The title of the page
Enna Solla Pogirai 2022 Sinhala Subtitle
Enna Solla Pogirai 2022 Sinhala Subtitle
6.1
64

Enna Solla Pogirai (2022) Sinhala Subtitles | “මොනවද කියන්න යන්නේ…?” | සිංහල උපසිරැසි සමඟ

(Enna Solla Pogirai (2022) Sinhala Subtitles) (Enna Solla Pogirai (2022) Sinhala Subtitle) (Enna Solla Pogirai Sinhala Subtitle)

ඔන්න අද අපි අවේ 2022 අවුරුද්ද වෙනුවෙන් නිකුත් උන අලුත්ම අලුත් ටැමිල් ෆිලුමකට සබ අරගෙන….

මේක ගිය මාසේ 13 වෙනිදා තෛයිපොංගල් ෆෙස්‍ටිවල් එක වෙනුවෙන් තමයි ෆිල්ම් හොල්වලට ආවේ..මේ ෆිල්ම් එක ඇවිත් රොමැන්ටික් කොමඩි ටයිප් එකේ ෆිලුමක්…කොහොම කොහොම හරි අපි දෙන්නා කැම් කොපියට ලයින් ගහගෙන සබ හදලා තියාගත්තා ඔරිජිනල් පිටපතක් රිලිස් උන ගමන් sync කරලා ඕගොල්ලොන්ට බලන්න අරං එන්න…

ඔන්න ඒ කිව්වා වගේම ඕගොල්ලන්ට බලන්න ෆිල්ම් එකේ සබ අපි ඔරිජිනල් පිටපත් නිකුත් වුණ ගමන්ම අරං ආවා…

මේ ෆිල්ම් එක ගැන නම් ලොකු ලොකු දේවල් කියන්න නැහැ.. හොඳ රොමැන්ටික් කොමඩියක් කියලා තමයි කියන්න තියෙන්නේ…ඒ වගෙම මරු ලස්සන සිංදු ටිකකුත් මේකෙ තියෙනවා.. Vivek–Mervin ඩබලගේ මියුසික් ගැන  අමුතුවෙන් ඕගොල්ලන්ට කියන්න ඕන නැහැනේ ඉතිං…..

මේකේ ඉන්න ප්‍රධාන නලුවා නම් මිට කලින් වැඩිය ෆිල්ම් වල දකින්න ලැබිලා නැහැ.. හැබැයි එයා ඉතින් Music වීඩියෝස් වල නම් පට්ට ෆේමස් සහ ( Secret N ) මම සිනෙරූ එක වෙනුවෙන් මුලින්ම කරපු සබ් එකත් ” Ashwin Kumar ” ගේ එකක් තමයි ” Kadhal Ondru Kanden ” Short ෆිල්ම් එක.. එතකොට මේක තමයි එයාගේ මුල්ම ප්‍රධාන චරිතය කරන ෆිල්ම් එක.. මීට කලින් ඉතින් “Oh Manappenne” එකේ එහෙම ඉඳලා තියෙනවා..

ඉතිං අපි ලොකු ලොකු වැල් වටාරං නැතුව ෆිල්ම් එකේ කතාව යන්නේ කොහොමද කියලා බලමු…

වික්‍රම් කියන්නේ ගුවන්විදුලි නිවේදකයෙක් හා අධ්‍යක්ෂකවරයෙක් විදියට වැඩ කරන කෙනෙක්..එයා මාර ඇඩ්වාන්ස් කෙනෙක්..ජිවිතේට ලව් එකක් තිබිලා නැහැ.. මොකද මිනිහා හොයන ජාතියේ කෙල්ලො හොයන්න අමාරුයි..කොහොම කොහොම හරි වික්‍රම්ගෙ ජිවිතේට ආදරේ කියන හැඟීම ගලාගෙන එන්න පටන් ගන්නවා..ගෑණු ළමයි දෙදෙනෙක් වික්‍රම් ගෙ ජිවිතේට එනවා, එක්කෙනෙක් අංජලි අනිත් කෙනා ප්‍රීති…කොහොම කොහොම හරි වික්‍රම් ගෙ බුද්ධිය සහ සිත අතර තර්කයක් නිර්මානය වෙනවා මේ දෙන්නා නිසා..අවසානෙ වික්‍රම් තමාට හිමි ජීවන සහාකාරියව හොයාගන්නවා…

“එයා හිතුවා වගෙ එක කෙල්ලෙක් කෙලින්ම හම්බවෙයි කියලා එයා හිතුවෙ නැහැ”

“එයා කතා කරනවත් එක්ක ඇද හැලුණ වැස්ස..”

” ඒ හිරි පොද සීතල”

“එයා ලගින් ආපු ඒ ස්ට්‍රෝබෙරි සුවඳ…
හැම දෙයක්ම මට විදින්න පුලුවන් වුනා…”

“මේ විශ්වය තමයි මෙ ඔක්කොම මම වෙනුවෙන් කරලා දෙන්නේ කියලා මට ඒ වෙලාවේ සැකයක් ආවා….”

මේ වගේම තවත් ලස්සන සුන්දර ෆිල්ම් එකක සබකින් ඕගොල්ලො එක්ක සෙට් වෙන්න හිතාගෙන අපි දෙන්නා එහෙනම් ආයුබොවන් කියලා යන්න යනවා…ළගදිම තවත් සබකින් සෙට් වෙමු…

ඒ වගේම ඕගොල්ලන්ගේ අදහස් උදහස් කමෙන්ට් එකකින් දාන්නත් අමතක කරන්න එපා ඕගොල්ලොන්ගෙ අගය කිරිම් හා ⁣චෝදනා අපිට ගොඩක් වැදගත්…

(Enna Solla Pogirai Sinhala Sub) (Enna Solla Pogirai 2022 Sinhala Subtitle)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

6 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Kavindu Nethmina
    Cineru_users

    Sub ekata thanks kollo

  4. තෑන්ක්ස් සබ් එකට

  5. Secret N බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login