The title of the page
dolittle 2020 sinhala sub
dolittle 2020 sinhala sub
5.6
84

Dolittle (2020) Sinhala Subtitles|සත්ව දොස්තර|සිංහල උපසිරැසි සමග|

Stephen Gaghan ගේ අධ්‍යක්ෂණයෙන් සහා Robert Downey Jr. ගේ රංගනයේ නිර්මාණය වුන චිත්‍රපටයක් තමයි Dolittle ❤.(Dolittle 2020 Sinhala Subtitles)

1920 The Story of Doctor Dolittle

Dr. Dolittle ➡ කියන චරිතය අද ඊයේ නිර්මාණය වුන චරිතයක් නෙමෙයි , එම චරිතය ඉස්සෙල්ලා ලෝකෙට පෙන්නුම් වුනේ 1920 The Story of Doctor Dolittle කියන පොතකින්. මෙම චරිතයේ විශේෂත්වය තමයි ➡ සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට සතුන්ගේ භාෂාව තේරුම් ගන්න අපහසුයි , හැබැයි මෙම පොතෙන් නිර්මාණය වුන චරිතයට සතුන් එක්ක කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා.. ඒ විදිහේ චරිතයක් තමයි Dr. Dolittle කියලා කියන්නේ.මෙම පොත ජනප්‍රිය වෙලා ලොකු ජයග්‍රහණයක් ලබා ගත් පසු , 1966 දී APJAC Productions මෙම පොත live Action එකක් කරන්න සුදානම් වෙනවා.. , ඒ කියන්නේ චිත්‍රපටයක් විදිහට නිර්මාණය කරන්න සුදානම් වෙනවා. ඔවුන් ඉස්තීර කර ගත් විදිහටම , Richard Fleischer අධ්‍යක්ෂණයෙන් සහා Rex Harrison රංගනයෙන් එම චිත්‍රපටය නිර්මාණය කොට ,

1967 Doctor Dolittle

1967 දී Doctor Dolittle කියන නමින් එම චිත්‍රපටය තිරගත කරනවා..චිත්‍රපටයටත් ලොකු ජයග්‍රහණයක් ලැබෙනවා. ඒ දවස් වල Hollywood සිනමාවේ Marketing එක අනුව $9 million budget එකකින් නිර්මාණය වුන මෙම චිත්‍රපටය , Boxoffice වාර්තාවෙන් $17 million ලබා ගන්නවා. ජයග්‍රහණයක් වගේම ලොකු ජනප්‍රිය කමක් එම Dr. Dolittle කියන චරිතයට ලැබෙනවා.ඉන්පසු 1996 දී Davis Entertainment , Joseph M. Singer Entertainment , Friendly Films එක්කහු වී 1967 දී තිරගත වුන Doctor Dolittle කියන චිත්‍රපටය reboot කිරීමට සුදානම් වෙනවා. Betty Thomas අධ්‍යක්ෂණයෙන් සහා Eddie Murphy රංගනයෙන් නිර්මාණය වුන මෙම චිත්‍රපටය 1998 දී ජූන් 26 වෙනිදා Dr. Dolittle කියන නමින් ලොව පුරා තිරගත වීමට ආරම්භ වුනා.

විකාශය

එම චිත්‍රපටයත් boxoffice වාර්තාවෙන් ලොකු දෙයක් කරා. $70.5 million budget එකකින් නිර්මාණය වුන එම චිත්‍රපටය $294.4 million ලාබයක් ලබා ගත්තා. ඒ වගේම Dr. Dolittle කියන චරිතයට ලොකු ෆෑන් බේස් එකකුත් නිර්මාණය වුනා.ඉන්පසු 1998 දී තිරගත වුන එම චිත්‍රපටයේ දෙවනි කොටස 2001 දී සහා තුන් වෙනි කොටස 2006 දී තිරගත වුනා. එම චිත්‍රපට වලටත් සාමාන්‍යයෙන් ලොකු ජයග්‍රහණයක් ලැබුනා. හැබැයි 2006 දී තිරගත වුන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිර්මාණය වුනේ ,1998 , 2001 දී තිරගත වුනු චිත්‍රපට වල ඉන්න Dr. Dolittle ගේ දුවගේ චරිතයෙන්…

