The title of the page
Elevator Game (2023) Sinhala Sub
Elevator Game (2023) Sinhala Sub
3.2
33
62

Elevator Game (2023) Sinhala Subtitles | “බිහිසුණු සෝපාන ක්‍රීඩාව ” | සිංහල උපසිරැසි සමඟ

(Elevator Game (2023) Sinhala Subtitles) (Elevator Game (2023) Sinhala Sub) (Elevator Game Sinhala Subtitles) (Elevator Game Sinhala Sub)
ඉතින් ඔන්න cineru යාළුවෝ හැමෝටම මම තවත් සුපිරිම හොල්මන් ෆිල්ම් එකක් අරගෙන ආවා..ඇත්තටම මේකට Imdb දර්ශකයේ 4.2 වැනි අගයක් ලැබිලා තියෙනවා..දන්නවනේ ඉතින් horror ෆිල්ම් වලට imdb රේටින් වැඩිය නගින්නේ නෑ කියලා ඒ හින්දා ඒක ගැන හිතන්න එපා..Gino Anania,Megan Best,Alec Carlos,Verity Marks කියන අය තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ..ඒ වගේම මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Rebekah McKendry විසින්..එහෙනම් අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු..

ඉතින් තරුණ කණ්ඩායමක් ඉන්නවා මෙයාලා හොල්මන් ගැන wed show කරන එක තමයි කරන්නේ..ඉතින් දවසක් රයන් කියලා කෙනෙක් මෙයාලා එක්ක එකතු වෙලා ස්වේච්ඡාවෙන්ම මෙයාලට උදව් කරන්න ඉදිරිපත් වෙනවා..ඉතින් රයන් මෙයාලට යෝජනා කරනවා මේ පාර episode එකට සෝපාන ක්‍රීඩාව කරමු කියලා..ඉතින් මෙයාලා මේ ක්‍රීඩාව කරන්න එකග වෙනවා..

ඒ ක්‍රීඩාව කරපුවහම තමයි මෙයාලට ඇත්තටම ඒකේ බැරෑරුම් කම තේරෙන්නේ..ඒක එසේ මෙසේ ක්‍රීඩාවක් නෙවෙයි අපායට දොරවල් ඇරෙන මාරාන්තික ක්‍රීඩාවක්..ඉතින් එතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ මෙයාලට මේ සෙල්ලම කරලා වෙච්ච වැරැද්ද නිවැරදි කරගෙන ජීවිතේ බේර ගන්න පුළුවන් වෙයිද කියලා දැන ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


32
Total Subtitles

2 comments

  1. M A Buddhika Lakmal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  2. Malith samarawickrama

    Thanks saho sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login