The title of the page

Game Over (2019) Sinhala Subtitles | මොකද්ද මේ ටැටු එක ! | සිංහල උපසිරැසි සමග |

“කළාකාරයා හැමදම පරක්කුයි කියනවනේ….”

සුපුරුදු පරිදි පරක්කු වෙලා උපසිරැසියක් උස්සගෙන ආවා. මේක ඉතින් ටැමිල් – තෙලිගු කියන දෙකටම අයිති කියලා හිතාගන්නකො…
කවුරුත් ආදරේ කරන “නපුරි” තමා මේකේ ඉන්නේ, Thapsi Pannu… ස්ටාර්පවර් එකක් තියා ප්‍රධාන නලුවෙක් වත් නැති Drama | Thriller ඝනයට අයත් වෙන, මේ ෆිලුම IMDb අගය 7.8/10 ක් වගේ ඉහල කරකෝලා තියෙනවා… ඇත්තටම අපි දකින සාම්ප්රදායික Tamil | Thriller ෆිලුමක් වගේ නෙමේ… ලොකු වෙනසක් බලාගන්න පුලුවන්…

කතාව ගැන කීවොත් “ස්වප්නා” (තාප්සි) කියන්නේ විඩීයෝ ගේම් ඩිසයින් කරන කෙනෙක්…. අම්ම තාත්තා ගෙන් වෙන් වෙලා තනියම තමා ජීවත් වෙන්නේ… ඔහොම ඉන්න අතරේ මෙයාගේ අතේ තියෙනවා අවුරුද්දකට කලින් ගහපු ටැටු එකක් එකක්…
ඔය කාලේදිම වෙලා තියෙන මීනිමැරුමක් ගැනත් මේකේ මුලුන්ම පෙන්නවා…ඒ ටැටු එක හින්දා එක පාරටම ස්වප්නා අසනීප වෙන්න ගන්නවා… ඒක හින්දා මෙයාට සැහේන්න ප්රශ්න එන්න ගන්නවා…

❌ මොකද්ද මේ ටැටු එක…
❌ඒක හින්දා ඇයි මේ කරදර එන්නේ…
❌ටැටු එකයි මිනි මැරුමයි අතර තියෙන සම්බන්දේ මොකද්ද…
❌කවුද මේ මිනීමැරුම කරේ…
❌ස්වප්නාට ඒ මිනීමරුවගෙන් බේරෙන්න පුලුවන් වෙයිද…

ෆිල්ම් එක බලලම තමා මේ ප්රශ්න වලට උත්තර හොයන්න වෙන්නේ…
මේක නන් බලන් නෑ කියලා හිත හදාගත්ත කෙනෙක්ට කියන්නේ, අනිවා බලන්න…

“හැමදාම බලන රමුවෙන් එලියට ඇවිත් ඇස් ඇරලා බලන්න වෙනසක් තේරෙයි…”

GOOD BYE !!!
කිව්වා හැමෝටම එහෙනන් මන් ගියා පරක්කු වෙලා තව උපසිරැසියකින් මුනගැහෙමුකෝ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Silent killer සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Silent killer

July 19, 2020


38
Total Subtitles

2 comments

  1. මදුශාන් ප්‍රියංකර
    Cineru Family Member

    Supiri saho

  2. ගොඩක් පිං සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login