Do Not Enter (2026) Sinhala Subtitles
Do Not Enter (2026) Sinhala Subtitles
4.3
49

Do Not Enter (2026) Sinhala Subtitles | “ අතහැර දැමූ හෝටලයේ බිහිසුණු අභිරහස! ” | සිංහල උපසිරැසි සමඟ

(Do Not Enter (2026) Sinhala Subtitles) (Do Not Enter (2026) Sinhala Subtitle) (Do Not Enter (2026) Sinhala Sub)

යාලුවනේ, අද මම ඔයාලට අරන් ආවේ 2026 වසරේ නිකුත් වුණු, අලුත්ම Horror/Thriller එකක් වෙන “Do Not Enter” චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි.

📌 චිත්‍රපටයේ කතාව (Plot)
මේ කතාව යන්නේ “The Creepers” කියලා හඳුන්වන, පරණ අතෑලා දාපු තැන් හොයාගෙන ගිහින් ඒක Social Media වල Live දාන තරුණ කණ්ඩායමක් ගැන. එයාලා මේ සැරේ තෝරාගන්නේ නිව් ජර්සි වල තියෙන පරණ, අභිරහස් Paragon Hotel එක. මේ හෝටලය ඇතුළේ ලොකු නිධානයක්, සල්ලියක් තියෙනවා කියලා කතාවක් යනවා. හැබැයි එයාලා ඒක හොයාගෙන යද්දී, එයාලට මුහුණ දෙන්න වෙන්නේ වෙනත් නිධන් හොරු සෙට් එකකට විතරක් නෙවෙයි… එතන ඉන්න බිහිසුණු, සුදුමැලි අද්භූත සත්වයෙකුටයි (Pale Creature). මේ බිහිසුණු සත්වයාගෙන් පණ බේරාගෙන එතනින් පැනගන්න එයාලට පුළුවන් වෙයිද?

⭐ IMDb අගය (Rating)
IMDb: 4.3/10
(රේටින් එක පොඩ්ඩක් අඩු වුණාට, Horror සහ Survival ෆිල්ම් වලට ආස අයට මේක මරු අත්දැකීමක් වෙයි!)

👥 ප්‍රධාන නළු නිළියන් (Cast)
Jake Manley (රික් ලෙස)

Adeline Rudolph (ඩයෑන් ලෙස)

Javier Botet (Pale Creature ලෙස) – මතකනේ Conjuring 2 එකේ Crooked Man? අන්න එයා තමයි මෙතනත් ඉන්නේ! (IT, IT CHAPTER 2, වගේ ෆිල්ම් වලත් මෙයා තමයි ඉන්නේ)

✍️ උපසිරැසිය ගැන (Subtitle Info)
සෑමදාම වගේ මේ උපසිරැසියත් මම කරලා තියෙන්නේ ඔයාලට සමීප “කතා කරන බසින්”. ඒ නිසා චිත්‍රපටයේ එන ඒ කුතුහලයයි, බයයි ඒ විදිහටම ඔයාලට දැනෙයි කියලා මම හිතනවා. සබ් එකේ තියෙන දෙබස් ටික අපේ සාමාන්‍ය ව්‍යවහාරයට ගැලපෙන විදිහට තමයි මම සකස් කළේ.

එහෙනම් Do Not Enter බලලා, ඔයාලගේ අදහස් පහළින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා!

ජය වේවා…

~ උපසිරැසිකරණය නවමු රැල්ල සිනේරු ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් ගගනක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් ගගනක

October 31, 2025


42
Total Subtitles

One comment

  1. බොහොම ස්තූතියි අශේන් මල්ලි මේකට සිංහල උපසිරැසි හදල දුන්නට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login