The title of the page
Drive My Car (2021) Sinhala Subtitles
Drive My Car (2021) Sinhala Subtitles
7.6
97
80

Drive My Car (2021) Sinhala Subtitles | “ජීවිතයේ ගැඹුර ටිකක් අහුලා ගනිමුද?” | සිංහල උපසිරැසි සමඟ

(Drive My Car (2021) Sinhala Subtitles) (Drive My Car (2021) Sinhala Sub)

ඔන්න කාලේකට පස්සේ ජපන් චිත්රපට සලරුවකට උපසිරැසි ගැන්විම විධිහට අරගෙන මම ඔගොල්ලෝ හමුවට පැමිණියා….

මෙ ෆිල්ම් එක කාලයක් වෙනවා ඇවිල්ලා… 2021 වසරේ ජපන් හොදම චිත්රපට ලයිස්තුවේ මුල සුන ගැනිමටත් ඒ වගේම සම්මාන කිහිපයක්ම ලබමින් ඔස්කාර් සම්මානය උදේසා නිර්දේශය ලබා ගැනිමටත් මෙ චිත්රපටය සමත් වුණා….

ඉතිං වටින් ගොඩින් මම යන්නේ නැතුව මෙ ජපන් සලරුවේ නම සදහන් කරොත් Drive my Car (2021) නම් වෙනවා…

ඉතිං ගිය ජනවාරි වල තමා මෙකේ උපසිරැසි ගැන්විම කිරිමට මම වෙබ් අඩවිය ඔස්සේ භාර ගත්තේ නමුත් කාලරාමු සකසා කිරිමට සමහර තැන් වලට වුණ නිසා මගේ කාර්යය බහුලත්වයත් සමග මාස 8 පමණ කාලයක් ගත කරා උපසිරැසි ගෑන්විම සිදුකිරිමට….

ඉතිං කොහොම හරි කෙසේ හෝ මෙම චිත්රපටියත් ඔබලාගේ රසවින්දය උදේසා මට තිළිණ කිරිමට හැකියාව උදාවුණා…

මෙ මගේ 62 උපසිරැසි ගැන්විමයි…

එහෙනම් වැඩි අල්ලාප සල්ලාප නැතුව අපි යමු ලිපිය පැත්තට….

Drive my car (2021) “ජීවිතයේ ගැඹුර ටිකක් අහුලා ගනිමුද?”

ජපන් ජාතික රියුසුකී හමගුචි විසින් අධ්යක්ෂණය කළ “Drive My Car” නැමැති ජපන් භාෂිත චිත්රපටය නරඹන්නට තෝරා ගන්නේ මෙවර ඔස්කාර් සම්මාන උළෙලෙහි 2021 වසරේ හොඳම චිත්රපටය සඳහා නිර්දේශිත චිත්රපට 10 අතරට පැමිණ ඇති බව දැනගැනීමෙන් පසුව ය. හරුකි මුරකාමි යනු මිනිස් විඥානයේ ගැඹුරු අඳුරු කොන පිළිබිඹු කරන ලේඛකයන්ගෙන් කෙනෙකි. චිත්රපටය සඳහා පාදක කරගෙන තිබෙන්නේ විශිෂ්ටතම ජපන් කතුවරයෙක් වන හරුකි මුරකාමි ගේ ‘Men Without Women’ නම් කෙටි කතා සංග්රහයේ එන එක් කතාවකි.

