The title of the page
Everything Everywhere All at Once (2022) Sinhala Subtitles
Everything Everywhere All at Once (2022) Sinhala Subtitles
8.5
95
92

Everything Everywhere All at Once (2022) Sinhala Subtitles | “හැමතැනකම..හැමදෙයක්ම..එකවර…” | සිංහල උපසිරැසි සමඟ

(Everything Everywhere All at Once (2022) Sinhala Subtitles )  (Everything Everywhere All at Once (2022) Sinhala Sub)

මෙම වසරේ (2022) මාර්තු 11 වෙනිදා මුල් වරට තිරගත වූ මෙම සලරුව අධ්‍යක්ෂණය කර ඇත්තේ Dan Kwan සහ Daniel Scheinert විසින්.Sci-fi | Adventure ගනයට අයත් වන මෙය මේ වන විට 8.5 ක් වැනි ඉහළ IMdb අගයක් ලබාගෙන තියෙනවා.ඒ වගේම මෙය ලොව පුරා ඩොලර් මිලියන 61 ඉක්මවා ඇති අතර දේශීයව ඩොලර් මිලියන 52ක් සමඟ චිත්‍රාගාරයේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටයක් ලෙසද දක්වන්න පුළුවන්.මෙහි පරිකල්පනය, අධ්‍යක්ෂණය, රංගන ශිල්පීන්ගේ කාර්ය සාධනය සහ පැවැත්මවාදය, ශුන්‍යවාදය සහ ආසියානු-ඇමරිකානු අනන්‍යතාවය වැනි තේමා හැසිරවීම ආදියට ලැබී ඇති විචාරක පැසසුමද ඉහළයි.

මුලින් බලද්දි ඇත්තටම සංකීර්ණ ගතියක් දැනෙයි.මං මෙහෙම කියන්නම්කො.එතකොට කතාව බලද්දි ටිකක් තේරුම් ගන්න ලේසි වෙයි… අහලා තියෙනවද සමාන්තර විශ්වය ගැන.පෘථිවිය වගේම තව ග්‍රහලෝකයක්…මෙහෙ ඉන්න ඔයා..මම…අපි වගේම කෙනෙක් එහෙත් ඉන්නවා…හැමදේම සමානයි.කතාවේ විදිහට මෙහෙ පොඩි වෙනසක් වුනත් ඒ වෙනසට සමාන තවත් සමාන්තර විශ්වයක් නිර්මාණය වෙනවා.ඒත් ඉතින් අපි දන්නෙ නෑනෙ එහෙ මොනාද වෙන්නෙ කියලා.ඒත් හිතන්නකො…..ඔයාට පුළුවන් උනොත් ඒ ලෝකෙ ඉන්න ඔයා වගේ කෙනාගෙ මනසට ඇතුල් වෙන්න.?ඔයාට එහෙ තියෙන දේවල් මනසින් බලන්න පුළුවන් උනොත්…?ඒ ලෝකෙ ඉන්න කෙනාගෙ හැකියාවන් දක්ෂතාවයන් ඔයාට ලැබුනොත්… ශෝක් නේද….

ඒත් මෙහෙම වුනොත්…? සමාන්තර විශ්වයන් මහ ගොඩක් තියෙනවා…ඒ හැම එකකම ඔයා වගේ කෙනෙක් ඉන්නවා… එකම වෙලාවෙ ඔයාට ඒ හැම කෙනෙක්ගෙම මනස වෙන්න වුනොත්?ඒ කියන්නෙ ඒ හැම තැනකම එකම වෙලාවෙ ඔයාට ඉන්න වුනොත්.?කී දෙනෙක් එක්ක කතා කරන්න වෙයිද?කීදාහක් සද්ද අහන්න වෙයිද? ඔළුව විකාර වෙයි නේද…?මං හිතනවා ඔයාලට පොඩි අදහසක් ඇතිවෙන්න ඇති කියලා..ඉතින් අපේ කතා නායිකාවට වෙන්නෙත් මේ වගේ දෙයක්..

ඒත් මෙහෙම වුනොත්…? සමාන්තර විශ්වයන් මහ ගොඩක් තියෙනවා…ඒ හැම එකකම ඔයා වගේ කෙනෙක් ඉන්නවා… එකම වෙලාවෙ ඔයාට ඒ හැම කෙනෙක්ගෙම මනස වෙන්න වුනොත්?ඒ කියන්නෙ ඒ හැම තැනකම එකම වෙලාවෙ ඔයාට ඉන්න වුනොත්.?කී දෙනෙක් එක්ක කතා කරන්න වෙයිද?කීදාහක් සද්ද අහන්න වෙයිද? ඔළුව විකාර වෙයි නේද…?මං හිතනවා ඔයාලට පොඩි අදහසක් ඇතිවෙන්න ඇති කියලා..ඉතින් අපේ කතා නායිකාවට වෙන්නෙත් මේ වගේ දෙයක්..

දවසක් IRS පරීක්ෂක Deirdre Beaubeirdre සමඟ රැස්වීමකට මේගොල්ලො යනවා.මේ යන අතරෙදි ලිෆ්ට් එකේදි වේමන්ඩ්ට වෙන්නෙ හිතුවේවත් නැති දෙයක්..ඒදෙයින් පස්සෙ හැමදේම සංකීර්ණ වෙනවා.හරිම කුලෑටි විදිහට හිටපු වේමන්ඩ් එක පාරටම සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක් බවට පත්වෙනවා.එව්ලින් හිතන්නෙ වේමන්ඩ්ට පිස්සු තද වෙලා කියලා වුනත් පස්සෙ මෙයා දැනගන්නවා මේ වේමන්ඩ්ගෙ ඇතුලේ ඉන්නෙ වෙනත් විශ්වයකින් ආපු වේමන්ඩ් කෙනෙක් කියලා..විශ්වාස කරන්න බැරි වුනත් සිද්ධවෙනව දේවල් එක්ක එව්ලින්ට මේක විශ්වාස කරන්නම වෙනවා..ඉතින් මේ වැඩේ නිසා එව්ලින්ට ඉන්න වෙන්නෙ දෙලොවක් අතර.ඒ වගේම විශාල සතුරෙක්ව විනාශ කරන්නත් එව්ලින්ට මෙහෙයුමක් ලැබෙනවා..ඒ කවුද කියලා මං කියන්නෙ නැහෑ..ඉතින් මේ නිසා ගොඩාක් කරදර වලට මුහුණ දෙන්න එව්ලින්ට වගේම වේමන්ඩ්ටත් සිද්ධවෙනවා”

ඉතින් මෙයාලා මේක කොහොම විසඳගනීවිද…කොහොම අවසානයක් ලැබේවිද…ඔයාලට බලලම දැනගන්න ඉතුරු කරලා මම නවතිනවා.😇

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Shawini S Lakmali (සාවි) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Shawini S Lakmali (සාවි)

March 25, 2022


14
Total Subtitles

5 comments

  1. Secret N ( නාරා )
    Cineru Family Member

    මට තාම මේ ලෝකේ ඉන්න මගේ මනසටවත් ඇතුල් වෙන්න බැරි උනා 😂😂😂
    බලන්න ඕනේ අරගෙන ෆිලුම 😎

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Shavin Malindu

    Thanks For this

  4. thanx for the sub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login