The title of the page
Harry Potter 20th Anniversary: Return to Hogwarts Sinhala Subtitle
Harry Potter 20th Anniversary: Return to Hogwarts Sinhala Subtitle
8.3
93
89

Harry Potter 20th Anniversary: Return to Hogwarts (2022) Sinhala Subtitles | “විසි වසරකට පසු හොග්වාර්ට්ස් වෙත” | සිංහල උපසිරැසි සමඟ

(Harry Potter 20th Anniversary: Return to Hogwarts (2022) Sinhala Subtitles) (Harry Potter 20th Anniversary: Return to Hogwarts Sinhala Subtitle)

යාළුවෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා.. 2021දී වගේම මේ අවුරුද්දෙත් අපිත් එක්ක ඉන්න වගේම සිනෙරූ අපි ගැන නොදන්න අයටත් අපි ගැන කියන්න කියලා ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා.. හොඳයි එහෙනම් සබ් එක පැත්තට යමු..

Harry Potter කිව්වම දන්නෙ නැති මනුස්සයෙක් මේ ලෝකෙ ඉන්න විදිහක් නෑනේ, එහෙම ඉන්නවා නම් ඒ මනුස්සයගෙන් වැඩකුත් නෑ..😁මට නම් Harry Potter කියන්නේ පිස්සුවක්. පොඩි කාලෙ සිරසෙන් හඬ කවපු ෆිල්ම් 3 විතරයි මුලින්ම බලලා තිබ්බේ මොකද ඒ කාලෙ අන්තර්ජාලය ගැන දන්නෙවත් නෑනේ..ලොකු වෙද්දී මේකේ තව ෆිල්ම් තියෙනවා කියලා දැනගෙන ඒවත් බලලා තමා මේ පිස්සු හැදෙන ෆැන්ටසියට හිත ඇදිලා ගියා.. මං හිතන්නේ ලංකාවේ හුඟක් අයත් මං විදිහටමයි මේකට ඇබ්බැහි වෙන්න ඇත්තේ.. ලෝකෙ පුරාම විශාල ප්‍රේක්ෂක පිරිසක් Harry Potter එක්ක එකතුවෙලා ඉන්නවා. මොකද වයස් බේදයක් නැතුව මේකට මිනිස්සු පිස්සු වැටුණා. හුඟක් අය තව ෆිල්ම් හදන්න කියලා පවා ඉල්ලීම් කරා Harry Potter: Cursed Child වැනි පොත් පාවිච්චි කරලා, ඒත් ඒකට ප්‍රතිචාර විදිහට කෙලින්ම ලැබුණ උත්තරය තමයි නැවත හැරී පොටර් ෆිල්ම් නිෂ්පාදනය නොකරනවා කියන එක.. කොහොමහරි හැරි පොටර් ෆිල්ම් නැතිවුණත් ඒ වෙනුවට හැරීලට කලින් කාලේ, ඒ කියන්නේ ඩම්බෙල්ඩෝලගෙ තරුණ කාලේ අල්ලලා Fantastic Beast කියලා වෙනම ෆිල්ම් සීරිස් එකක් නිර්මාණය කරන්න පටන්ගත්තා. දැනටමත් ෆිල්ම් 2ක් ඇවිල්ලා ඉවරයි. 3 වෙනි එක මේ අවුරුද්දේම එනවා කියලා යාලුවො දන්නවා ඇතිනේ..

හොඳයි කොහොමින් කොහොමහරි 2022 ජනවාරි 1 වෙද්දී, හැරි පොටර් පළවෙනි ෆිල්ම් එක තිරගත කරලා හරියටම අවුරුදු 20ක් සපිරෙනවා.. මේක හේතු කරගෙන හැරි පොටර් රසිකයින් පුදුම කරවමින් Warnor Brother ආයතනය නිවේදනය කරනවා හැරි පොටර් ෆිල්ම් මාලාවේ රංගන ශිල්පීන් යොදාගෙන අලුත් වැඩක් කරන්නයි යන්නේ කියලා.. අන්න ඒ අලුත් වැඩේ වුණේ කාස්ට් එක එකතු කරන් Reunion එකක් එහෙමත් නැත්නම් නැවත එකතුවීමක් පවත්වන එක. ට්‍රේලර් පටයක් නිකුත් කරනවත් එක්ක මේක බලන්න තියෙන ආසාව තවත් වැඩි වුණා.. සෙට් එකම දැන් හුගාක් ලොකුයි, අවුරුදු 30ත් පැනලා හුගාක් 😂මේක දැක්කම Wizarding World එකේ රසිකයෙක් වුණ මටත් ඉවසිල්ලක් නැතිවුණා මේක බලනකල්. ලස්සන වැඩක් හොඳටම කරලා තියෙනවා. මට ෆිල්ම් 8ම බලලා ඉවර වුණාට පස්සේ තව තිබුණා නම් කියලා හිතට දැනුණ එක මේක ඉවර වුණාමත් දැනුණා. මොකද ඒ තරම් රසවත්.. චරිත වලට කට්ටිය තෝරගත්ත තැනේ ඉදලා ෆිල්ම් 8ම ආවරණය වෙන විදිහට තමා මේක ගලාගෙන යන්නේ. තිරය පිටුපස දේවල් හුගාක් මේකෙන් බලාගන්න පුළුවන්.. හිනායන තැන් වගේම දුක හිතෙන තැනුත් තියෙනවා.. ඔයාලා දැනගෙන හිටියද එමා ටොම්ට කැමතිවෙලා හිටියා කියලා?? 6 වෙනි ෆිල්ම් එකෙන් පස්සේ එමා හැරි පොටර් ෆිල්ම් වලින් අයින් වෙන්න හිතුවා කියලා දන්නවද??