නැවත පිබිදීම

ලොකු ජයග්‍රහණයක් වගේම ජනප්‍රිය කමක් ලබා ගත් එම Dr. Dolittle කියන චරිතය 2001දීම නතර වුනා. හැබැයි 2018 දී Team Downey , Roth Films , Perfect World Pictures එක්කහු වී Dr. Dolittle කියන චරිතය ප්‍රධාන කරගෙන චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ඉස්තීර කර ගත්තා..දැන් තියෙන ටෙක්නිකල් වලින් චිත්‍රපටය Fantasy පැත්තෙන් ඉහලට තැනකට අරන් යන්න පුළුවන් වුනත්.. Dr. Dolittle කියන චරිතය ජනතාවගේ හදවතින් දුරස් වුන නිසා , එම චරිතයට රංගනයෙන් දායක වෙන්න යන නලුවා සැබෑ චරිතයෙන් ගොඩක් බලවත් කෙනෙක් වෙන්න ඕනේ කියලා Producer Joe Roth ලොකු උනන්දුවක් දැක්වූවා…..

ප්‍රධාන නලුවා

නළුවෙක් ගේ පැත්තෙන් බැලුවොත් ➡ හොදට නටන්න පුළුවන් , හොදට දෙබස් කියන්න පුළුවන් , හොදට රගපාන්න පුළුවන් නළුවෙක් නම් ඔහු #Super_star කෙනෙක්… හැබැයි මොන නළුවෙක් ද කුඩා දරුවන්ගේ ආදරය ලබා ගන්නේ ඔහු #Ultimate_Star කෙනෙක් දැන් හොලිවුඩ් සිනමාවේ ඉන්න , කුඩා දරුවන්ගේ ආදරය ලබා ගත් අල්ටිමැට් ස්ටාර් කෙනෙක් තමයි Robert Downey Jr. කියන්නේ..ඉතින් ඔහු තමයි Dolittle 2020 චිත්‍රපටයේ , Dr Dolittle කියන චරිතයට රංගනයෙන් දායක වෙන්නේ.

—————————————————————————————————–

Dolittle 2020 Sinhala Sub

————————————————————


නවතම කතාවට Iron Man(Robert Downey Jr.) ගේ එක් වීම

Dolittle 2020 Sinhala Subtitles

Avengers endgame චිත්‍රපටයට පසු Robert Downey Jr. ගේ නවතම චිත්‍රපටයක් වගේම අවුරුදු 10කට පස්සේ ඔහුගේ රංගනයෙන් දායක වන අලුත් චරිතයක් තමයි Dolittle කියන චිත්‍රපටයෙන් පෙන්නුම් වෙන්නේ.. මෙම චිත්‍රපටය වැඩිහිටියන් , තරුණ තරුණියන් නරඹන්න ගියාද කියලා හරියට දන්නේ නෑ , හැබැයි කුඩා දරුවන් ගොඩක් ආසාවෙන් මෙම චිත්‍රපටය නරඹන්න ගියා.. එයට හේතුව Robert Downey Jr. කෙරෙහි කුඩා දරුවන්ට තියෙන ආදරය.

මෙම චිත්‍රපටයේ Story line එක ගැන කෙටියෙන් කිව්වොත්

Dr. Dolittle කියන්නේ වෛද්‍යවරයෙක් හැබැයි ඔහු සාධාරණ වෛද්‍යවරයෙක් නෙමෙයි , ඔහු සතුන් පක්ෂින් එක්ක කතා කරන්න පුළුවන් වෛද්‍යවරයෙක්.. ඔහුගේ රට පාලනය කරන රැජින අසනීප තත්වයකට පත් වෙනවා., ඉතින් තමන්ගේ රටේ රැජිනිව බේර ගන්න Dr. Dolittle ලොකු කණ්ඩායමක් හදා ගන්නවා.., Avengers එකේ නම් Robert Downey Jr ගේ සපෝට් එකට හල්ක් , කැප්ටන් , තෝර් කියලා ලොකු සෙට් එකක්ම හිටියා , හැබැයි මේ චිත්‍රපටයේ අපේ Robert Downey Jr ලොකු සෙට් එකක්ම සපෝට් එකට ඉන්නවා හැබැයි එකෙක් වත් මනුස්සයෙක් නෙමෙයි ඔක්කොම සතුන් සහා පක්ෂීන් 😂😂

