The title of the page
7.5
97
93

Elite (2018-2021) Complete Season 01-04 Sinhala Subtitles | සම්පූර්ණ කතාමාලා හතරම එකම තැනින් | සිංහල උපසිරැසි සමඟ (18+)

පලවෙනි කතාමාලා ගැන 

හැමෝම දන්නවා ඇතිනෙ අද මොකක්ද අරගෙන එන කතා මාලාව කියලා. හැබැයි ඉතින් මේ කතා මාලාව ගැන වැඩි කතා බහට ලක් වුණේ නම් නෑ. ඒකට හේතුව වෙන්න ඇත්තෙ සිංහල උපසිරසි නැතිකම වෙන්න. සමහර තැන්වලනම් පෝස්ට් කීපයක්ම බලාගන්න පුළුවන් වුණා. මමත් මේ කතා මාලාව බලන්න ගත්තෙ මේක ගැන තිබ්බ පෝස්ට් එකක් දැකලා. ඒ වගේම මේක NETFLIX කතා මාලාවක් නිසා දෙපාරක් නොහිතාම බලන්න ගත්තා. මටනම් මේක පළවෙනි සීසන් එක බලකොටම සුපිරියටම සෙට් උන කතා මාලාවක්. අනිවාරෙන්ම ඔයාලටත් එහෙම වෙයි. මමනම් මේ වෙනකොට සීසන් තුනම බලලා ඉවරයි. 😋

දැනට මේකෙ ඇවිත් තියෙන්නෙ සීසන් තුනක් විතරයි. තවත් සීසන් දෙකක් එන්න තියෙනවා කියලා තමා දැනට නිල වශයෙන් දැනුම් දීලා තියෙන්නෙ. මේකෙ පළවෙනි සීසන් එක NETFLIX හරහා නිකුත් කරන්නෙ 2018 ඔක්තෝම්බර් 5 වෙනිදා. ඒ කියන්නෙ දැනට අවුරුදු එක හමාරකට දෙකකට විතර කලින්. මේ වෙනකන් මේකට සිංහල උපසිරසි නිර්මාණය වෙලා තිබ්බෙ නෑ. අපිට ගොඩක් අය මේකට උපසිරසි දෙන්න කියලා මැසේජ් කරලා තිබ්බා. මම හිතාගෙන හිටියෙ මේක තනියම ගහනවා කියලා. ඒත් කොහොමෙන් කොහොම හරි ඒක කරගන්න බැරිවුණා. ඒ අතරෙ තමයි අපෙ අංජුල සහෝ මේකෙ කරන්න කියලා අපේ අනිත් උපසිරසි කරන අයට කිව්වෙ. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට අද ඔයාලට පළවෙනි සීසන් එකේ කොටස් අටටම උපසිරසි දෙන්න පුළුවන් වෙලා තියෙනවා.

Élite කතා මාලාවත් Sex Education / You / Riverdale / 13 Reasons Why වගේ “Teen Drama” ඝණයට තමයි වැටෙන්නෙ. Teen කතා මාලාවලට කවුද අකමැති.Élite කතා මාලාව Spanish එහෙමත් නැත්තන් ස්පාඤ්ඤ කතා මාලාවක්. Teen Drama / Thriller / Crime ඝණයට තමයි මේ කතා මාලාව වැටෙන්නෙ. IMDb 7.6 ක් වගේම 94% ක ගූගල් පරිශීලකයන්ගෙ කැමැත්තත් ලබාගන්න මේ කතා මාලාව සමත් වෙනවා. Rotten Tomatoes එහෙමත් නැත්තන් කුණු තක්කාලියේ 97% අගයකුත් මේ කතා මාලාව ලබාගෙන තියෙනවා.

