The title of the page
Classroom of the Elite (2017) Complete S01 Sinhala Subtitles
Classroom of the Elite (2017) Complete S01 Sinhala Subtitles
7.2
96

Classroom of the Elite (2017) Complete S01 Sinhala Subtitles | “ජයග්‍රහණයේ මෙවලම් වූවෝ” | සිංහල උපසිරැසි සමඟ

Classroom of the Elite Season 1 (2017)
Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e
ජයග්‍රහණයේ මෙවලම් වූවෝ

“ඔක්කොම මිනිස්සු මෙවලම් මිස වෙන කිසි දෙයක් නෙමෙයි.
ඒක කරන්නෙ කොහොමද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි.
මොනව කැප කරන්න සිද්ධ වුනත් ප්‍රශ්නයක් නෑ.
මේ ලෝකෙ දිනන එක තමයි හැමදේම.
අවසානයේ මම දිනන තාක්…එච්චරයි වැදගත්.”

ආයුබෝවන් හැමෝටම.ඔයා මේ එකතු වෙන්නෙ මගේ 8 වෙනි සිංහල උපසිරැසි නිර්මාණය එක්කයි.ඉතින් මේ පාර අරන් ආවෙ ටිකක් වෙනස් කතාවක්.ඒ වගේම මේක තමයි මම උපසිරැසි නිර්මාණය කරපු පළවෙනි High school ඇනිමෙ එක.පෞද්ගලික මම High school ඇනිමෙ වලට එච්චර උනන්දුවක් දක්වන කෙනෙක් නම් නෙමෙයි.මේක කරන්න හිතුවෙත් මගෙ ආසම කැටගරියක් වෙන Psychological genre එක තියෙන නිසයි.හැබැයි ඉතින් මේ තේරීම වැරදි උනෙත් නෑ.😉

𝗬𝗼𝘂𝗸𝗼𝘀𝗼 𝗝𝗶𝘁𝘀𝘂𝗿𝘆𝗼𝗸𝘂 𝗦𝗵𝗶𝗷𝗼𝘂 𝗦𝗵𝘂𝗴𝗶 𝗻𝗼 𝗞𝘆𝗼𝘂𝘀𝗵𝗶𝘁𝘀𝘂 𝗲 AKA 𝗖𝗹𝗮𝘀𝘀𝗿𝗼𝗼𝗺 𝗼𝗳 𝘁𝗵𝗲 𝗘𝗹𝗶𝘁𝗲 කියල කියන්නෙ 2017 වසරේ නිකුත් වුණු 𝘿𝙧𝙖𝙢𝙖,𝙋𝙨𝙮𝙘𝙝𝙤𝙡𝙤𝙜𝙞𝙘𝙖𝙡,𝙎𝙘𝙝𝙤𝙤𝙡 යන Genre වලට අයත් වෙන, මිනිත්තු 24 බැගින් කොටස් 12 ක් පුරා දිවෙන,IMDB දර්ශකයේ 7.6 ක් හා MyAnimelist දර්ශකයේ 7.86 ක අගයක් ලබා ගනිමින් Top anime ලැයිස්තුවේ 783 වන ස්ථානයේ රැඳෙන්නට සමත් වෙන ඇනිමෙ කතා මාලාවක්.ඒ වගේම Syougo Kinugasa විසින් රචිත Light Novel එක අනුසාරයෙන් මෙහි animation නිෂ්පාදන කටයුතු කළේ Assassination Classroom,Monster musume,Magical Girl Raising Project,Scum’s Wish යන ඇනිමෙ නිර්මාණය කරපු 𝐋𝐞𝐫𝐜𝐡𝐞 𝐒𝐭𝐮𝐝𝐢𝐨 එක විසිනුයි.😎

     ඒ වගේම තමයි මේ කතාවෙ ending theme එක හා opening theme එක ගැන නොකිය බෑ.OP එක වෙන ‘Caste Room’ ගීතය හා ED එක වෙන ‘Beautiful Soldier’ ගීතය පිළිවෙළින් ZAQ හා Minami කියන ජනප්‍රිය ජපන් ගායිකාවන් දෙදෙනා ගායනා කරනවා.ඉතින් මේ ගීත දෙකම හරිම ලස්සන ගීත දෙකක්.මම නම් පෞද්ගලිකව මේ ED එකට ඇබ්බැහි වුනා කිව්වොත් නම් නිවැරදියි.ඒක ඒ තරම්ම ලස්සන ගීතයක් වෙනවා.🎶🙈

