The title of the page
Decision To Leave (2022) Sinhala Subtitles
Decision To Leave (2022) Sinhala Subtitles
7.4
90
87

Decision To Leave (2022) Sinhala Subtitles | “නික්ම යාමේ තීරණය” | සිංහල උපසිරැසි සමඟ

(Decision To Leave (2022) Sinhala Subtitles) (Decision To Leave (2022) Sinhala Sub)

කොරියානු සිනමා ප්‍රේක්ෂකයන් වැඩිම පිරිසක් නරඹන්නට බලාගෙනම සිටි,නිකුත් වූ සැනින්ම 2022 පසුගිය මැයි මාසයේ පැවැත්වුණු Cannes Film Festival උළෙලේදී Best Director සම්මානයෙන් පවා පිදුම් ලද, දකුණු කොරියාවේ විශිෂ්ටතම අධ්‍යක්ෂක වරයෙක් වුණු Park Chan Wook, අවුරුදු 6ක විවේකයෙන් පසුව අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටය;”Decision To Leave” වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි අද මම ආවේ. 

Park Chan Wook ගේ චිත්‍රපටයකට සිංහල උපසිරැසි දෙන එක මගේ ලොකු හීනයක් වෙලා තිබුනේ. අද ඒක සැබෑවක් කරන්න මට පුළුවන් වුණා. Old boy, Sympathy For Mr. Vengeance, Sympathy For Lady Vengeance, I’m A Cyborg But That’s OK, Thirst, The Handmaiden, Joint Security Area වැනි සම්මානනීය කොරියානු චිත්‍රපට වගේම, Stoker, Trio වැනි විදේශීය චිත්‍රපට අධ්‍යක්ෂණයෙන්ද දායක වුණු Master Park Chan Wook ගැන අලුතින් මං හදුන්වා දෙන්න අවශ්‍ය නෑ කියලා හිතනවා.

Decision To Leave මොන වගේ චිත්‍රපටයක්ද කීවොත්, ප්‍රධාන චරිත නියෝජනයට විශිෂ්ට චීන රංගන ශිල්පී Tang Wei සහ විශිෂ්ට කොරියානු රංගන ශිල්පී දායක වී තිබෙනවා. Tang Wei ගැන කතා කළොත්, පළවෙනි චිත්‍රපටයෙන්ම ඇන්දෝලාත්මක ප්‍රතිචාර ලබාගෙන, කෙටි කාලයක් වාරණයට පවා ලක්‌ වුණු Lust, Caution (2007) චිත්‍රපටයේ හිටපු සුරූපී ඔත්තුකාරිය කොහොම අමතක කරන්නද

මෙවර Decision To Leave චිත්‍රපටය නම් R-Rated චිත්‍රපටයක් නොවන බව මතක් කරන්න ඕනේ. එනමුත් චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් නිර්දේශිතයි. 

ඒ දුක නෙමේද? මුහුදු රැලි

වගේ මිනිස්සුන්ගේ ඇගේ වදින?

තීන්ත ඉහිරෙනවා වගේ,හෙමීට

පැල්ලම් ගෑවෙන.. මිනිස්සුත් ඉන්නවා”

Overview 

  • Movie: Decision to Leave
  • Revised romanization: Heeojil Gyeolsim
  • Hangul: 헤어질 결심
  • Director: Park Chan-Wook
  • Writer: Park Chan-Wook, Jung Seo-Kyoung
  • Producer: Go Dae-Seok, Baek Ji-Sun
  • Cinematographer: Kim Ji-Yong
  • World Premiere: May, 2022 (Cannes Film Festival)
  • Release Date: June 29, 2022
  • Runtime: 138 min.
  • Distributor: CJ Entertainment
  • Language: Korean
  • Country: South Korea
  • Genre: Mystery |Crime | Drama
  • Age Restrictions: 16+

Tang Wei: Seo Rae

[දායක වූ වෙනත් නිර්මාණ: Lust, Caution (2007), Ming Dynasty (2019), Black Hat (2015)]

Park Hae Il: Hae Joon

[දායක වූ වෙනත් නිර්මාණ: High Society (2018), The Host (2006), Memories Of Murder (2003)]

