The title of the page
Hit and Run Squad 2019 Sinhala Subtitle
Hit and Run Squad 2019 Sinhala Subtitle
5.8
89

Hit-And-Run Squad (2019) Sinhala Subtitles |”හිට් ඇන්ඩ් රන් කාර්යංශය”| සිංහල උපසිරැසි සමඟ

(Hit And Run Squad (2019) Sinhala Subtitles) (Hit And Run Squad Sinhala Sub)

ඔන්න එහෙනම් අද මම ඔයාලාට අරගෙන ආවා 2019 අවුරුද්දෙදි තිරගත වුන තවත් නියම කොරියනු චිත්‍රපටියක්. 2019 ජනවාරි 30 දා තමා මේ Hit And Run Squad චිත්‍රපටිය නිකුත් වුණේ..Action-Crime කාණ්ඩය යටතේ නිකුත් වුණ මේ චිත්‍රපටිය පැය 2 විනාඩි 13ක ධාවන කාලයකින් යුක්ත වෙනවා.මේ වෙනකොට IMDb අගය 5.8 කුත් 89% ක ගූගල පරිශීලක කැමැත්තකුත් මේ චිත්‍රපටියට හිමිවෙලා තියෙනවා.

Ryn jun-yeol(kim min-jae),Jo jung-suk(Jeong jee),Gong hyu-jin( Eun si-yeon) ප්‍රධාන වශයෙන් මේ චිත්‍රපටියට රංගනයෙන් එකතු වෙනවා.ඒ වගේම මේ චිත්‍රපටිය ඇ.ඩො.මි 13 ක ආදායමකුත් උපයාගන්න සමත් වුනා..

කථාවත් ටිකක් මම පැහැදිලි කරලම යන්නම්.යූන් ෂි කියන්නේ පොලීසියේ විමර්ෂණ ඒකකයේ නිලධාරිනියක්.එයයි එයාගේ ප්‍රධානීතුමිය ඇතුළු කණ්ඩායමයි මේ වෙනකොට කොරියානු පොලීසියේ කොමසාරිස්වරයෙක්ගේ අල්ලස් ගැනීමක් ගැන විමර්ශණ කරමින් ඉන්නවා.ඒකේ අනිත් සැකකාරයා තමා JC මෝටර්ස් සමාගමේ සභාපති ජුන්ග්.ඒත් ජුන්ග් තමන්ගේ ආරක්ෂාවටත් කියලා කොමසාරිස්ට අල්ලස් දෙන එක තමන්ගේ කාර් එකක ඩෑෂ් කැමරාවකින් රෙකෝඩ් කරගන්නවා.ඒ කාර් එකත් විශේෂ් කාර් එකක් ,ඒකේ නම තමා බස්ටර්. මේ වීඩියෝ සාක්ෂි ගැන ඔත්තුව ලැබිලා පොලිස් කණ්ඩායම ක්‍රියාත්මක වුනත් එයාලට සාක්ෂි හොයාගන්න බැරිවෙලා අන්තිමේට අසාර්තක වෙනවා.යූන් ෂින්ව මාරු කරනවා Hit And Run යන නමින් හඳුන්වන පොලිස් කාර්‍යංශයට දඬුවමක් විදිහට.මෙතනදි තමා එයාට මින් ජේව මුණගැහෙන්නෙ.මින් ජේ කියන්නේ පොලීසියේ මොළකාරයෙක්. Hit And Run කණ්ඩායමත් සභාපති ජුන්ගේ සිදුවීමක් ගැන විමර්ශනය කරකර ඉන්නවා කියලා යූන් ෂිට දැනගන්න ලැබෙනවා.බස්ටර් කාර් එකේ තියෙන වීඩියෝ රෙකෝඩ් අරගෙන තමන්ගේ පොලීසිය දූෂණය කරන කොමසාරිස්වයි,ජුන්ග් සභාපතියි කොහොමද අල්ලගන්නෙ කියල දැනගන්න මේ චිත්‍රපටිය බලලම ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray /BRRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

10 comments

  1. සබ් එකට ගොඩාක්😺තෑන්ක්ස් සහෝ! කොරියන් ඩ්‍රාමා එකකටත් සබ් දෙමු සහෝ…🙂👍😃

  2. theeraka widuranga

    yakoooo eng sub ekka balanna baanna daapu eka/ elama bro thanx sub ekata

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. සබ් එකට ගොඩක් ස්තූතී. 😍
    The taxi driver 2021 ඩ්‍රාම එකටත් සබ් කරන්නකෝ.

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request:

    The Card Counter (2021)
    The Stronghold (BAC Nord) (2020)

  7. Krishani
    Cineru_users

    Thank you 💐💖

  8. …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  9. Thanx bro sub ekata

  10. Thanxx for sub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login