ආයුබෝවන් හැමෝටම !
කාලෙකට පස්සෙ තවත් අලුත්ම තෙලිඟු සිනමාපටයක සිංහල උපසිරැසි අරගෙන තමා වෙබ් අඩවියට ගොඩ උනේ.වැඩ අස්සෙ බිසී වෙලා ඉන්න මොහොතක බොහෝම අමාරුවෙන් කාලය අරගෙන තමා මේක කලේ.ඉතින් ඔක්කොටම කලින් මේකෙ කාලරාමු සකසල දුන්න අපේ ඉඳුවර මල්ලිට ස්තූති කරන්න ඕන නැත්නම් මේක බොහෝවිට කරන්න බැරිවෙන්න තිබුනා මට.
හරි එහෙනම් මේ වසරේ ජයග්‍රාහී අති සාර්ථක තෙලිඟු චිත්‍රපටයක් තමා මේ Dasara කියන්නෙ.තිරගත වීම ආරම්භ කලේ පහුගිය මාර්තු 30 වෙනිදා.මාසයක් ගත වෙන්න ඔන්න මෙන්න තියල Netflix හරහා තමා ඩිජිටල් පිටපත් මේ විදියට අන්තර්ජාලයට මුදා හැරුනේ.චිත්‍රපටය ගැන කියනවනම් ඉන්දියානු රුපියල් කෝටි 65ක් වගේ මුදලක් වියදම් කරලා නිෂ්පාදන කොට බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 110 වගේ ඉහල ආදායමක් ලබාගන්න සමත් වුනා මෙය.ශ්‍රීකාන්ත් ඔඩෙලා ගේ කුලුදුල් සිනමා නිර්මාණය ලෙසින් නිකුත් වන මෙය SLV Cinema හරහා තමයි ප්‍රේක්ෂකයන් අතරට පත් වන්නෙ.
තෙලිඟු සිනමාවේ Natural Star ලෙස නම් දරා සිටින නානි සමඟින් සම්මානනීය ජනප්‍රිය නිලි කීර්ති සුරේෂ් තමා චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය සපයන්නෙ.ඉතින් නානිගෙ සිනමා ජීවිතය වෙනස්ම කඩඉමක් කරා ගමන් කරපු සිනමා නිර්මාණයක් විදියට මෙය හඳුන්වන්න පුලුවන්.මොකද කෝටි 100 ආදායම පසු කල ඔහුගේ පලවෙනි චිත්‍රපටය මෙය වන නිසා.ඒ වගේම කීර්ති සුරේෂ් චිත්‍රපට රැසක අසාර්ථකත්වය (වාණිජමය වශයෙන්) සමඟින් සිටින මොහොතක තමා මෙහි ජයග්‍රාහී ගමන සිද්ද උනේ.ඉතින් ඔවුන් දෙදෙනාට අමතරව Dheekshith Shetty , Shine Tom Chacko , Samuthirakani වගේ දක්ෂ රංගන ශිල්පීන් රැසක් මෙහි රංගනයෙන් එක් වෙනවා.ඒ වගේම නානිගෙ මේ සිනමා පටය තෙලිඟු සිනමාවේ දෙවන මට්ටමේ ජනප්‍රිය නලුවෙක් පලමු දින ලබාගත් ඉහලම ආදායම වාර්තා කල චිත්‍රපටය ද වනවා.
ඉතින් චිත්‍රපටයේ කතාව ගැන පොඩ්ඩක් මතක් කලොත් සිංගරේනි ගල් අඟුරු පතල් ආශ්‍රිතව තමා මේ කතාවට පාදක ගම ඇතුලු පසුබිම අරගෙන තියෙන්නෙ.ගම තමා එතකොට වීරලපල්ලි.ගමේ ප්‍රධානම ස්ථානය තමා බාර් එක.බාර් එකේ අයිති කෙනාට ගොඩක් මිනිස්සු ගෞරව කරනවා.දරනී සහ එයාගෙ යාලුවො සෙට් එකත් ඉන්නෙ මේ ගමේ තමා.ඉතින් දේශපාලනිකව ගමේ වුනු වෙනසක් තමා මේ කතාව වෙනස්ම මානයකට ඇද දමන්නේ.
එහෙනම් හැමෝටම ආරාධනා කරනව මේ අපූරු තෙලිඟු චිත්‍රපටය නරඹන්න කියල.ආයෙම සබ් එකකින් හමුවෙමු.
ඔබට ජය !
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
April 11, 2019
සුපිරි thank u subtitles akata film aka download kaකරගෙන බලාගෙන හිටියේ subtitles aka demakal
Film ek download karaganna link eka dennko
ලින්ක් දාල තියෙන්නෙ සහෝ දැන්
තෙලුගු සබ් කිං මධුවා , බොහොම ස්තූතියි බොක්ක උපසිරැසියට ….
උඹටත් සිනෙරූ සෙට් එකටත් ජය වේවා…❤️❤️
Video eka nene web dl eka danna
දාලා තියෙන්නේ.
Thanks sudda
Film eke video link eka na neda?
…බොහෝම ස්තූතියි උපසිරැසියට…
ගොඩක්ම ස්තූතියි මදුශාන් සොයුර ……….
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!
Film akath denna bro. Thanks
Download kara ganna widihak nadda
දැන් ලින්ක් දාල තියෙන්නෙ
Video eka nane?
දැන් දාල තියෙන්නෙ සහෝ
Sub ekata thanks wandering earth 2 tath sub eka demuko
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
720p ×264 hdrip nane
දාලා තියෙන්නේ.
1080p nedda
දාලා තියෙන්නේ.
Thanks for the sub
බොහෝම ස්තූතියි උපසිරැසියට…
සබට ස්තුතී බ්‍රෝ ජය ✌
බොහොම ස්තූතියි සහෝ
ඉක්මනින්ම අරගෙන ආවට
ජය වේවා!
සුපිරියක්ම තමයී
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
Thanks brother
Thank you so much
Ane balanna bahane aiye
වීඩියෝ පිටපත් කියන තැනින් වීඩියෝ කොපි ඩවුන්ලෝඩ් කරගන්න.