මරීනා” කියන්නෙ “ගුස්මන්ගෙ” එකම සහෝදරිය. මේ දෙන්නාම ඉගෙන ගන්නෙ එකම ඉස්කෝලෙක. එක දවසක් “සැමුවෙල්, නාදියා සහ ක්‍රිස්ටියන්” කියන තුන්දෙනත් මේ ඉස්කෝලෙට එනවා. ඒ තමයි එයාලගෙ පළවෙනි දවස. මේ අයට මේ ඉස්කෝලෙ ඉගෙනගන්න අවස්ථාව ලැබෙන්නෙ එයාලට ලැබෙන ශිෂ්‍යත්වයක් නිසා. මේකෙ ඉන්න තවත් චරිතයක් තමයි “පෝලෝ” කියලා කියන්නෙ. “පෝලෝ” තමයි “ගුස්මන්ගෙ” හොඳම යාළුවා. ගුස්මන් හැමවෙලේම වගේ ඉන්නෙ පෝලෝ එක්ක. එතකොට “කාර්ලා” තමයි “පෝලෝගෙ” ආදරවන්තියව වෙන්නෙ. එතකොට ගුස්මන්ගෙ ආදරවන්තිය තමයි “ලුක්‍රේසියා” කියන්නෙ.

මම ඔය කිව්වෙ මේකෙ ඉන්න චරිතවලින් ටික දෙනෙක් ගැන විතරයි. Money Hiest කතා මාලාවෙ හිටපු චරිත දෙකකුත් අපිට මේකෙදි බලාගන්න පුළුවන්. තව ගොඩක් චරිත මේකෙ ඉන්නවා. මේකෙ කතාව කැරකෙන්නෙ මේ අය ඉගෙන ගන්නෙ Élite කියන ඉස්කෝලෙ ඇතුළෙ වෙන එක්තරා සිදුවීමක් වටා. ඔය කවුරුත් නොහිතන දෙයක් තමයි පළවෙනි කොටසෙන්ම වෙන්නෙ. ඒත් ඒ අඩුව දැනෙන්නෙ නැතිවෙන්න ගොඩක්ම සාර්ථකව කතාව ඉස්සරහට ඇදගෙන යනවා.

මේ කතා මාලාවෙත් 18+ සීන් ගොඩක්ම ඇතුළත් වෙනවා. Sex Education වගේ හොඳ හොඳ ආතල් ටිකකුත් තියෙනවා. කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් සුපිරිම ස්පාඤ්ඤ කතා මාලාවක්.මේක බලන අයට මුලින්ම හිතෙන්න පුළුවන් මේ මොකද වෙන්නෙ කියලා. මේකෙ වෙන්නෙ මොනවද කියලා නම් කියන්නෙ නෑ. ඒක ඔයාලම බලාගන්න. කලින් සිදූවීමක් ගැන කරන ප්‍රශ්න කිරීමකදි කියන කතාවල් තමයි මේකෙ ස්ටෝරි එක වෙන්නෙ. කතාවක් කිව්වට මේක කියන්නෙ එක්කෙනෙක් නම් නෙවෙයි.

එහෙනම් ඉතින් උපසිරසි අරගෙන මේ කතා මාලාවත් බලලම ඉන්න. ගොඩක් අයගෙ ඉල්ලීමක් නිසා තමයි අද මේ විදිහට මේ කතා මාලාවට උපසිරසි අරගෙන එන්නෙ. දෙවනි කතා සමයටත් පුළුවන් ඉක්මන්ට උපසිරසි අරගෙන එයි.

සටහන :- සොමේෂ් ජයරත්න

දෙවෙනි කතාමාලා ගැන 

ඔන්න හැමෝම මග බලාගෙන හිටපු Elite කතා මාලාවෙ Season 02 එක තමයි අද මේ විදිහට අරගෙන එන්නෙ. පළවෙනි එක බලපු හැමෝටම මේ කතාව හොඳටම සෙට් වෙන්න ඇති කියලා හිතනවා. කොහොමත් ඉතින් මේ වගේ එකක් සෙට් නැත්තන් වැඩකුත් නෑනෙ.

පළවෙනි සීසන් එකේ අන්තිමට මොකද වුණේ කියලා හැමෝම දන්නවනෙ. ගුස්මන්ගෙ හොඳම යාළුවා වෙන පෝලෝ අතින් මරීනගෙ ඔළුවට පාරක් වදිනවා. ඒත් ඉතින් පෝලෝ කියන්නෙ ඒක හිතලා කරපු දෙය නෙවෙයි කියලා. ඒකත් ඇත්ත තමයි. එයාට ආව කේන්තිය නිසයි ඒ විදිහෙ දෙයක් වුණේ. ඒත් ඉතින් ඒ දේ දන්නෙ පෝලෝ, ක්‍රිස්ටියන් වගේම කාර්ලා කියන තුන්දෙනා විතරයි.

