The title of the page
Horimiya:Piece (2023) S01 E01 Sinhala SubtitlesSinhala Subtitles
Horimiya:Piece (2023) S01 E01 Sinhala SubtitlesSinhala Subtitles
8.3
100

Horimiya:Piece (2023) S01 E01 Sinhala Subtitles | හොරි-මියා ප්‍රේම වෘතාන්තය නැවතත්… | සිංහල උපසිරැසි සමඟ

සුපුරුදු විදිහටම ඇනිමෙ රසිකයො හැමෝවම කොන්නිචිවා කියල පිළිගන්නවා. මේ 2023 අවුරුද්දෙ Summer Season එකේ නිකුත් වුනු පළවෙනි ඇනිමෙ සිරීස් එකේ සිංහල උපසිරැසියයි මේ අරන් එන්නේ. Horimiya කියන නම අහපුවම හැමෝටම ඉක්මනට මතක් වෙන්නෙ Horimiya (2021) ඇනිමෙ සීරීස් එක. අපි ඒ සීරීස් එකටත් සම්පූර්ණයෙන්ම සිංහල උපසිරැසි අරන් ආවා ඔයාලට මතක ඇති.❤️ ඉතින් මේ අරන් එන්නේ Horimiya:Piece සීරීස් එක. මේ සීරීස් එක announce කලේ මේ පසුගිය Anime Japan event එකේදි. තවත් තැනක Horimiya:The Missing Pieces කියන නමිනුත් දකින්න ඇති. ඒකත් මේ සීරීස් එකම තමයි.

ජූලි 1 වෙනිදා පළවෙනි කොටසින් විකාශය අරඹපු මේ කතාවෙ මුළු කොටස් ගණන, මිනිත්තු 23 බැගින් වුනු කොටස් 13 ක් ලෙසින් සඳහන් වෙනවා. Romance, School, Shounen කියන Genre වලට අයත් වෙන මේ සීරීස් එක වෙනකොට MyAnimeList හි 8.33 ක අගයක් වගේම IMDB හි 8.2 ක අගයක් ලබාගෙන තියෙනවා. මේ Horimiya:Piece සීරීස් එකට adapt වෙන්නෙ HERO සහ Daisuke Hagiwara ගේ Horimiya manga සීරීස් එක සහ HERO ගේම Hori-san to Miyamura-kun නම් original webcomic එකයි.

Horimiya Manga Cover Volume 1

කලින් සීරීස් එක වගේම මේකෙත් animation production එක CloverWorks studio එකෙන් සිදු කරනවා. කතාවෙ Opening Theme එක වෙන “Shaiwase” ගීතය Omoinotake කණ්ඩායම ගායනා කරන අතරෙ Ending Theme එක වෙන “URL” ගීතය Ami Sakaguchi විසින් ගායනා කරනවා. මේ දෙකම හරිම ලස්සන ගීත දෙකක් බව කියන්නම ඕනි.🎶❤️

හැබැයි මේක කලින් ආපු Horimiya සීරීස් එකේ season 2 එක නම් නෙමෙයි. එහෙම කියන්නෙ මොකද, මේකට ඇතුළත් වෙන්නෙ කලින් ඇනිමෙ එකට ඇතුළත් නොවෙච්ච වගේම manga එකෙන් කලින් සීරීස් එකට adapt නොවුනු කතාවක්.  Horimiya (2021) සීරීස් එක අවසානයෙදි ඔයාට මතක ඇති කතාවෙ ප්‍රධාන චරිත දෙක වෙන හොරි කියොකෝ සහ මියමුරා ඉසුමි දෙන්නා අනිත් හැමෝමත් එක්ක උපාධිය සම්පූර්ණ කරනවා. හැබැයි මේ Horimiya:Piece සීරීස් එකේ යන්නෙත් ඒ කාලෙටම වගේ අයිති වෙන සිදුවීම් මාලාවක්. කතාවෙ වෙන්නෙ මොකක්ද කියල නම් කියන්න යන්නෙ නෑ. හැබැයි ගත්තු ගමන්ම මේකෙ romance එකක් දකින්න නම් නෑ. හැබැයි ඉදිරියේදී යමක් සිද්ධ වේවි.😅 තවත් වැඩි දෙයක් කියන්නෙ නෑ. මීට කලින් ආපු Horimiya (2021) සීරීස් එක නොබලපු කෙනෙක් ඉන්නවා නම් ඒකත් බලල ඉවර කරල මේකත් බලන්න පටන් ගන්න කියල ආරාධනා කරනවා.

සතියකට එක කොටස ගානෙ එන මේ සීරීස් එකේ සිංහල උපසිරැසියත් ongoing ම දෙන්න අපි තීරණය කළා.✌️ මතකයිනේ කලින් කිව්වා මේ අරන් ආවෙ පළවෙනි කොටස. ඒ කියන්නෙ සතියකට එක කොටසයි එන්නේ. කොටස් එන ඉක්මනට අපිට උපසිරැසිය හදන්න නම් වෙන්නෙ නෑ. සමහරවිට දවස් 4-6 ත් අතර කාලයක් යන්නත් පුලුවන්. උපරිම උත්සහයක් දරල මේ සීරීස් එකේ උපසිරැසිය පුලුවන් ඉක්මනින් දෙන්නම්. මොකද ඇත්තටම ඉක්මනින් ඉවර කරගන්න එක ඔයාලට වගේම අපිටත් හරිම පහසුවක්. එහෙනම් මීළඟ සතියෙදි Horimiya:Piece 2 වෙනි කොටසින් මුණ ගැහෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Episode Name : The Journey Begins
Aired Date : 2023.07.01
IMDB Rating : 7.8

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

5 comments

  1. witcher s3 sub denne ndd😒

  2. TEP
    Cineru_users

    me season 2 bro 1 eke .

  3. Senura sandaruwan

    One punch man gennako

  4. Jujutsu kaisen season 02 ekath mehemma gemu

  5. බොහෝම ස්තූතියි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login