The title of the page
7.5
94

Dasara (2023) Sinhala Subtitle | ” මිත්‍රත්වය වෙනුවෙන් ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම !

කාලෙකට පස්සෙ තවත් අලුත්ම තෙලිඟු සිනමාපටයක සිංහල උපසිරැසි අරගෙන තමා වෙබ් අඩවියට ගොඩ උනේ.වැඩ අස්සෙ බිසී වෙලා ඉන්න මොහොතක බොහෝම අමාරුවෙන් කාලය අරගෙන තමා මේක කලේ.ඉතින් ඔක්කොටම කලින් මේකෙ කාලරාමු සකසල දුන්න අපේ ඉඳුවර මල්ලිට ස්තූති කරන්න ඕන නැත්නම් මේක බොහෝවිට කරන්න බැරිවෙන්න තිබුනා මට.

හරි එහෙනම් මේ වසරේ ජයග්‍රාහී අති සාර්ථක තෙලිඟු චිත්‍රපටයක් තමා මේ Dasara කියන්නෙ.තිරගත වීම ආරම්භ කලේ පහුගිය මාර්තු 30 වෙනිදා.මාසයක් ගත වෙන්න ඔන්න මෙන්න තියල Netflix හරහා තමා ඩිජිටල් පිටපත් මේ විදියට අන්තර්ජාලයට මුදා හැරුනේ.චිත්‍රපටය ගැන කියනවනම් ඉන්දියානු රුපියල් කෝටි 65ක් වගේ මුදලක් වි‍යදම් කරලා නිෂ්පාදන කොට බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 110 වගේ ඉහල ආදායමක් ලබාගන්න සමත් වුනා මෙය.ශ්‍රීකාන්ත් ඔඩෙලා ගේ කුලුදුල් සිනමා නිර්මාණය ලෙසින් නිකුත් වන මෙය SLV Cinema හරහා තමයි ප්‍රේක්ෂකයන් අතරට පත් වන්නෙ.

තෙලිඟු සිනමාවේ Natural Star ⭐  ලෙස නම් දරා සිටින නානි සමඟින් සම්මානනීය ජනප්‍රිය නිලි කීර්ති සුරේෂ් තමා චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය සපයන්නෙ.ඉතින් නානිගෙ සිනමා ජීවිතය වෙනස්ම කඩඉමක් කරා ගමන් කරපු සිනමා නිර්මාණයක් විදියට මෙය හඳුන්වන්න පුලුවන්.මොකද කෝටි 100 ආදායම පසු කල ඔහුගේ පලවෙනි චිත්‍රපටය මෙය වන නිසා.ඒ වගේම කීර්ති සුරේෂ් චිත්‍රපට රැසක අසාර්ථකත්වය (වාණිජමය වශයෙන්) සමඟින්  සිටින මොහොතක තමා මෙහි ජයග්‍රාහී ගමන සිද්ද උනේ.ඉතින් ඔවුන් දෙදෙනාට අමතරව Dheekshith Shetty , Shine Tom Chacko , Samuthirakani වගේ දක්ෂ රංගන ශිල්පීන් රැසක් මෙහි රංගනයෙන් එක් වෙනවා.ඒ වගේම නානිගෙ මේ සිනමා පටය තෙලිඟු සිනමාවේ දෙවන මට්ටමේ ජනප්‍රිය නලුවෙක් පලමු දින ලබාගත් ඉහලම ආදායම වාර්තා කල චිත්‍රපටය ද වනවා.

ඉතින් චිත්‍රපටයේ කතාව ගැන පොඩ්ඩක් මතක් කලොත් සිංගරේනි ගල් අඟුරු පතල් ආශ්‍රිතව තමා මේ කතාවට පාදක ගම ඇතුලු පසුබිම අරගෙන තියෙන්නෙ.ගම තමා එතකොට වීරලපල්ලි.ගමේ ප්‍රධානම ස්ථානය තමා බාර් එක.බාර් එකේ අයිති කෙනාට ගොඩක් මිනිස්සු ගෞරව කරනවා.දරනී සහ එයාගෙ යාලුවො සෙට් එකත් ඉන්නෙ මේ ගමේ තමා.ඉතින් දේශපාලනිකව ගමේ වුනු වෙනසක් තමා මේ කතාව වෙනස්ම මානයකට ඇද දමන්නේ.

එහෙනම් හැමෝටම ආරාධනා කරනව මේ අපූරු තෙලිඟු චිත්‍රපටය නරඹන්න කියල.ආයෙම සබ් එකකින් හමුවෙමු.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

30 comments

  1. සුපිරි thank u subtitles akata film aka download kaකරගෙන බලාගෙන හිටියේ subtitles aka demakal

  2. රැග්නා - සිනමා ලෝකය (Direct Link)

    තෙලුගු සබ් කිං මධුවා , බොහොම ස්තූතියි බොක්ක උපසිරැසියට ….
    උඹටත් සිනෙරූ සෙට් එකටත් ජය වේවා…❤️❤️

  3. Anushka Udayanga

    Video eka nene web dl eka danna

  4. damith chathuranga

    Thanks sudda

  5. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි මදුශාන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  7. Film akath denna bro. Thanks

  8. Download kara ganna widihak nadda

  9. Video eka nane?

  10. Sub ekata thanks wandering earth 2 tath sub eka demuko

  11. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  12. Thasitha Nilanka

    720p ×264 hdrip nane

  13. Anushka Udayanga

    1080p nedda

  14. Thanks for the sub

  15. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

  16. සබට ස්තුතී බ්‍රෝ ජය ✌

  17. බොහොම ස්තූතියි සහෝ
    ඉක්මනින්ම අරගෙන ආවට
    ජය වේවා!

  18. Thasitha Nilanka

    සුපිරියක්ම තමයී

  19. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  20. Thanks brother
    Thank you so much

  21. Ane balanna bahane aiye

    • වීඩියෝ පිටපත් කියන තැනින් වීඩියෝ කොපි ඩවුන්ලෝඩ් කරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login