The title of the page
Chor Nikal Ke Bhaga (2023) Sinhala Subtitles
Chor Nikal Ke Bhaga (2023) Sinhala Subtitles
8
57
92

Chor Nikal Ke Bhaga (2023) Sinhala Subtitles | “හොරා පැනලා ගියා” | සිංහල උපසිරැසි සමඟ

(Chor Nikal Ke Bhaga (2023) Sinhala Subtitles) (Chor Nikal Ke Bhaga (2023) Sinhala Sub)

සුභ දවසක් හැමෝටම ,

ඔන්න මාර්තු මාසෙට තවත් ඇළුත් උපසිරසක් අරගෙන මම ආවා. Chor Nikal Ke Bhaga එහෙමත් නැත්නම් “හොරා පැනලා ගියා” කට්ටියට ෆිල්ම් එකේ ටයිටල් එකෙන්ම මේක මොනවගේ ෆිල්ම් එකක් ද කියලා හිතා ගන්න පුළුවන් ඇතිනේ.. එහෙම කිව්වට මේක වෙන ෆිල්ම් එකක කොපියක් කියල නම් හිතන්න එපා මොකද මේකෙ යන්නෙ වෙනස්ම කතාවක් , ඒවගේම මේක මගේ භාශාවෙන් කිව්වොත් ‘මල් ෆිල්ම්’ එකක් නෙවෙයි , මේක එක්තරා විදියක ත්‍රිලර් ටයිප් කතාවක්

යමී ගෞතම් , ඇය ගැන කිව්වොත් බොලිවුඩ් වලට ගහන ‘රීමෙක් වුඩ්’ ටැග් එකෙන් බොලිවුඩ් වල නම තවදුරටත් එහෙම්ම තියාගන්න මහන්සි වෙලා නිහඩ සේවයක් කරන රංගනවේදිනියක් , ඒක එහෙමයි කියල මීට කලින් මම ම උපසිරැසි ගැන්වූ #LOST ෆිල්ම් එකෙනුත් ඔබ දකින්න ඇති

ඒවගේම ශිද්ධත් චිත්‍රපටයෙන් ඔබ හද තුළ ලැගුම්ගත් ඒ ආදරවන්තයා , ‘සනී කෞෂාල්’ ඔයාලට නැවතත් ඔයාලට මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන් වෙනවා , මේකෙත් එයා හරි අපූරු ආදරවන්තයෙක් තමයි..

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Yami Gautam – [නේහා ග්‍රෝවර්]
Sunny Kaushal – [අංකිත් සේති]
Sharad Kelkar – [පර්වීස්]
Indraneil Sengupta – [සුධාන්ෂු]

අංකිත් සහ නේහා පෙම්වතුන් ලෙස කාලය ගත කරද්දි , අංකිත් පසුපස මැරයින් පිරිසක් හබාගෙන පැමිණෙනවා. නේහා මේ පිළිබදව අංකිත්ගෙන් විමසනවා. එහිදී අංකිත් තමා පෙර දියමන්ති සම්බන්ධ සමාගමක රැකියාව කළ බවත් , ඔහු යටතේ වැඩකල සේවකයෙකුගේ අතින් නැතිවූ දියමන්ති වල පාඩුව පියවා ගැනීමට මෙලෙස මැරයින් ඔහු පසුපස එන බව ඔහු නේහාට පවසයි , මේ අතරම එම පාඩුව පියවීමට අංකිත් ළග සල්ලි නොමැති නිසා එයට හිලව් වශයෙන් අංකිත්ට දියමන්ති සොරකමක් කිරීමට දුරකථන ඇමතුමක් හරහා ඔහු වෙත තර්ජනාත්මකව අමතයි.. අංකිත් දියමන්ති සොරකම් කරයිද ?

එහෙමත් නැත්නම් වෙන කෙනෙක් දියමන්ති අරගෙන පැනල යයිද ?
මම නම් කියන්නෙ නෑ.. ඔයාලම කතාව බලල ඉන්නකෝ..

එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිෂ්ක සංකල්ප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිෂ්ක සංකල්ප

July 7, 2022


31
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි කවිෂ්ක සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  3. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login