The title of the page
8.5
95

Doctor (2021) Sinhala Subtitles | “වෛද්‍යවරයා” | සිංහල උපසිරැසි සමඟ

(Doctor 2021 Sinhala Subtitles) (Doctor 2021 Sinhala Sub)

සුභ දවසක් වේවා , හැමෝටම ඔන්න ඉතිං අද මම වෙබ් අඩවියට ගොඩ වෙන්නේ වෙනදටත් වඩා ලොකු සතුටක් එක්කඒකට හේතුව තමා බොහෝමයක් වැඩ රාජකාරි රැකියා අස්සෙ ගෙවුනු මගේ වසාර දෙකකුත් මාස තුනක උපසිරැසිජීවිතයේ 100 වෙනි උපසිරැසියේ කඩයිමට අද මම ලඟා වෙනවා. ඇත්තටම වචන වලින් කියන්න බැරි සතුටක් හිතේ තියෙන්නේ , ඉතිං හැමදේම කියන්න බැරි උනත් පොඩි කතාවක් කියන්නම්..

මීට වසර දෙකකට ඉහතදී 2019 අගෝස්තු 17 වෙනිදා මම අපේ ලොක්කා සමිත අයියගෙන් අහනවා අයියේ සබ් එකක් ගහමුද කියලා ඉතිං ඔහොම පටන් ගත්තු මගෙ සබ් ජීවිතේ අද වෙනකල් මම ඉගෙන ගත්තු දේ බොහොමයි , ඉතිං මේ අතර විශේශයෙන්ම මතක් කරන්න ඕනා සමිත අයියා , පීටර් අයියා මට මේ වැඩේදි ලොකු හයියක් උනා ඒවගේම සයිට් එකේ අනිත් සහෝදර සහෝදරියො හැම කෙනෙක්මත් ඒත් එක්කම කියපු ගමන් සබ් එකකට කවර් එකක් හදලා දෙන මදුශාන් අයියා , අංජුල සහෝදරයො දෙන්නවත් ආදරයෙන් මතක් කරනවා.

එදා මෙලෝ දෙයක් නොදැන් මේකට ආව මට අද තනියම ටැමිල් සබ් එකක් අසා ලියන්න පුලුවන් තැනට ඇවිල්ලා තියෙනවා , පට්ටම සහෝදර සහෝදරියො ටිකක් වගේම ගොඩක් දේවල් මේ සිනෙරූ නිසා මට ලැබුනා.. ඉතිං ඔය දේවලුත් එක්ක ගොඩක් බාධක එක්ක අද ආව ගමන ගැන සතුටුයි ඒ වගේම මේ ගමන මෙතනින් නවතින්න කිසිම බලාපොරොත්තුවක් නැහැ..

එහෙනම් අපි යමු චිත්‍රපටය පැත්තට…..

2021 වසරේ ඔක්තොම්බර් මස 9 වෙනිදා ලොව පුරා සිනමාශාලා රැසක තිරගතවීම් ආරම්භ කරන මෙම දමිල චිත්‍රපටය මේ වන විට 8.5/10 · IMDb ක් වැනි ඉතා ඉහල අගයක් ලබා ගන්න මෙම චිත්‍රපටය මේ වෙනකොට සමත් වෙලා තියෙනවා..

ඉතිං දමිල සිනමාවේ කවුරුත් දන්න සුපිරි තරු දෙකක් වන Sivakarthikeyan සමඟින් Priyanka Arul Mohan ප්‍රධාන චරිත රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය අයත් වන්නේ Mystery/Thriller/Comedy යන ශාරනයන් වලටයි.

ඊට අමතරව Yogi Babu ,Archana Chandhoke , Ilavarasu , Karate Karthi ,Raghu Ram , Deepa Shankar ,Milind Soman ඇතුලු තවත් දක්ෂ රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංගනයෙන් දායක වනවා , යෝගි බාබුයි , අර්චනායි ඉන්නවා කියන්නේ ඉතිං ආතල් ගැන හිතාගන්න පුලුවන්නේ…මේකේ විලන්ගේ චරිතය රඟ දක්වන්නේ Vinay Rai විසිනි..

Nelson Dilipkumar මහතා විසින් අධ්‍යක්ෂනය කර තිර පිටපත් සෑදූ මෙහි නිෂ්පාදනය Sivakarthikeyan Productions යන නිෂ්පාදන බැනරය යටතේ සිවකාර්තිකෙයියන් විසින් සිදු කරලා තියෙනවා.. විනාඩි 150 ක් පුරාවාට ගලාගෙන යන මෙම දමිල චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂනය කරන්නේ අප කවුරුත් දන්න Anirudh Ravichander විසිනි…

ඉන්දීය රුපියල් කෝටි 25 ක් යොදාගෙන නිම කරන මෙම චිත්‍රපටය මේ වන විට ඉන්දීය රුපියල් කෝටි 100 කට වැඩි
මුදලක් උපයාගන්න සමත්වී ඇති බජට් බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් වෙනවා. ඒ වගේම කියන්න ඕනා චිත්‍රපටයෙ ලස්සනම ලස්සන ගීත 4කුත් තියෙනවා ..

