The title of the page
Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Subtitles
Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Subtitles
8.2
82
95

Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Subtitles | “මන්දාකිණියේ ආරක්ෂකයෝ” | සිංහල උපසිරැසි සමඟ

(Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Subtitles) (Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Subtitle) (Guardians of the Galaxy 3 Sinhala Subtitle) (Guardians of the Galaxy Sinhala Subtitle)

හායි යාලුවනේ හුග දවසකින් ඔයාලව හම්බවෙන්න ආවේ.. කාර්යබහුල වීමත් එක්ක සෑහෙන දවසකින් උපසිරැසියක් කරන්න බැරිවුණා. කරන්න කියලා හිතාගෙන හිටිය ඒවත් මඟෑරුණා. ඒවායෙන් සමහර ඒවා අපේ සිනෙරූ එකේ කීපදෙනෙක් කළත් තවත් කීපයක්ම අතෑරිලාම ගියා. කොහොමහරි අද මං ඔයාලට අරන් ආවේ 2023 අවුරුද්දේ තිරගත වුණ තවත් අතිසාර්ථක චිත්‍රපටියකට උපසිරැසිය. Marvel විශ්වයේ කාලෙකට පස්සේ ආව ලස්සනම ස්ටෝරිය කීවොත් මං නිවැරැදි. ඒ වෙන මොකක්වත් නෙවෙයි Guardians of the galaxy තුන්වෙනි චිත්‍රපටිය.

පළවෙනි චිත්‍රපටි 2 වගේම මේකත් ලස්සනට කරලා තියෙනවා. MCU එකේ අන්තිමට ආව ෆිල්ම් ඔක්කොම වගේ ප්‍රේක්ෂක අප්‍රසාදයට ලක්වුණා ස්ටෝරියේ අවුල් නිසා. ඒත් ජේම්ස් ගන් Guardians of the galaxy එකනම් සුපිරියටම කරලා තියෙනවා. කලින් ෆිල්ම් වල වගේම සිංදු ටිකත් සුපිරි. කතාව හැම අතින්ම බැලන්ස්. Action/Emotional හැම පැත්තෙන්ම.

සුපුරුදු විදිහට පීටර්, නෙබූලා, මැන්ටිස්, ඩ්‍රැක්ස්, රොකට්, කොස්මෝ, ක්‍රැග්ලින් ඇතුළු ප්‍රධාන චරිත ටික දැකගන්න පුළුවන්. ඒත් එක්කම ගමෝරාගේ නැවත පැමිණීමත් අපිට දකින්න ලැබෙනවා.

මේකෙදී අලුත් චරිතයක් අදුන්වලා දෙනවා ඒ තමයි ඇඩම් වෝලොක්.

ෆිල්ම් එකේ දුෂ්ටයෙක් ඉන්නත් එපැයි. මේ පාර චිත්‍රපටියේ දුෂ්ටයා තමයි High Evolutionary එහෙම නැත්නම් සිංහලෙන් උසස් පරිණාමවාදියා.

මේපාර කතාව දිගහැරෙන්නේ අපේ රොකට් සම්බන්ධව. රොකට්ට සිද්ධවෙන කරදරයක් වටා තමයි කතාව ගොඩනැගෙන්නේ වගේම මේකෙදී අපිට රොකට්ගේ ආරම්භය එහෙම නැත්නම් රොකට්ගේ අතීත කතාව දකින්න පුළුවන්.

ඒ වගේම මේක තමයි Guardians of the galaxy චිත්‍රපට මාලාවේ අවසාන චිත්‍රපටිය. ඉස්සරහට MCU එක ඇතුලේ ගාඩියන්ලාට මොන වගේ තැනක් ලැබෙයිද කියලා කිසිම ආරංචියක් නෑ. හැබැයි පීටර්(ස්ටාර්-ලෝඩ්) නම් ඉස්සරහට එනවා කියලා චිත්‍රපටිය අවසානයේ සටහනක් තියනවා.

ඒවගේම ඩ්‍රැක්ස් චරිතය කරන අපේ බැටිස්ටා කියලා තියෙනවා මේක තමයි එයා රඟපාන අවසාන MCU චිත්‍රපටිය කියලා. ඒ කියන්නේ අපිට ඩ්‍රැක්ස්ව මේකෙන් පස්සේ ආයේ දකින්න වෙන්නේ නෑ.

ඒ කියන්නේ මේ ගාඩියන්ලාගේ අවසානයද???

ඒක දැනගන්න නම් ඔයාලට චිත්‍රපටිය බලන්නම සිද්ධවෙනවා. අනිවාරෙන්ම ඔයාලා බලන්න ඕන හොඳට එන්ජෝයි කරන්න පුළුවන් චිත්‍රපටියක් කියලා මං විශ්වාසයෙන් කියනවා.

එහෙනම් කමෙන්ට් එකකුත් දාගෙනම ගිහින් චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා.

ඔයාලට ජයවේවා..!!!

අලුත් උපසිරැසියකින් ඉක්මනින් හමුවෙමු…

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරු ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

18 comments

  1. Tnx sago…. balanma idapu ekak….

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුපුන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    • කැමරා කොපියක් නේ 😒😒 අපරාදේ data ටික.. කැමරා කොපියක් නම් ඒ බව මෙහි දමන්න.. 🙏

      • පොඩ්ඩක් ඇස් ඇරලා බලන්න..පහළින් රතු පාටින්මත් දාලා තියෙන්නේ..🤦

  3. thank you!!!!!!!!!

  4. IMAX WEB-DL Available bro

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Fast update……………….
    Double thanks supun saho……!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      The Out-Laws (2023)

  6. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

  7. nice thanks bro

  8. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  9. Thanks for the sub!!!!!!!

  10. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

  11. Tnx sub ekt ..

  12. Kosala thilakarathne

    sub ekata thnaks,,,, Meka cam copy da?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login