ඉතින් මේ වගේ ලොකු කණ්ඩායමක් හදාගෙන තමන්ගේ රැජිනිව බේර ගන්න සූදානම් වෙනවා Dr. Dolittle.. අන්තිමට බේර ගන්නවාද නැද්ද කියන එක තමයි මෙම චිත්‍රපටයේ Script එක.

Fantasy පැත්තෙන් ඉහලට තැනකට අරන් ගිල්ලා තියෙනවා චිත්‍රපටය… හැම විශුවල් එකක්ම Creativity design එකක්. VFX ඔක්කොම Complete. චරිත වලට ගැලපෙන backgrounds කිසිම අඩුවක් නැතුව නිර්මාණය කරලා තියෙනවා.

ඒ වගේම තමයි dubbing ⤵

එක මනුස්සයෙක් සතුන් පක්ෂින් එක්ක කතා කර ගන්නවා , ඒ වගේ සීන් එකක් කොච්චර නිර්මාණශීලිව නිර්මාණය කලත් රියැලිටි පැත්තෙන් බලනකොට , ඒ සතාගෙ හැසිරීම් රටාව වෙනස් කරන්න අමාරුයි , ඒ නිසා ඒ සීන් එක අපිට රසවින්දනය කරන්න බෑ , හැබැයි මේ චිත්‍රපටයේ සතුන් ගේ හැසිරීම් රටාව කෙසේ වෙතත් ඔහුන්ගේ දෙබස් සහා එම දෙබස් කතා කරන විදිහ ගොඩක් නිර්මාණශීලී නිර්මාණය කරලා තියෙනවා.. ඒ නිසා රසවින්දනය කරලා බලන්න පුළුවන් හැම සීන් එකක්ම. dubbing පැත්තෙන් ලොකු උත්සාහයක් දක්වලා උපරිම හොදට කරලා තියෙනවා.

marvel ආගමනය

Civil war , Homecoming , End game ඒ කියන්නේ මාර්වල් එකෙන් එලියට ඇවිල්ලා , අපේ Robert Downey Jr වගේම Tom Holland අයියත් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වෙනවා… ඔහු ඔහුගේ චරිතය උපරිම හොදට කරලා තියෙනවා හැබැයි Costume සහා Style එක තමයි Tom Holland ට ගැලපෙන්නේ නැත්තේ 😐.

Robert Downey Jr ගේ රංගනය ගැන කියන්න ඕනේ නෑ , ඇයි කිව්වොත් හැමෝටම දන්නවා ඔහු මෙතඩ් ඇක්ටර් කෙනෙක් කියලා.. ඔහු ඔහුට දුන්න චරිතය අනුව Costume සහා Style එක ඔහුගේ යටතට අරගෙන වැඩේ කරලා තියෙනවා උපරිම හොදට..

තාක්ශණය

සතුන් සහා පක්ෂීන් පැත්තෙන් බැලුවොත් හැමෝටම දන්න දෙයක් , ඒක 50% ක් motion Capture කියලා. Original visual එකේ අනිවාර්යෙන් සැබෑ මිනිස්සු තමයි ඉන්නේ😂
හැබැයි ඒක design කරලා ගන්නකොට සම්පූර්ණයෙන්ම එම මනුස්සයාගේ හැඩරුව වෙනස් කරලා ගන්නවා., ඒ දේ පටිගත කිරීම් ඉවර වුනාට පස්සේ කරන දෙයක්.. ඒ අතර සාධාරණ මනුස්සයෙක් ගේ ඉදිරියේ තමයි Robert Downey Jr ඔහුගේ රංගනය පෙන්නුම් කරන්න ඕනේ.. හැබැයි motion capture එක පාවිච්චි කරන කෙනාගේ ශරීරයට වඩා එම සතාගෙ පෙනුම උසින් සහා ඇගෙන් වෙනස් වෙනවා කියන්නේ , Robert Downey Jr අනිවාර්යෙන්ම එම සතාගෙ පෙනුම කැප්චර් කර ගන්න ඕනේ නැත්නම් , director බලා පොරොත්තු වෙන විදිහට Robert Downey Jr ගෙන් face reaction , body language එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ නෑ..