දැන් අපි යමු story එක පැත්තට. Tokyo Metropolitan Advanced Nurturing High School කියල කියන්නෙ ජපානයේ රජය මඟින් පවත්වාගෙන යන සුඛෝපභෝගී මට්ටමේ උසස් පාසලක්.මේ පාසලේ හැම පන්තියක්ම ඒවයේ ඉන්න ශිෂ්‍යයන්ගෙ දක්ෂතා අනුව වර්ග කරලයි තියෙන්නෙ.ඒ කියන්නෙ පළමු වසර ගත්තොත් class D,class C,class B,class A කියල වර්ග කරලයි තියෙන්නෙ.ඒ අනුව බලනකොට පළමු වසරෙ හොඳම මොළකාරයො ටික ඉන්නෙ class A එකේ.ඒ වගේම මේ පාසලේ අමුතු විදිහෙ නීති ගොඩකුත් තියෙනවා.මේ පාසලේ දිගටම ඉන්න නම් විභාගවලින් සමත් වෙන්නත් ඕනි.ඒ අතරතුරේදි පන්ති අතර ඉහළට යන්නත් ඕනි.ඉතින් පන්ති අතර සීතල යුද්ධයක් හැම වෙලේම තියෙනවා.🤫

අයනොකෝජි කියොතකා කියල කියන්නෙ මේ පාසලේ පළමු වසරට ඇතුළත් වෙන ශිෂ්‍යයෙක්.මෙයා හරිම calm,cool personality එකක් තියෙන කොල්ලෙක්.කොටින්ම කිව්වොත් හිනා වෙන්නෙවත් නැති ජාතියෙ කොල්ලෙක්.මෙයා වැටෙන්නෙත් class D එකට.ඒ කියන්නෙ අදක්ෂයෙක්ද? තව එක එක විදිහෙ චරිත මෙයාට මුණ ගැහෙනවා.හැමෝගෙම අරමුණ තමයි ඉතින් හැමදේටම හොඳම ලකුණු අරන් ඉස්සරහට යන එක.ඒත් අයනොකෝජි… එයාගෙ අරමුණ මොකක්ද? එයාට කාටද උදව් කරන්නෙ? කාගෙ උදව් ද ඕනි වෙන්නෙ? අයනොකෝජි ඇත්තටම මොන විදිහෙ චරිතයක්ද? මේ පාසලේ විශේෂත්වය මොකක්ද? තව දේවල් මම කියන්නෙ නෑ ඒවා හොයාගන්න එක ඔයාට භාරයි…🤫😉

පාසල් සමයේ තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate කරන හැටි බලාගන්න ලැබෙන නියම කතාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ.එක චරිතයක් වටා ගෙතුණු නැති,තවත් චරිත ගණනාවක පසුබිම ගෙන එන මේ කතාව ඇත්තෙන්ම සමහරවිට ඔයාට ඔයාගෙ පාසල් කාලය මතක කරාවි.ඒ කාලෙ ඔයාට මුණ ගැහුනු චරිත ඔයාට මතක් කරාවි.ඒ නිසා මේ කතාව කොහෙත්ම boring වෙන එකක් නම් නෑ.🤐

ඉතින් උපසිරැසිය බාගෙන යන ගමන් comment එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.මේ දිනවල මේ කතාවෙ season 2 විකාශය වෙන ගමන් තියෙන්නෙ.ඒක අවසන් වුනු ගමන් ඒ උපසිරැසියත් අරගෙන එන්නම්.මේ වගේම තවත් උපසිරැසිකින් මුණ ගැහෙනකම් හැමෝටම සුභ වේවා! ජය වේවා!🤗

ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන්:- හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

16 comments

  1. Thank youuuu 😍🖤

  2. බොහොම ස්තුතියි නියම වැඩක්

  3. thanks brosub එකට, season 2 දෙන්න..❤

  4. Season 2 එකත් දෙන්න ඉක්මනට පුලුවන් නම්

  5. Season 2 ekatath sub one

  6. Episode 4 saha 10 adui video copy eke.puluwan nam eka upload karanna.sub ekata thanks

  7. Thank you sub ekata. Season 2 ekatath sub oni🙂

  8. Made in Abyss season 1 , 2 sinhaalk subs dennako godak lassana anime ekak

  9. ලංකන් weebs

    බොහොම ස්තූතියි හැමෝටම❤️
    Season 2 පුලුවන් ඉක්මනින් අරන් එන්නම්✌️🤗

  10. Ayye meke subtitle vala error ekak enavane
    eka hadanna puluvanda ikmanata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login