The title of the page
Classroom of the Elite (2024) S03 E07 Sinhala Subtitles
Classroom of the Elite (2024) S03 E07 Sinhala Subtitles
7.4
94

Classroom of the Elite (2024) S03 E07 Sinhala Subtitles | “කුමන්ත්‍රණය” | සිංහල උපසිරැසි සමඟ

2024 වසරේ Winter Season හි වඩාත් බලාපොරොත්තු සහගතම ඇනිමෙ සීරීස් එකක් වුනු Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e හෙවත් 𝗖𝗹𝗮𝘀𝘀𝗿𝗼𝗼𝗺 𝗼𝗳 𝘁𝗵𝗲 𝗘𝗹𝗶𝘁𝗲 Season 3 සමඟිනුයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. Drama, Suspense, Psychological, School යන Genre වලට අයත් වෙමින් මේ ඇනිමෙ එක Season 3 ට අදාළව කොටස 13 කින් සමන්විත වෙනවා. ඒ කතා මාලාවේ 7 වෙනි කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ.

A පන්තියේ සකයනගිගේ බල කිරීම හමුවේ, B පන්තියේ ඉචිනොසේ හොනමිගේ පාපොච්චාරණය නිසා හොනමිගේ සැඟවුනු ඇත්ත කතාවක් අපිට දැනගන්න ලැබුනා. ඒ කතාව මුළු පන්තියක්ම ඉස්සරහා හොනමි පාපොච්චාරණය කළත් අන්තිමේදි පන්තියේ හැමෝම හොනමි වැරදිකාරියක් විදිහට නොදැක හොනමි එක්කම පාසලේ ඉස්සරහට යන්න එකඟ වුනා. ඒත් එක්කම සකයනගිට පසු බහින්නත් සිද්ධ වුනා. ඊට පස්සෙ පාසලේ වසර අවසාන විභාගෙත් පවත්වලා ඒකෙන් C පන්තියේ හැමෝම සමත් වෙලා තිබුනා. සාමාන්‍යයෙන් එක්කෙනෙක් හරි නෙරපෙන්න ඕනි නිසා මේකෙදි හැමෝම සමත් වෙලා තිබුනු එක ලොකු පුදුමයක් වුනා.

ඒත් නීතියට අනුව පාසල් ක්‍රමයට අනුව එක්කෙනෙක් හරි නෙරපෙන්න ඕනි. ඉතින් මේ වෙනුවෙන් තවත් විශේෂ පරික්ෂණයක් තියන්න තීරණයක් එනවා. මේක මෙතෙක් තිබුනු හැම එකකටම වඩා දරුණු පරික්ෂණයක්. ඒ තමයි පන්ති ඡන්දයක් මඟින් නෙරපෙන්න ඕනි කෙනා අදාළ පන්තියේ ශිෂ්‍යයන්ටම තීරණය කරන්න වෙන එක. ඉතින් දැන් නෙරපෙන්න ඕනි කවුද? කවුරුවත් නෙරපෙන්න සුදුසු නැති අය කියලයි හැමෝම විශ්වාස කරන්නෙ. පන්ති පන්ති අතර වගේම ශිෂ්‍යයො ශිෂ්‍යයො අතරත් සීතල යුද්ධයක් තියෙනවා. තම තමන්ගේ කැමති නෙරපීම් වෙනුවෙන් රහස් සැලසුම් දියත් වේවිද? නෙරපීම කාට කැරකේවිද? බලන්න එහෙනම් මේ 7 වෙනි කොටසින් මොකද වෙන්නෙ කියලා. නරඹන්න එහෙනම් මේ Highschool Psychology ය. උපසිරැසිය ගැන ඔයාගෙ අදහස් කියාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් මීළඟට 8 වෙනි කොටස් තුළින් හමුවෙමු.

Episode Name : People Will Do Anything, No Matter How Absurd, In Order To Avoid Facing Their Own Souls

Aired Date : 2024.02.14

IMDB Rating : 8.3

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

4 comments

  1. ඊලග එපියත් ඕනෙ…
    😉

  2. ඊලග කොටස් ටිකත් ඉක්මනින් දෙන්න පුලුවන් නම් මං සතුටින් 🤭

  3. ilaga ep tikath dennako

  4. Vinland saga , Dr stone anime walatath sub one

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login