Deathstalker (2025) Sinhala Subtitles
Deathstalker (2025) Sinhala Subtitles
5.8

Deathstalker (2025) Sinhala Subtitles | “ මරණයේ ලුහුබඳින්නා ” | සිංහල උපසිරැසි සමඟ

  (Deathstalker (2025) Sinhala Subtitles) (Deathstalker (2025) Sinhala Subtitle) (Deathstalker (2025) Sinhala Sub)

කොහොමද ඉතින් යාලුවනේ ඔන්න ඉතින් අද අරගෙන ආවේ Action සහ Fantasy පිස්සන්ට හරියන, ඒ වගේම අපිව 80 දශකයට අරගෙන යන පට්ටම ෆිල්ම් එකක්.

මේක නිකම්ම ෆැන්ටසි කතාවක් නෙමෙයි, පරණ 1983 ආපු Cult Classic එකක් වුණ Deathstalker ෆිල්ම් එකේ Reimagining එකක් විදිහට තමයි මේක එළියට එන්නේ. කතාව ගලාගෙන යන්නේ “ඩෙත්ස්ටෝකර්” කියන රණශූරයා වටා. එයාට සිද්ධ වෙනවා දරුණු රාක්ෂයන් එක්ක සටන් කරලා, නපුරු බලවේගවලින් පිරිලා තියෙන රාජධානියක් බේරගන්න. මේකේ තියෙන විශේෂම දේ තමයි මේකේ පාවිච්චි කරලා තියෙන “Practical Effects” (ප්‍රායෝගික දෘශ්‍ය ප්‍රයෝග). පරිගණක තාක්ෂණය (CGI) යොදාගන්නේ නැතුව ඇත්තම විදිහට හදපු රාක්ෂයෝ සහ තාත්වික සටන් ජවනිකා තමයි මේකේ දකින්න ලැබෙන්නේ. Deathstalker විදිහට අපි කවුරුත් දන්න, John Wick, Matrix වගේ ෆිල්ම් වල හිටපු Daniel Bernhardt තමයි රඟපාන්නේ.

ඉතින් මේකේ තියෙන “Retro Vibe” එක සහ ක්‍රියාදාම නිසා මේ ෆිල්ම් එක Action ෆිල්ම් ලෝලීන් අතර ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. පරණ ෆිල්ම් වල තිබුණ ඒ ගැම්ම මේකෙත් ඒ විදිහටම තියෙනවා කියලා තමයි විචාරකයෝ කියන්නේ… මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Psycho Goreman, The Void වගේ ෆිල්ම් හදපු දක්ෂ අධ්‍යක්ෂක Steven Kostanski විසින්…

හරි එහෙනම් මෙතන ඉඳන් ඔයාට බාරයි.. මේ වෙනස්ම Fantasy Action අත්දැකීමත් රසවිඳින්න කියලා මතක් කරන ගමන් ආයෙත් දවසක අලුත්ම අලුත් කතාවකින් හම්බවෙනකන් ඔයාලට සුභ දවසක් ජය

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ප්‍රබුද්ධ දර්ශන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ප්‍රබුද්ධ දර්ශන

November 25, 2025


11
Total Subtitles

2 comments

  1. ස්තූතියි දර්ශන සහෝ සබ්එකට…….

  2. thanks…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login