හැබැයි Robert Downey Jr ඒ අතින් ලොකු උත්සාහයක් දක්වලා හැම චරිතයක් ම හොදට කැප්චර් කරලා තියෙනවා.. 👌

මම උඩ හරියේ කිව්වා වගේ Fantasy පැත්තෙන් ඉහලට තැනකට අරන් ගිල්ලා තියෙනවා… ඒ දේ කරන්න Cinematography පැත්තෙන් ලොකු සපෝට් එකකුත් ලැබිලා තියෙනවා. උදාහරණයක් ලෙස කිව්වොත් ➡ මුහුදේ ඇතුලෙන් ඩොල්ෆින්ස් උඩට පනිනවා වගේ පොඩි ෂොට් එකක් තියෙනවා.. ඌන් උඩට පනින කොටම වතුරත් ගැස්සෙනවා ඒ හරිය ගොඩක් Colourful ව තියෙනවා.

මේ පැහැදිලි කිරීම ඇති කියලා හිතනවා මම , කැමති අය අනිවාර්යෙන් ම බලන්න මිස් කර ගන්න එපා 🙏

Typing එකේ වැරදීමක් තිබුනොත් සමාවෙන්න 🙏

Boxoffice වාර්තා අනුව දැනට මෙම චිත්‍රපටය $126.6 million ලබා ගෙන තියෙනවා… ඒ වගේම මෙම චිත්‍රපටයේ සම්පූර්ණ budget එක $175 million

Dolittle 2020 Sinhala Subtitles

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉෂාන් ගිහන්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉෂාන් ගිහන්ත

October 13, 2019


44
Total Subtitles

20 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    • සබ් එකට බොහොම ස්තුත.srt format එකෙන් සබ් දෙන්න බැරිද සහෝදරයා

  2. බොහොම ස්තුතියි සබ් එකට ඒ වගේම srtවලින් සබ් එක ආයෙ දැම්මට 😊👍

  3. Tell Me a Story සීරිස් එකට සබ් දෙන්නකො මචංලා සුපිරිම සීරිස් එකක්…….

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    thanks for srt…….

  5. srt වලින් සබ් එක ආයෙ දැම්මට thank

  6. srt වලින් සබ් දැම්මට thank

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    thanks for update………

  8. thanks sub ekata jayawewa……………

  9. Mata danaganna puluwanda me sub eka download krla fn eke play krna film ekta add krnne kiyla..

  10. Achi
    Top Fan ⭐⭐⭐

    අම්මෝ සබ් දෙන්න දීම ආදරේයි ආ…
    AK Ayyappanum Koshiyum (2020) Malayalam පුලුවන්නම් ඕකටත් දෙන්න

  11. Thank you 🙏

  12. කමිමැලිකමින් ෙගදර ඉන්න අපිට Movie ඒකක් Download කරෙගන බැලීම තමයි සැනසීම..
    ඒ් අතරින් බලන්න අාස ඒකක් ෙවන්නත් ඒපැයි.
    බලන්න අාසාෙවන් සිට් Movie ඒකක් Dolittle 2020
    මහන්සියට ස්තූතියි….

    ෙතරුවන් සරණයි..!

  13. Tnx bro. Next pls.

  14. Tnx bro, next pls.

  15. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    Bluray ඇවිල්ලා නේද මචං update කරනවද

  16. 😍😍😍😍😍😍😍😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login