දෙවනි සීසන් එකේදි වෙන්නෙ මේ කරපු මිනීමැරුම හංගන්න හදන එක. ඒත් ඒ අතරෙදි කෙනෙක් හොයනවා කවුද මේ මිනීමැරුම කරේ කියලා. ඒ කවුද කියලා හිතාගන්න පුළුවන් ඇතිනෙ. සීසන් 2 එකේදිනම් වෙන්නෙ කවුරුත් හිතපු නැති විදිහෙ දෙයක්. එහෙනම් මේකත් බලලම ඉමු.

සටහන :- සොමේෂ් ජයරත්න

තුන්වෙනි  කතාමාලා ගැන 

කතා මාලාවෙ දැනට නිකුත්වෙලා තියෙන අවසාන සීසන් එකට තමයි අද උපසිරැසි අරගෙන එන්නෙ. කොහොම උනත් Elite කතා මාලාව තුන්වෙනි සීසන් එකෙන් අවසන් කරන්න තිබ්බත් NETFLIX ආයතනය මේ කතා මාලාව තවත් සීසන් දෙකකට දීර්ඝ කරන්න තීරණය කරනවා. ඒකට හේතුව කියන්නෙ නම් මේ නරඹන්නන්ගෙ තිබ්බ ප්‍රතිඑල නිසා කියලා.

හැබැයි ඉතින් මේ කතා මාලාව මේකෙන් ඉවර කරානම් තවත් හොඳයි කියලා හිතෙනවා. මේ සීසන් එකත් බැලුවම ඔයාලටම ඒක තේරෙයි. සුපිරිම Ending එකක් තිබ්බා කියලා තමයි මමනම් හිතන්නෙ. කතා මාලාවෙ පළවෙනි කොටසෙ ඉඳන් සැඟවිලා තිබ්බ හැම රහසක්ම මේකෙ අවසානයට හෙළි කරනවා. ඒ මොනවද කියලා ඔයාලා දන්නවනෙ.

NETFLIX එකෙන් නිවේදනය කරලා තියෙන්නෙ තව සීසන් දෙකක් නිර්මාණය කරනවා කියලා තමයි. ඒ අහරෙන් හතරවෙනි සීසන් එක 2021 දි තමයි රිලීස් කරන්න සැලසුම් කරලා තියෙන්නෙ. හැබැයි ඉතින් ඒකෙදි වෙනස්ම ස්ටෝරි එකක් යයි කියලා මටනම් හිතෙනවා. කොහොම හරි බොක කරගන්නෙ නැතුව ස්ටෝරි එක අරගෙන ගියොත් ඒ ඇති.

සටහන :- සොමේෂ් ජයරත්න

හතර වෙනි  කතාමාලා ගැන 

තුන්වෙනි කතා සමයේ අවසානයත් එක්කම Elite කතා මාලාවෙ කතා සමයන් තුනක් අවසන් වෙනවා 😐 ඒ විතරක්ම නෙවෙයි Elite කතා මාලාවෙ ආරම්භයේ ඉඳන්ම තිබුණ කතාවත් තුන්වෙනි කතා සමයේ අවසායත් එක්කම අවසන් වෙනවා. මම එහෙම කිව්වෙ පළවෙනි එපිසෝඩ් එකේ ඉඳන් තුන්වෙනි කතා සමයෙ අන්තිම එපිසෝඩ් එක වෙනකල් එකම කතාවක් තමයි ගලාගෙන ගියේ 🤔 හැබැයි තුන්වෙනි කතා සමයෙ අවසන් කොටසෙදි ඒ කතාව අවසන් වෙන නිසා. මිනීමැරුමෙ සුලමුල වගේ හැමදෙයක්ම අවසන් කොටසෙදි හොයාගන්නවා. එතනින් ඒ කතාව අවසන් වෙනවා