මේ වගේ හුගාක් නොදන්න දේවල් දැනගන්න පුළුවන්..අන්තිම විනාඩි 5 තමා දුක හිතෙනම කොටස් තියෙන්නේ.. එමා,ඩැනියෙල්,රූපට් හැමෝම අ‍ඬනවා සුන්දර අතීතය මතක් කරමින්..අන්තිමට රූපට්(රොන්) කියනවා අපිට මේක යම් තැනක නවත්තන්න වෙනවා, අපිට සඳහටම මේක කරන්න බෑ කියලා.. ඒක ඇත්ත.. හැබැයි සඳහටම හිතේ ඉඩක් නම් හැරි පොටර් කතාවට තියෙනවා.. ස්නෙප් කියනවා වගේ Alway..

තනියම බලන එකත් හොඳ නැති නිසා මං බැලුවා මේකේ උපසිරසියක් කරොත් අපේ යාලුවොන්ටත් මේක බලලා රසවිඳින්න අවස්ථාවක් තියෙනවා කියලා. ඒත් කරන්න ගත්තම තමා අමාරුව තේරුණේ.. මොකද මේක ෆිල්ම් එකක් විදිහට ගලාගෙන යන දෙයක් නෙවෙයි තමන්ගේ හිතේ රැදුණු සුන්දර මිහිරි මතක අවදි කරලා හදවතින්ම කතාකරන මිනිස්සුන්ගෙ කතාවක්.. ඉතින් එහෙම කතාබහක් සිංහල හරවනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි මොකද මට ඉංග්‍රීසි දැනුම 100%ක්ම තිබ්බත් බෑ සමහර තැන් තේරුම්ගන්න.. ඒ නිසා සමහර තැන්වල අඩුපාඩු තිබ්බොත් ඒකට සමාව ඉල්ලනවා.. ඒත් පුළුවන් උපරිම සාධාරණයක් කරලා තියෙනවා මං සබ් එකට..

එහෙනම් කට්ටියම පහළින් සබ් එකයි වීඩියෝ එකයි අරන් මේ වෙනස් අත්දැකීම විදින්න කියලා මං හැමෝගෙන්ම ඉල්ලනවා. මතක් කරලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්න ඒක අපිට ලොකු හයියක්..

..උපසිරැසිකරණයේ නව්‍ය රැල්ල සිනෙරු..

(Harry Potter Sinhala Subtitle) (Harry Potter 20th Anniversary Sinhala Subtitle)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

32 comments

  1. අඩෝ තෑන්ක්ස් බන්

  2. Woooooww , 😍😍😍

  3. Thanks brother sub ekata hodatama sub dila tiyenwa

  4. අඩෝ තැන්ක්ස් බ්‍රෝ…. සබ් එක එනක්න් බලාගෙන හිටියේ…..

  5. ME FILM EKA KOHOMADA DOWNLOAD KARAGANNE

    • වීඩියෝ පිටපත් කියන තැනින් ඩවුන්ලෝඩ් කරගන්න..VPN off කරලා සයිට් එකට ලොග් වෙන්න..

  6. Woah, That’s a great memory….
    Thank you very much for sub

  7. thank you……..

  8. Thank you❤️

  9. Gdk thanx me krpu deet english koom terunth sinhala wge dnenn meem sub ekk dunn ekt gdk tnx

  10. බොහොම ස්තුතියි නියම වැඩක්

  11. Mektanm pin brooo…pin kiynnneeee ayeeew pinnn

  12. MINURA LAKSHITHA

    THANKS….

  13. tep
    Cineru_users

    thanks bro.loku help ekak.

  14. බොහොම ස්තුතියි නියම වැඩක්

  15. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  16. අඩේ තැම්ස් මචන්. ඔයාලා තමයි මුලිම්ම sub එක දීලා තිබුනෙ 😍😍😍😍❤️🔥

  17. ela thank sube ekata jayawewa.

  18. brother thank u sub ekata

  19. Thilinda Randeera

    නියමයි මචන්, එලම වැඩක් ඈ ❤❤

  20. harry plotter kochchara baluwath epa wenne na😪😪 thawa thawa balanna asa hithenawa😪😪💜💜💜💜💜💜💜💜💜💜💜

  21. මේකෙ පොඩි අවුලක් යනවනේ මම දැන් දෙපාරක් film එක download කරා 99 ට යනකන් හොඳට download වෙලා 100 වුන ගමන් film එක නැති වෙලා යනවනේ මොකද කරන්නෙ ?

    • ලින්ක් වලනම් අවුලක් නෑ මචං..ඩවුන්ලෝඩ් වෙනවා..බ්‍රවුසර් එක මාරු කරලා බලන්න ටිකක්..

  22. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  23. The file you are trying to download is no longer available
    This could be due to the following reasons:
    The file has been removed because of a ToS or AUP violation
    Invalid URL – the link you are trying to access does not exist
    The file has been deleted by the user
    kiyala kiyanavane

    • Ashen Maduranga(චූටියා)
      Cineru Family Member

      එහෙම වෙන්නෙ එකම වෙලාවක කීපදෙනෙක්ම ලින්ක් එකට ලොග් වෙන නිසා , මෙගා ලින්ක් එකෙන් ට්‍රයි කරල බලන්න

  24. ගොඩක් ස්තූතියි සිංහල උපසිරසියට…🤗❤️

  25. බොහොම ස්තුතියි සහෝ… ජය වේවා…❤️❤️❤️

  26. Thanks video ekekath ddunnata

  27. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login