The title of the page
Great White (2021) Sinhala Subtitles
Great White (2021) Sinhala Subtitles
6.4
64

Great White (2021) Sinhala Subtitles | මිනීමැරු මෝරු | සිංහල උපසිරැසි සමඟ

(Great White (2021) Sinhala Subtitles) ඉතින් කොහොමද යාළුවනේ.. ඔන්න ඉතින් අද අරගෙන ආවේ මිනීමරු මෝරු සම්බන්ධ චිත්‍රපටයක්. Great White කියන්නේ 2021 අවුරුද්දේ මේ මාසේ රිලීස් වුණ ඕස්ට්‍රේලියානු දිවි ගලවා ගැනීමේ ත්‍රාසජනක චිත්‍රපටයක්.මේක 2019 අවුරුද්දේ රිලීස් වුණ හුඟ දෙනෙක් බලපු 47 meters down uncased කියන මිනීමැරු මෝරු සම්බන්ධ චිත්‍රපටය නිෂ්පාදනය කරපු කණ්ඩායමේම නිර්මාණයක්.

මේක Martin Wilson විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර රචනය කළේ Michael Boughen විසිනි. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක වෙන කේස් ෆෙලෝව්ස් හා චාලි බ්‍රෝඩි කියන චරිත පිළිවලින් Katrina Bowden හා Aaron Jakubenko කියන ප්‍රසිද්ධ රංගන ශිල්පියා හා ශිල්පිනිය රඟ දක්වනවා.

චිත්‍රපටයේ කතාව දිවෙන්නේ විශාල සුදු මෝරුන් දෙදෙනෙක් හා වෙරළේ සිට සැතපුම් ගණනක් දුර මුහුදේ අතරමං වුණු මුහුදු ගුවන් යානයක මගීන් පස් දෙනෙකු වටා වේ.

* දැන් මේ මිනීමරු සුදු මෝරු ගැන මං දන්න සහ හොයාගන්න පුළුවන් වුණ පොඩි තොරතුරු ටිකක් ඔයාලට කියන්නයි යන්නේ.. කැමති අය කියවන්න.. කම්මැලි වගේ නම් පහළින් සබ් එකයි ෆිල්ම් එකයි අරන් නිදහසේ නරඹන්න කියලා ඉල්ලනවා..

හරි. එහෙනම් මෙහෙමයි,

විශාල සුදු මෝරා, සුදු මෝරා, සුදු පොයින්ටරයා නැත්නම් සරලව මහා සුදු මෝරා විදිහට හඳුන්වනවා, විශාල මැකරල් මෝර විශේෂයක් වන මේ මහා සුදු මෝරා සියලුම ප්‍රධාන සාගරවල වෙරළබඩ මතුපිට ජලයේදී දැකින්න පුළුවන්.
මොවුන් බිත්තර මඟින් බිහිවේ.
• ස්කන්ධය: 520 – 1,100 kg (වැඩිහිටි)
• සංරක්ෂණ තත්ත්වය: අවදානමට ලක්විය හැකි විශේෂයකි.
• කුලය: Carcharodon; A. Smith, 1838
• ප්‍රධාන ආහාර: ශ්‍රවණය නොමැති සීල් මත්ස්‍යයින්, මුහුදු දියබල්ලන්
• දිග: ගැහැණු සතා: 4.5 – 6.4 m (වැඩිහිටි), පිරිමි සතා: 3.4 – 4.1 m (වැඩිහිටි)

පෝෂණය ගැන බැලුවොත්,
තරුණ මහා සුදු මෝරුන් මාළු, කිරණ හා වෙනත් මෝරුන්ව ආහාරයට ගන්නවා. වැඩිහිටි සුදු මෝරුන් විශාල ගොදුරක් ආහාරයට ගන්නවා. ඒවා මුහුදු සිංහයන්, සීල් මත්ස්‍යයින්, කුඩා දත් තල්මසුන් (බෙලූගා වැනි), දියබල්ලන් සහ මුහුදු කැස්බෑවන්. ඔවුන් ඒවගේම මියගිය සතුන්වද ආහාරයට ගන්නවා. මහා සුදු මෝරුන් ඔවුන්ගේ ආහාර හැපීමක් නොකරන අතර ගිලීම සිදුකරයි.

මං හිතන්නේ හොඳ තොරතුරු ටිකක් මං ඔයාලට ගෙනාවා.. එහෙනම් ෆිල්ම් එක රසවිඳින්න..

අලුත් උපසිරැසියකින් හමුවෙමු..
• උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනේරූ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

8 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    තෑන්ක්ස් මචන් සබට❤️💕💚

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි 😍🔥

  5. Supun Sadeepa
    Cineru Family Member

    Thnx all 😍

  6. Gayan Chathuranga

    සිංහල උපසිරසියට බොහොම ස්තූතියි!
    ජය වේවා!

  7. තෑක්න්ස් මචෝ

  8. Bohoma sthuthi.. Jaya wewa!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login