Die My Love (2025) Sinhala Subtitles
Die My Love (2025) Sinhala Subtitles
6.5
74
69

Die My Love (2025) Sinhala Subtitles | “ ආලය වියරුවක් වූ කල ” | සිංහල උපසිරැසි සමඟ 18+

(Die My Love (2025) Sinhala Subtitles) (Die My Love (2025) Sinhala Subtitle) (Die My Love (2025) Sinhala Sub)

උණු උණුවෙම අරන් ආව මේ සබ් එක “Die My Love” චිත්‍රපටයේ.. ඊයේ පෙරේදා Web කොපි Release වුණ මේ චිත්‍රපටය සිනමාහල් වල තිරගත වීම ඇරඹුණේ නොවැම්බර් 7 වෙනිදා.. Thriller සහ Comedy කියන කැටගරි වලට අයත් පැය එකකුත් විනාඩි පනස් අටක ධාවන කාලයක් හිමි මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ 6.5 ක අගයකුත් කුණු තක්කාලි 74% ක අගයකුත් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා.. මේ නමින්ම නිකුත් වුණ Ariana Harwicz නම් සුප්‍රසිද්ධ කතුවරියගේ නවකතාවක් පදනම් කරගෙන ගොඩනැගුණු මේ සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නේ Lynne Ramsay විසින්.. Die My Love චිත්‍රපටයට ප්‍රේක්ෂකය ආකර්ෂණය ඈඳා ගන්න ලොකුම හේතුවක් විදිහට චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හොබවන සුප්‍රකට හොලිවුඩ් නිළි, Academy Award ජයග්‍රාහිකා “Jennifer Shrader Lawrence” හඳුන්වන්න පුළුවන්.. මීට අමතරව ප්‍රසිද්ධ නළු “Robert Pattinson” ද මේ නිර්මාණයට රංගනයෙන් දායක වෙනවා..

“ග්‍රේස්” කියන්නේ තරුණ එක්දරු මවක් වගේම ලේඛිකාවක්.. මෙයාගේ මහත්තයා තමයි “ජැක්සන්” මේ දෙන්නා ජැක්සන්ගේ මහගෙදර ඉඳන් මොන්ටානා වල තියෙන පරණ ගෙදරක පදිංචියට යනවා.. එතනින් තමා කතාව පටන් ගන්නේ.. ජැක්සන් කියන්නේ සාමාන්‍යය මනුස්සයෙක්.. ඒත් ග්‍රේස් කියන්නේ ටිකක් අමුතු, අසාමාන්‍ය දේවල් කරන කෙනෙක්.. දෙන්නා කොයිවෙලෙත් හරිම සතුටින් ඉන්නවා ඒත් එකපාරම ග්‍රේස් ගේ වෙන වෙනස් වීම් එක්ක ජැක්සන්ට එක එක ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ධ වෙනවා.. ග්‍රේස්ට මානසික ආබාධයක් තියෙනවදෝ කියලා ජැක්සන්‍ට වගේම කතාවේ ප්‍රේක්ෂකයන්ටත් කුකුසක් ඇතිකරවනවා මේ චිත්‍රපටය පුරාවටම.. ඉතින් ඒ හින්දම මේ කතාව Psychological Drama කියන කැටගරි එකට ලේසියෙන්ම ඇතුළත් කරන්න පුළුවන්.. ග්‍රේස් ගේ හැසිරීම තත්පරෙන් තත්පරේ වෙනස් වෙන්න ගන්නවා.. මේ අතරේ ජැක්සන් අනියම් සම්බන්ධ පවා පටන් ගන්නවා.. තමන්ට ඕන සතුට ජැක්සන්ගෙන් නොලැබෙද්දි අද්භූත එක අභිරහස් මිනිහෙක් එක්ක ග්‍රේස් සම්බන්ධකමක් පටන් ගන්නවා.. කොහොමහරි මේ වගේ ප්‍රශ්න ගොඩක් එක්ක අවුල් ජාලයක් මේ දෙන්නා අතර හටගන්නවා..

සාමාන්‍ය චිත්‍රපටයකට එහා ගිය අඳුරු මළානික වයිබ් එකක් මේ චිත්‍රපටයට ලබාදීලා තියෙනවා.. රාත්‍රී දර්ශන ගොඩක් වැඩි මේ චිත්‍රපටියේ මොහොතින් මොහොත ප්‍රේක්ෂක ඇස් ඉවත යන්නට නොදී තියාගන්න විවිධ උපක්‍රම යොදාගෙන තියෙනවා..

මේ චිත්‍රපටය වැඩිහිටියන්ට පමණයි. භාෂාව සහ දර්ශන සියල්ල වැඩිහිටියන්ට පමණයි.

ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මලීෂ බණ්ඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මලීෂ බණ්ඩාර

February 3, 2024


142
Total Subtitles

5 comments

  1. Thanks………

  2. I never thought you sub on this movie..
    Its a brilliant one..
    Thanks

  3. thanks………………

  4. තෑන්ක්ස් මචෝ සබට

  5. Women who don’t know why they were born

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login