සුපුරුදු පරිදි Elite හතරවෙනි කතා සමය ජූනි 18 වෙනිදා Netflix එකෙන් රිලීස් වෙනවා⚡තුන්වෙනි කතා සමයෙ අවසානය නිසා ගොඩක් අය හිතනවා ඇති හතරවෙනි කතා සමයෙ මොනවගේ සිදුවීමක් වෙයිද කියලා. හතරවෙනි කතා සමයෙදි අපිට අලුත් ආරම්භයක් එක්ක අලුත් කතාවක් බලාගන්න පුළුවන් වෙනවා. ඒ විතරක්ම නෙවෙයි මේ කතා සමයෙදි අලුත් චරිත කීපයක්ම Elite කතා මාලාවට එකතුවෙලා තියෙනවා. ඒ එක්කම කලින් කතා සමයන්වල අපිට දැකගන්න ලැබුණ සමහර චරිත හතරවෙනි කතා සමයෙ ඉඳන් දැකගන්න ලැබෙන්නෙ නෑ. හතරවෙනි කතා සමය බලන්න පටන්ගන්නකොට අපිට ඒ අය නැති අඩුව හොඳටම දැනෙයි. ඒත් කතාව බලාගෙන යනකොට අපි ඒකට හුරුවෙයි කියලා හිතනවා. අලුත් චරිත කවුද, අයින් වුණ චරිත කවුද කියලා ඔයාලම බලාගන්න 😋😋

ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන හතරවෙනි කතා සමය නිකුත් වෙන්න කලින් “Elite Short Stories” කියලා පොඩි කොටස් කීපයක්ම Netflix එකෙන් රිලීස් කළා. කට්ටිය අහලා තිබුණා ඒ ටිකට උපසිරැසි දෙන්නෙ නැද්ද කියලා 🤔 ඒත් ඒවා බලන්න අවශ්‍යම ඒවා නෙවෙයි. ඒ කොටස්වල යන්නෙ චරිත ගැන පොඩි හඳුන්වාදීමක් වගේ දෙයක් 😕 ඕන කෙනෙක් ඉන්නවා නම් ඒ ටික අරගෙන බලන්න. විනාඩි 10 ක වගේ පොඩි පොඩි කොටස් කීපයක් තමයි තියෙන්නෙ 😎

මේ වෙනකොටත් Elite කතා මාලාව IMDb 7.5 අගයකුත්, Rotten Tomatoes 🍅 වල 97% ක අගයකුත් අරගෙන තියෙනවා. හතරවෙනි කතා සමයෙ විකාශයත් එක්ක ඒක වෙනස් වෙයිද කියලා නම් කියන්න බෑ. හැබැයි තාමත් Elite කතා මාලාවට හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. තාමත් Elite මුල් කතා සමයන් බැලුවෙ නැත්තන් අදම බලන්න පටන්ගන්න. Spanish Thriller කියන්නෙ වෙනම ලෙවල් එකක් ⚡🔥

එහෙනම් අලුත් චරිත ටිකත් එක්ක අලුත් කතාව ගලාගෙන යන්නෙ කොහොමද කියලා බලමු 🙂 ඒ වගේම කියන්න ඕන Netflix ආයතනය දැනටමත් Elite කතා මාලාව පස්වෙනි කතා සමය දක්වා දීර්ඝ කරලා තියෙනවා 😻

සබ් එකත් අරගෙන බලන්න පටන්ගන්න, ඊළඟ කොටස් ටිකත් පුළුවන් ඉක්මන්ට අරගෙන එනවා 🔥🔥

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


253
Total Subtitles

6 comments

  1. Los Favoritos de Midas 2020 ekata subtitle karannako

  2. me file open krganne khmd? compleated pack eka

  3. files remove karanawanam sub ain karanna.. bageta bagekama video copy na.

    • Link Expire වෙන එක අපිට නවත්තන්න බෑ..මේවා Free Cloud..එකට තමයි ටෙලිග්‍රෑම් චැනල් එකක් හදලා තියෙන්නේ..ඒකට ජොයින් වෙලා ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් වැඩ නැත්තන්..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login