතක ඇති.❤️ ඉතින් මේ අරන් එන්නේ Horimiya:Piece සීරීස් එක. මේ සීරීස් එක announce කලේ මේ පසුගිය Anime Japan event එකේදි. තවත් තැනක Horimiya:The Missing Pieces කියන නමිනුත් දකින්න ඇති. ඒකත් මේ සීරීස් එකම තමයි.

ජූලි 1 වෙනිදා පළවෙනි කොටසින් විකාශය අරඹපු මේ කතාවෙ මුළු කොටස් ගණන, මිනිත්තු 23 බැගින් වුනු කොටස් 13 ක් ලෙසින් සඳහන් වෙනවා. Romance, School, Shounen කියන Genre වලට අයත් වෙන මේ සීරීස් එක වෙනකොට MyAnimeList හි 8.33 ක අගයක් වගේම IMDB හි 8.2 ක අගයක් ලබාගෙන තියෙනවා. මේ Horimiya:Piece සීරීස් එකට adapt වෙන්නෙ HERO සහ Daisuke Hagiwara ගේ Horimiya manga සීරීස් එක සහ HERO ගේම Hori-san to Miyamura-kun නම් original webcomic එකයි.

Horimiya Manga Cover Volume 1

කලින් සීරීස් එක වගේම මේකෙත් animation production එක CloverWorks studio එකෙන් සිදු කරනවා. කතාවෙ Opening Theme එක වෙන “Shaiwase” ගීතය Omoinotake කණ්ඩායම ගායනා කරන අතරෙ Ending Theme එක වෙන “URL” ගීතය Ami Sakaguchi විසින් ගායනා කරනවා. මේ දෙකම හරිම ලස්සන ගීත දෙකක් බව කියන්නම ඕනි.🎶❤️

හැබැයි මේක කලින් ආපු Horimiya සීරීස් එකේ season 2 එක නම් නෙමෙයි. එහෙම කියන්නෙ මොකද, මේකට ඇතුළත් වෙන්නෙ කලින් ඇනිමෙ එකට ඇතුළත් නොවෙච්ච වගේම manga එකෙන් කලින් සීරීස් එකට adapt නොවුනු කතාවක්.  Horimiya (2021) සීරීස් එක අවසානයෙදි ඔයාට මතක ඇති කතාවෙ ප්‍රධාන චරිත දෙක වෙන හොරි කියොකෝ සහ මියමුරා ඉසුමි දෙන්නා අනිත් හැමෝමත් එක්ක උපාධිය සම්පූර්ණ කරනවා. හැබැයි මේ Horimiya:Piece සීරීස් එකේ යන්නෙත් ඒ කාලෙටම වගේ අයිති වෙන සිදුවීම් මාලාවක්. කතාවෙ වෙන්නෙ මොකක්ද කියල නම් කියන්න යන්නෙ නෑ. හැබැයි ගත්තු ගමන්ම මේකෙ romance එකක් දකින්න නම් නෑ. හැබැයි ඉදිරියේදී යමක් සිද්ධ වේවි.😅 තවත් වැඩි දෙයක් කියන්නෙ නෑ. මීට කලින් ආපු Horimiya (2021) සීරීස් එක නොබලපු කෙනෙක් ඉන්නවා නම් ඒකත් බලල ඉවර කරල මේකත් බලන්න පටන් ගන්න කියල ආරාධනා කරනවා.

2023 අවුරුද්දෙ Summer Season එකේ නිකුත් වුනු පළවෙනි ඇනිමෙ සිරීස් එක වගේම පළවෙනි RomCom ඇනිමෙ සීරීස් එක වෙන Horimiya:Piece ඇනිමෙ කතා මාලාවේ 7 වන කොටසේ සිංහල උපසිරැසියයි මේ අරන් එන්නේ. මේ කොටසට යන්න කලින් කලින් කොටසේ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු.

මියමුරා ඇතුළු කිහිප දෙනෙක් වෙනින් යාළුවෙක්ගෙ ගෙදරක රැයක් ගත කරන්න ගිහින් ඉන්න හැටි අපිට කලින් කොටසේ මුලදි දකින්න ලැබුනා. එහෙදිත් හැමෝටම නිදාගන්න විදිහක් නැතුව එක එක ප්‍රශ්න. ඒත් ඒ ප්‍රශ්න වලට විසඳුම් එයාලම හොයා ගත්තා. ඊට පස්සෙ පාසලේදි යාළුවො යාළුවො අතර වෙන නොයෙක් සිදුවීම් මාලාවක් තමයි අපිට දකින්න ලැබුනේ.

මේ කොටසින් අපිට දකින්න ලැබෙන්නෙ මිතුරන්ගේ කතාවක්. මිතුරො අපිට කොච්චර නම් වටිනවද. සමහරවිට අපේම වයසේ නොවුනත් හැමෝගෙම උදව් ඕනි වෙන වෙලාවක් එනවා. අන්න ඒ වගේ අවස්ථාවන් කිහිපයක් මේ කොටසින් බලාගන්න ලැබෙනවා. නරඹන්න එහෙනම් මේ කොටසත්. උපසිරැසිය ගැන පහළින් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් මීළඟ සතියෙදි Horimiya:Piece 8 වෙනි කොටසින් මුණ ගැහෙමු.

Episode Name : Friends
Aired Date : 2023.08.12
IMDB Rating : 8.0

ලංකන් weebs වෙනුවෙන් – මලිත් කෞෂාල්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login