චිත්රපටය සඳහා පසුබිමි වන දේශය වන්නේ ජපානයයි. ජපානය යනු සංස්කෘතිකමයවූත්, සමිප්රදාය අතින් උසස් රාජ්යයකි. තාක්ෂණය, ජනප්රිය සංස්කෘතිය කෙතරමි ජපන් සංස්කෘතිය සහ සමිප්රදාය කෙරෙහි පැමිණුන ද ඒවා වියැකි නොයයි. “ඩ්රයිවි මයි කාර්” චිත්රපටයේ ප්රධාන චරිතය වන යූසුකේ කෆුකු යනු වෙිදිකා නාට්ය නළුවෙකු සහ වෙිදිකා නාට්ය අධ්යක්ෂවරයෙකි. කෆුකුගේ බිරිඳ ඔතෝ වන අතර ඇය වෙිදිකා නාට්ය තිර රචිකාවියකි. කෆුකු වඩාත් ආදරය කළ ඔතෝ අනපේක්ෂිත මරණයෙන් පසු ඇන්ටන් චෙකෝෆ්ගේ ” වාන්යා මාමා ” හී නවතම වේදිකා නාට්යයය නිෂ්පාදනයක් අධ්යක්ෂණය කිරීමට හිරෝෂිමා නාට්ය කණ්ඩායමක් විසින් ඇරයුම් කරනු ලබයි. ඔහු එය බාරගෙන හිරෝෂිමා නගරය වෙත යයි. හිරෝෂිමා නගරය යනු න්යෂ්ටික බෝමිබ ප්රහාරයකට ලක්ව සුන්නද්දූලි වු නගරයයි. එය අද අලු මතින් නැඟි සිටි ෆිනික්ස් පක්ෂියකු සේය. හිරෝෂිමාවෙි දී යූසුකේගේ රතු පැහැති තම හුරැබුහුටි මෝටර් රථය පැදවීමට රියදුරෙකු ලෙස මිසාකි වටාරි නම් යුවතිය හරහා ඇයව සමිමුඛ වෙයි. යුසුකුට හිරෝෂිමාවෙි දී හමුවන මෙම නාට්ය කණ්ඩායම හරහා හමුවන චරිත හරහා ජීවිතයේ ඇති සංකීර්ණබව, මානව සබඳතාවල ඇති ස්වභාවය සහ කරදර, බාධක සමඟ ඔහුගේ දිවිය විපර්යාසයකට ලක් වෙයි. චිත්රපටය විසින් දුක, වෙිදනාව, අහිමි වීම සමඟ පුද්ගල අන්තර් සබඳතා සංවර්ධනය පිළිබඳ තතු විවරණය කරති.

චිත්රපටය තුළ යුසුකුගේ චරිතය සහ මිසාකිගේ බැඳීම සුවිශේෂි වෙයි. මිසාකි යනු යුසුකුගේ චිත්ත පීඩාවට ප්රතිවිරුද්ධ දෙසින් ඔහුම තනා ගන්නා මනෝ රථයකැයි අප සිතන්නේ නියත සිදුවීමට ඔබිබට ගොසිනි. මිසාකි සහ යුසුකු අතර දුරස්ථබව සමීපබවට හරවන්නේ දෙදෙනාටම අහිමිවීමක අත්දැකීම ඇති නිසාවෙනි. මුළු චිත්රපටය පුරාවටම මෝටර් රථය විසින් මානව සබඳතා ගොඩනඟන්නට තදින් බලපෑමි කරන අාකාරය පිළිබඳ සංකේතවත් කරයි. මෝටර් රථය යනු මිනිස් ජීවිතවල ඇති අර්ථ විරහිත හුදෙකලා පැවැත්ම පිළිබඳ අර්ථ සපයන්නකි. භාවාත්මක රසය(Emotional Flavour) සමඟ පැය තුනකට ආසන්න කාලයක් තුළ චිත්රපටය විසින් මිනිස් ජීවිතයක් තුළ සිදුවිය හැකි අ⁣නපේක්ෂිත සිදුවීමි මාලාවක් පිළිබඳ අනාවරණය කරයි. චිත්රපටය නිර්මාණය කරන්නේ ජීවිතයයි. එය ජීවිතයම පිටපත් කිරීමකට වෙනස් අරැත් පිරි, ගැඹුරු අපූර්ව යමකි..

ලිපි සැකසුම : මලින්ත විතානගේ ( ලිපියේ අයිතිය මුල් කතෘ සතුය )

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

11 comments

  1. සුපිරි කොල්ලෙක් මචන් උඹ නම් ❤️ ගොඩ දෙනෙක් මේ වගේ ෆිල්ම් නොබැලුවට බලන කීපදෙනා වෙනුවෙන් හරි කාලය වෙන් කරනවට බෝම පිං

  2. Hansana sathsara

    Viruman එකෙ සබ් එක දෙන් නැද්ද දැන් දවස් තුනක් hdrip release වෙලා 😒

  3. බොහොම ස්තූතියි සහෝ
    ඔබගේ වටිනා කාලය කැප කලාට
    ජය වේවා!

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    Request :
    Seoul Vibe (Seoul Daejakjeon) (2022)
    Bull (2021) – IMDb

    • ඉනුෂ සුදන්ගම
      Cineru Family Member

      Bull (2021) තව ටික වෙලාවකින් සයිට් එකේ දාවි….💙

  5. නාරා
    Cineru Family Member

    පාර ඉනූ පාර… 😂😂😂😂
    ඈ….න්…

    • ඉනුෂ සුදන්ගම
      Cineru Family Member

      මෙවා රට එව්වා…
      මෙව්වා හොද එව්වා අයියා…🐶💙

  6. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login