අපි යමු කතාව පැත්තට…

වරුන් (සිවකාර්තිකෙයියන්) කියන්නේ හමුදාවේ ඉන්න වෛද්‍යවරයෙක් ඉතිං මේ වරුන් කියන්නේ ටිකක් නිමිච්ච තැන්පත්
චරිතයක්, ඔහොම ඉන්න වරුන්ට තමා පද්මිණීව (ප්‍රියන්කා ) හම්බවෙන්නේ මේක ආදර සම්භන්ධයක් නෙමේ
කතා කරලා කරන්න ගිය විවාහයක් ” ගිය” කියලා මං කිව්වෙ ඇයි බලනවද , ඔව් ඒකට හේතුවක් තියෙනවා හැබැයි ආතල් හේතු ටිකක් ඒව මම කියනවට වඩා ඔයාල බලන එකම තමා හොඳ , ඉතින් ඔන්න ඔය අතරෙ තමා ආරංචි වෙන්නේ පද්මිණීගේ නෑනගෙ දුව චින්නු ස්කෝලෙ ඇරිල එනකොට අතුරුදහන් වෙලා කියලා, කොහොම නමුත් නොහිතපු විදිහට මේ චින්නුව හොය වැඩේට එක පාරටම වරුන් සම්භන්ද වෙනවා .මෙයාල පොලිසියේ නඩුවක් දැන්මත් කිසි කෙනෙක් සත පහකට ගණන් ගන්නේ නෑ.. ඔන්න ඔහොම බලාපොරොත්තු නැති කරන් අඬ අඬා ඉන්නකොට තමා වරුන් කියන්නේ ” අපේ දුවව අපිම හොයාගමු” කියලා . ඉතිං ඔන්න ඔහොමයි කතාව පටන් ගන්නේ. මේ නැති වුන ගෑණු ලමයා අතුරුදහන් උන පලවෙනි කෙනා නෙමේ තව ගොඩක් අය මේ විදිහට අතුරුදහන් වෙනවා, ඉතිං ඔන්න ඔහොම තමා විශාල මිෂන් එකකට මේ ගොල්ලො අඩිය තියන්නේ.ඔය අතරේ බඩ අල්ලන් හිනාවෙන්න පුලුවන් ආතල් නම් අනන්තයි..

එහෙනම් අදට මම සමුගන්නවා ආයෙත් දවසක හමුවෙමු.

හැමෝටම බුදු සරනයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL /HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

32 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    සබට තෑන්ක්ස් චූටියෝ❤️…

    ඒවගේම 100ට සුභ පතනවා. තව තවත් වැඩි වැඩියෙන් සබ් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සහෝ❤️💚

  2. ගැම්මක් තමා කොල්ලො , ❤️❤️❤️❤️❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥🔥❤️🔥❤️🔥❤️🔥🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥🔥❤️❤️🔥🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️❤️🔥❤️🔥❤️🔥🔥❤️🔥❤️🔥❤️🔥❤️

    Good Luck මචං 🍭

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. සුභ පැතුම් මචන් 100ට 😍

  5. ස්තූතියි. …!!!

    100 වෙනි උපසිරසියට සුභ පතනවා…!!!

  6. JAI BHIM avilla thiyenne. ekatath dennakooo. thank

  7. 100ට සුබ පැතුම් චූටියා..❤

  8. Congtzzzzzzzzz

  9. 🎀100 වෙනි උපසිරැසියට🥳සුභ පැතුම් සහෝ🎀

  10. Erida tamil movie eke sinhla sub danna bro puluwannm

  11. සිනෙරූ එකේ අය තමයි හොඳටම කළේ

  12. අශෙන් මධුරංග ස්තුතියි උපසිරැසියට ජයවේවා මුලින්ම හැමදාම දෙනවා එකෙන්ම

  13. බොහෝම ස්තූතියි උපසිරැසියට..කාලෙකට පස්සේ හොද ෆිල්ම් එකක් බලන්න පුලුවන්…❤️👌

  14. 100 ට සුපිරියක්🔥🔥..තෑන්ක්ස් සබ් එකට..❤️‍🔥

  15. 100 වෙනි උපසිරසියට සුභ පතනවා…!!!

  16. වාව් ගැම්මක් තමා ඉතින්.

  17. Jai bhim hd release wel thiynwa ekettat sub ekak ghnna

  18. 100ට සුබ පැතුම් චූටියෝ 🥰❤

  19. Jai Bhim 2021 movie එකට සබ් දෙන්නකො පුලුවන් නම්

  20. Kavindu Nethmina
    Cineru_users

    100 වෙනි උපසිරැසියට සුබ පැතුම් කොල්ලෝ…
    දිගටම මේ වැඩේ කරගෙන යන්න…👍👍❤

  21. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    100 වෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ.

  22. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ 100වෙනි සබ් එකට සුබ පැතුම්

  23. Nilakshi Ekanayake

    Thank you sub ekata..

  24. සුපිරි චූටියෝ ..100 සුබ පැතුම් ..❤❤

  25. අශේන් මදුරංග thanks bro sinhala sube ekata jayawewa..

  26. සුබ පැතුම් සහෝ… මගෙත් 100 doctor 🤗🤗🤗🤗

  27. Achi
    Top Fan ⭐⭐⭐

    අම්මෝ සුපිරියක්…. හිනා වෙන්න පුලුවන් සමහර තැන් වලදි බඩ කොර වෙන්න…. බොහොම ස්තුතියි ආ සබ් එකට

  28. video eka download karama subs enne nane

    • සබ් එක ඩවුන්ලෝඩ් කරගන්න සිංහල උපසිරැසි කියන තැනින්.

  29. sasanka sathyajith

    Thanks for the sub

  30. 100 වෙනි උපසිරසියට සුභ පතනවා thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login