The title of the page
Enola Holmes 2 (2022) Sinhala Subtitles
Enola Holmes 2 (2022) Sinhala Subtitles
6.8
93
95

Enola Holmes 2 (2022) Sinhala Subtitles | “තරුණ ගැහැණු ළමයින්ගේ වර්ජනය” | සිංහල උපසිරැසි සමඟ

(Enola Holmes 2 (2022) Sinhala Subtitles) (Enola Holmes 2 (2022) Sinhala Sub)

ආයුබෝවන් යාළුවනේ. කොහොමද ඉතින්. හැමෝම හොදින් ඇති කියලා මම හිතනවා. ඔන්න ඉතින් තවත් සුපිරිම සුපිරි අලුත් චිත්‍රපටියක් අරගනෙ තමයි මම ආවේ. ඉතින් මං සිනෙරු එක වෙත කරන තුන්වෙනි උපසිරැසිය තමයි මේ.වෙනදා වගේම මම ස්තූති කරන්න ඕනේ මේ චිත්‍රපටියේ උපසිරැසි පරිවර්තනය කරන්න මට බාරදුන්න සමිත සහෝදරයාට.

ඉතින් මේ කතාව තමයි Enola Holmes 2 (2022). මේ නම ගොඩක් හුරු පුරුදු ඇති Enola Holmes (2020) බලපු අයට. මොකද Enola Holmes 2020 තමයි පළවෙනියටම ආපු චිත්‍රපටිය. ඒක ඉතින් ඒ කාලේ අපිව පිස්සු වට්ටපු ෆිල්ම් එකක්. ඉතින් අන්න ඒකෙන් පස්සේ තමයි 2022 Enola Holmes දෙවනි ෆිල්ම් එක මේ විදිහට තිරගත වුනේ.ඔයාලා අහලා ඇතිනේ ෂර්ලකෝ හෝම්ස් ගැන. කවුද ඉතින් ඒ නම ගැන අහලා නැත්තේ. ඉතින් ෂර්ලොක් හෝම්ස් කියන්නේ සුප්‍රකට රහස් පරීක්ෂකයෙක්නේ. එයා විසදපු සමහරක් කේස් ඉතින් හිතාගන්නවත් බැරි තරම්. ගොඩක් සූක්ෂම විදිහට තමයි ෂර්ලොක් තමන්ට හම්බෙන හැම කේස් එකක්ම හෙව්වේ. ෂර්ලොක් ගැනඅපි කතා කෙරුවත් ෂර්ලොක්ගේ නංගි වටා තමයි මේ ෆිල්ම් එකේ කතාව පාදක වෙලා තියෙන්නේ‍.

ඉතින් එනෝලා පළමු ෆිල්ම් එකේ එනෝලා ඒ කියන්නේ ෂර්ලොක්ගේ නංගී අවුරුදු 16 ලබන උපන්දිනය දවසේ උදේ නැගිටලා බලනකොට එනෝලාට දැනගන්න ලැබෙන්නේ තමන්ගේ අම්මා ගෙදර නෑ කියලා. ගියේ කොහෙද කියලා කිසිම හෝඩුවාවක් නැති නිසා, ඇයගේ වැඩිමහල් සහෝදරයෝ දෙන්නා ඒ කියන්නේ ශර්ලොක් සහ මයික්‍රොෆ්ට් ගෙදරට එනවා අම්මාව හොයාගන්න අදහසෙන්. එත් එනෝලා අම්මව හොයන්න ලෑස්ති වෙන්නේ සහෝදරයෝ දෙන්නාගේවත් උදව්වක් ගන්නේ නැතිවයි. ඉතින් ඒ යන අතරේ මගදී හමුවෙන වංශාධිපතියෙකුගේ ජීවිතය පිළිබද ප්‍රශ්නයකටත් එනෝලා මැදිහත් වෙනවා. ඔන්න ඔහොමයි Enola Holmes පළවෙනි ෆිල්ම් එකේ කතාව.

Enola Holmes දෙවනි ෆිල්ම් එකේ හෝම්ස් කෙනෙක් විදිහට එනෝලාට අත්විදින්න වෙන නොයෙකුත් අභියෝග වගේම ඇය කරන තවත් එක් වික්‍රමයක් ගැන තමයි Enola Holmes 2 (2022) මේ ෆිල්ම් එකේ අන්තර්ගත වෙන්නේ. ඉතින් 1888 වර්ශයේ ලන්ඩන් වල ගිනිකූරු කාර්මාන්ත ශාලාවක වර්ජනයක් සිදු කල කාන්තාවක් ගැන වගේම තරුණ ගැහැණු ළමයින්ගේ වර්ජනයකට අදාල කතාවක් තමයි මෙවර කතාවට පාදක කරගෙන තියෙන්නේ. ඉතින් කෝක වෙතත් මේ දෙවනි චිත්‍රපටය අවසන් වෙන්නේ තුන්වැනි චිත්‍රපටියකට ඉගි ගොඩක්ම ලබා දීලයි. ඒ කියන්නේ Enola Holmes 3 කියලා ෆිල්ම් එකක් ඒවි කියලා අපිට බලාපොරොත්තුවෙන් ඉන්න පුළුවන්.

එහෙනම් ඉතින් කතාව බලන්න කියලා මම ඔයාට ආරාධනා කරනවා. සබ් එකේ සමහරවිට අඩුපාඩු ඇති. මොකද මගේ ජෝබ් එක කරන අතරතුර තමයි මේක මම හැදුවේ. ඒක නිසා ටිකක් කල් ගියා මේක හදලා ඉවර කරන්නත්. අඩුපාඩු තිබ්බොත් අනිවා කමේන්ට් එකකින් කියන්න. එහෙනම් තවත් සුපිරි රසවත් ෆිල්ම් එකකින් මම ඔයාව නැවත හමුවෙන්නම්.
ස්තූතියි… මම ලහිරු හෂාන්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු හෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු හෂාන්

October 21, 2022


4
Total Subtitles

4 comments

  1. RIPD 2 ekt sub oneee

  2. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි හෂාන් සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login