Drishyam 3 (2026) Sinhala Subtitles
Drishyam 3 (2026) Sinhala Subtitles
7
78

Drishyam 3 (2026) Sinhala Subtitles | “ නිහඬ නොවන අතීතය ” | සිංහල උපසිරැසි සමඟ

(Drishyam 3 (2026) Sinhala Subtitles) (Drishyam 3 (2026) Sinhala Subtitle) (Drishyam 3 (2026) Sinhala Sub)

දෘශ්‍යම් 1 සහ 2 බලලා ඔලුව අවුල් කරගත්ත, ජෝර්ජ්කුට්ටිගේ මොලේ ගැන පුදුම වෙච්ච අයට ඔන්න අන්තිමේදී දෘශ්‍යම් 3 ඇවිල්ලා තියෙනවා. 🎬 අර කලින් කතා දෙකෙන්ම දුන්න ගැම්ම නිසා මේ තුන්වෙනි කොටස ගැනත් හැමෝම ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියානේ. කතාව පටන් ගන්නේ කලින් ෆිල්ම් එකේ සිදුවීම් වෙලා හරියටම අවුරුදු හතරහමාරකට පස්සේ. හැබැයි මේ පාර කතාව යන්නේ අපි හිතපු නැති, ටිකක් වෙනස්ම පාරක. නිකම්ම ත්‍රාසජනක කතාවකට වඩා මේක ඇවිල්ලා මාරම හැඟීම්බර, හිතට වද දෙන මානසික සටනක්. තමන්ගේ පවුල බේරගන්න ජෝර්ජ්කුට්ටි කොච්චර දුරකට යනවද කියන එක විතරක් නෙමේ, මේ හැංගිමුත්තන් කෙළිය නිසා පවුල් දෙකක් ඇතුළේ කොච්චර ලොකු මානසික පීඩනයක්, බයක් හිරවෙලා තියෙනවද කියන එක මේකෙන් මාරම ලස්සනට පෙන්නනවා. 🤯

ෆිල්ම් එකේ මුල් හරිය නම් සාමාන්‍ය විදිහට, ටිකක් හිමින් තමයි ගලාගෙන යන්නේ. පවුලේ කතාබහ, කසාද ගැන සාකච්ඡා වගේ දේවල් එක්ක යද්දී සමහරවිට ටිකක් කම්මැලි හිතෙන්නත් පුළුවන්. හැබැයි එහෙමයි කියලා ෆිල්ම් එකක් බලන එක නවත්තන්න එපා, මොකද ඉන්ටවල් එක ළං වෙද්දී දෙනවා පට්ටම ට්විස්ට් එකක්. අර එක්තරා චරිතයක් සිගරට් එකක් බොන සීන් එකක් තියෙනවා, ඒක බලද්දී ඇඟේ හිරිගඩු පිපෙනවා ෂුවර්! 🔥 එතැන් ඉඳන් දෙවැනි භාගය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ත්‍රාසය, කුතුහලය උපරිමයටම නැගලා වෙනස්ම ලෝකෙකට අපිව අරන් යනවා. ජීතු ජෝසප් කියන ඩිරෙක්ටර් මේ චරිත ඇතුළේ තියෙන බය සහ වරදකාරී හැඟීම එළියට අරන් තියෙන විදිහ නම් සුපිරියි. 🎥

රංගනය ගැන කතා කරද්දී මෝහන්ලාල් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. 🌟 ඒ මනුස්සයාගේ මූණේ ඉරියව්, දෙබස් කියන විදිහ, පවුල වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්ති වෙලා ඉන්න තාත්තා කෙනෙක්ගේ බැල්ම මේ තුන්වෙනි කොටසෙදිත් අඩුවක් නැතුව බලාගන්න පුළුවන්. ඒ වගේම සිද්දික්ගේ රංගනයත් වෙනදාට වඩා ගොඩක් වෙනස්, මාරම තාත්විකයි. මීනා, අන්සිබා වගේ අනිත් සපෝටින් කාස්ට් එකත් එයාලගේ වැඩේ උපරිමයෙන්ම කරලා තියෙනවා. සමහරුන්ට මේ තුන්වෙනි කොටසක් ඕනෙද කියලා හිතෙන්න පුළුවන් වුණත්, මේක ඇතුළේ තියෙන අඳුරු සහ හැඟීම්බර ස්වභාවය ෆිල්ම් එක වෙනම ලෙවල් එකකට අරන් යනවා. අනිත් එක බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකත් ඒ අඳුරු ගතියට මාරම සපෝට් එකක් දෙනවා. 🎶

හැබැයි මේ සේරමටම වඩා පිස්සුවක් වෙන්නේ ෆිල්ම් එකේ අන්තිම ටික හෙවත් ක්ලයිමැක්ස් එක. 🤯 රචකයා මේ අවසානය ලියද්දී යකා වැහිලා වගේ ලියලා තියෙන්නේ. ජෝර්ජ්කුට්ටි මේ වගේ දෙයක් කරයි කියලා නම් හීනෙකින්වත් හිතන්න බෑ. එකම සිදුවීම කෝණ කිහිපයකින් පෙන්නලා අන්තිමට දෙනවා මොළේ හිරිවැටෙන ගැටයක්. ඒක නම් ලියවිල්ලේ උපරිමයක් කිව්වොත් නිවැරදියි. ✍️ පොදුවේ ගත්තම කලින් කොටස් දෙකේ තිබ්බ කුතුහලයට වඩා පවුලක් ඇතුළේ තියෙන මානසික අරගලය ගැන තමයි මේකෙන් වැඩියෙන් කතා කරන්නේ. රහස් පරීක්ෂක කතා වලට, ත්‍රාසජනක කතා වලට ආස හැමෝම අනිවාර්යයෙන්ම මඟනොහැර බලන්න ඕනේ ෆිල්ම් එකක් තමයි මේක. ඔන්න එහෙනම් සේරම විස්තර කිව්වා. අරගෙනම බලන්න! 🍿👀

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත් ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත් ඩිල්ෂාන්

January 17, 2025


36
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login