The title of the page
Cirkus Sinhala Sinhala Subtitle
Cirkus Sinhala Sinhala Subtitle
4.9
39

Cirkus (2022) Sinhala Subtitles | “නිවුන් සොහොයුරන්ගේ ජරමර” | සිංහල උපසිරැසි සමඟ

(Cirkus (2022) Sinhala Subtitles) (Cirkus (2022) Sinhala Subtitle) (Cirkus (2022) Sinhala Sub) (Cirkus Sinhala Subtitle) (Cirkus Sinhala Sub)

ඔන්න අදත් තවත් හින්දි චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන ආවා..ෆිල්ම් එකේ නම තමයි Cirkus (2022)..මේකට 4.9 ක IMDb අගයක් වගේම 39% ක ගූගල් පරිශීලක මනාපත් හිමිවෙලා තියෙනවා..වැඩි කතා නැතුව අපි ෆිල්ම් එකේ කතාව පැත්තට හැරෙමු..

ඩොක්ටර් රෝයි ජනම්දාස් තමන්ගෙ අනාථ නිවාසයේ දොරකඩ ලග දාලා ගියපු නිවුන් දරුවන් දෙදෙනෙක්ව හොයා ගන්නවා.මොකද්ද එයා ඊලගට කරන්නේ?…ඉක්මනටම ඒ නිවුන් දරුවො දෙන්නව නිවාසයෙ හිටපු තවත් නිවුන් දරුවො දෙන්නෙක් එක්ක මාරු කරලා ඊට පස්සේ නගර දෙකක පවුල් දෙකකට දරුකමට හදා ගන්න දෙනවා.එයා මේ වැඩේ කරන්නෙ එයාගෙ එක පර්යේෂණයක අත්හදා බැලීමක් වෙනුවෙනුයි. කොහොම වුණත් ඒ නිවුන් දරුවො ඒ ඒ පවුල්වල හරිම ලස්සනට උස් මහත් වෙනවා.ඔන්න ඉතින් මෙහෙම ලොකු වෙන එයාලා අවුරුදු ගාණකට පස්සෙ , එකම නගරෙකදි මුණගැහෙනවා.මේ නිවුන් සහෝදරයින්ගෙන් එක නිවුන් ජෝඩුවක් සර්කස් එකක් කරගෙන යනවා. අනික් නිවුන් ජෝඩුව වෙනත් වැඩකට ඒ නගරෙට ගිය ගමනෙදි තමයි අන්තිමේ එයාලට එයාලගෙ ඇත්තම නිවුන් සහෝදරයන් මුණ ගැහෙන්නේ.ඊට පස්සේ මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ..

මේ චිත්‍රපටිය අතරින් පතර තියෙන හාස්‍ය ජනක රගපෑම් නිසා මුල ඉදන් අග දක්වාම කම්මැලි කමක් නැතිව නරඹන්න පුලුවන්.ඒ වගේම හරිම විචිත්‍රවත් දර්ශන පසුතල නිසා චිත්‍රපටියෙන් ඇස් අහකට ගන්න හිතෙන්නෙත් නෑ.ඒ තරම්ම ඇස් හොරකම් කරනවා.රන්වීර් සිං , පූජා හෙජ් , ජැකලින් ෆර්ඩිනැන්ඩ්ස් , ජොනී ලීවර් ,දීපිකා පදුකෝන් වගේම තවත් නලු නිලියන් බොහෝ දෙනෙක් මේ සදහා රංගනයෙන් දායක වෙලා තියනවා.ඒ වගේම මේ චිත්‍රපටිය රෝහිත් ශෙට්ටි ගේ අධ්‍යක්ෂණයක්..තවත් උපසිරැසියකින් මුණගැහෙමු..

හැමෝටම සුබ දවසක්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අනුරාධා දිල්හානි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අනුරාධා දිල්හානි

December 23, 2022


5
Total Subtitles

4 comments

  1. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි අනුරාධා සොයුරිය ……….

    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

  3. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  4. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login