Lee Jung Hyun: Jung An

[දායක වූ වෙනත් නිර්මාණ: Beautiful Days (2001), Peninsula (2020), Alice In Earnest land (2015)]

Park Yong Woo: Ho Shin

[දායක වූ වෙනත් නිර්මාණ: Lovers Concerto (2002), Late Spring (2014), When Camellias Bloom (2019)]

Ko Gyung Pyo: Soo Wan

[දායක වූ වෙනත් නිර්මාණ: The Treacherous (2015), Horror Stories 2 (2013), D.P (2021)]

Summery

හේ-ජූන් (Park Hae Il) බූසාන් අධිකරණ වසමේ සේවය කරන මැදි වියේ පොලිස් රහස්පරීක්ෂක වරයෙක්. ඔහු insomnia රෝගයෙන්ද පෙළෙන අතර, අපරාධ විමර්ශනය ඔහුගේ ජීවිතේ ප්‍රියතම ක්‍රියාවකි.එක්තරා සිද්ධියක් විමර්ශනයේදි ඔහුට සු-රේ නම් මැදි වියේ චීන ජාතික කාන්තාව මුණගැහෙනවා. ඒ මියගිය පුද්ගලයෙකුගේ බිරිද ලෙසයි. හේ-ජූන් ඇයව අපරාධයේ ප්‍රධාන සැකකාරිය කරගන්නවාත් සමගම ඇය පිළිබද උනන්දු වීමටද පටන් ගනී….

Park Chan Wook ගේ පසුගිය චිත්‍රපටය, The Handmaiden (2016) චිත්‍රපටය සමග සසදනවනම්, Decision To Leave සදහා යොදාගෙන තියෙන සියලුම Locations ස්වභාවධර්මයට හුගක් සමීපයි. ඒ වගේම මාත් ඇතුළුව බොහෝ ප්‍රේක්ෂකයන්ට Decision To Leave නරඹද්දි සිහිපත් වුණේ Basic Instinct(1992) ඉංග්‍රීසි චිත්‍රපටයලු. 

කන්ෆියුසියස් කියනවා, නැණවතා මුහුදට ආදරය කරන අතර 

ත්‍යාගවන්තයා කඳු වලට ආදරය කරයි කියලා.

ඉතිං මම ත්‍යාගවන්තයෙක් නෙමෙයි.”

අනිවාර්යෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක් ලෙස Decision To Leave චිත්‍රපටය හදුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂකගේ අනෙක් චිත්‍රපට වගේම එකපාරක් නරඹපු ගමන් මුල,මැද,අග නිරාකරණය කරගෙන, චරිත සියල්ල එකපාරින්ම තේරුම් ගන්න පුළුවන් චිත්‍රපටයක් නෙමෙයි. ඉතිං එකපාර නොතේරුනානම් ආයේ පාරක් නිදහසේ වාඩිවෙලා බලන්න අමතක කරන්න එපා. 

නිකුත් වුණු English Subtitle වල සැලකිය යුතු ගුණාත්මක බවක් තිබුනේ නෑ. ඒත් මම පුළුවන් තරම් නිවැරදිව, තේරුම් ගන්න පුළුවන් විදියට සිංහල උපසිරැසියට දැනට තියෙන Accurate English Sub එකටත් වඩා වැඩි සාධාරණයක් ඉෂ්ට කළා කියලා හිතනවා. 

ඔයා හිතන්නේ ම්නිස්සු මොනවා කියයිද?”

-“මොනතරම් අවාසනාවන්ත ගෑණියක්ද”

එහෙනම් අනිවාරෙන්ම බලන්න.

හැමෝටම ජය!

විසූ රාජපක්ෂ(ක්ලෙමන්ටයින්)🍊

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

10 comments

  1. thanks sub ekta

  2. Thanks for the sub 💖

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    Request :
    DC League of Super-Pets (2022)

  4. Sub ekata thanks

  5. Sulakshana Thilakarathna

    Supiriyak, bohoma ස්තූතියි

  6. Pattaaaaaaaaaaaaaaaaaaaaaa

  7. Krishani
    Cineru_users

    Lassanama film 1k thank you 💜️ 💐

  8. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  9. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    Seoul Vibe (Seoul Daejakjeon) (2022)

  10. Thanks for the sub!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login