The title of the page
Flashback 2021 Sinhala Sub
Flashback 2021 Sinhala Sub
5.8
50

Flashback (2021) Sinhala Subtitles | සිහින මායාව හා යතාර්ථය? | සිංහල උපසිරැසි සමඟ

(Flashback 2021 Sinhala Sub)

ඔන්න යාළුවනේ මගේ දෙවනි සිංහල උපසිරැසි ගැන්වීමත් ඉක්මනටම අරන් එන්න හිතුව. කොහොම හරි උත්සහය සාර්ථක අැති කියලා හිතනවා.

IMDb Rating – 6.0

Catagory – Drama, Thriller

Google Users Like – 91%

Cast – Dylan O’Brien, Hannah Gross, Emory Cohen, Keir Gilchrist

Director – Christopher MacBride

මුලින්ම කියනවා විනෝදෙට වගේ නම් මේ ෆිල්ම් එක බලන්න ගන්න එපා කියලා. මොකද මේක තේරුම් ගන්න ටිකක් අමාරුයි කලබලේට බැලුවොත්.
ඉතින් කොහොම හරි නිදහස් වෙලාවක බලන්න. මොකද අනිවාරෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක්. මේකෙ ප්‍රධාන චරිතෙට පණ පොවන්නෙ අපි කවුරුත් දන්න චරිතයක්,
The Maze Runner 2014, The Scorch Trials 2015, The Death Cure 2018, Love And Monsters 2020.. වගේ මෑතදී වැඩියෙන් කතා බහට ලක්වුන චිත්‍රපට වලත් ප්‍රධාන චරිතයට පණ පොවන Dylan O’Brien ම තමයි. ඉතින් ඔය ෆිල්ම් බලපු කෙනෙක් නම් අනිවාරෙන්ම මේක බලයි.

කතාව පැත්තට හැරුනොත් ෆ්‍රෙඩි ෆිට්සෙල් කියන්නෙ ව්‍යාපාරික සමාගමක විශ්ලේෂණ නිලධාරියෙක්. ඒ කියන්නේ පහුගිය ව්‍යාපාරික දත්ත අධ්‍යනය කරල අනාගතයේ ව්‍යාපාරයට වෙන්න පුළුවන් දේවල් සටහන් කරන එක තමයි මෙයාගෙ රාජකාරිය.

ඉතිං කතාව පටන් ගද්දිම මෙයාගෙ අම්මා කථා කරන්න බැරි රෝගයකින් පෙළෙන අවස්ථාවක් පෙන්නනව. ඒ මෝළේට වෙච්චි හානියක් නිසා. ඉතින් ෆිට්සෙල් රෝහලේ ඉඳලා ආපහු යද්දි මෙයාට උසස් පාසලේදි වෙච්ච සිද්ධියක් මතක් වෙනවා. ඉතින් ඒකට සම්බන්ධ කෙනා මර්කියුරි කියන මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වුණ උසස් පාසලේ ගෑණූ ළමයෙක්. ඉතින් ඔහොම පටන් ගන්න කතාව අවසාන වෙද්දි මොකක්ද මෙයාලට තේරුම් ගන්න වෙන්නේ බලන්නකෝ. ඉතින් එහෙම දකින දේවල් වල හරිම දේ, ඒ කියන්නේ අතීත සිද්ධිද හරි, එක්කො වර්තමාන සිද්ධිද හරි, නැත්නම් මේයා දකින්නෙ අනාගතයද, ඇත්තටම මෙහෙම දකින්නෙ ඇයි, හරියට එයාගෙ රැකියාවට සම්බන්ධ දේ වගේ.

ඉතින් එහෙනම් වැඩිය මුකුත් කියන්නැතුව ඉන්නම්. ඔයාලම බලල කතාව තේරුම් ගන්නකෝ. තවත් සිංහල උපසිරැසක් ගේන්න බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම සුභ දවසක්!
තෙරුවන් සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් එදිරිසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් එදිරිසිංහ

June 4, 2021


4
Total Subtitles

5 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. සබ් එකට ස්තූතියි සහෝ!

  3. තෑන්ක්ස් මචං..💛

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. sub ekata Thank you ayye

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login