The title of the page
Chithha (2023) Sinhala Subtitles
Chithha (2023) Sinhala Subtitles
8.4
80

Chithha (2023) Sinhala Subtitles | “පරවෙන මල් කැකුළු” | සිංහල උපසිරැසි සමඟ

(Chithha (2023) Sinhala Subtitles) (Chithha (2023) Sinhala Subtitle) (Chithha (2023) Sinhala Sub) (Chithha Sinhala Subtitle) (Chithha Sinhala Sub)

එල්ලෝරුම් වනක්කම් 😌♥️

ඔන්න මේ දවස් වල හැමෝම හොයන ෆිලුමක් අරන් ආව..මාත් බිසී ටයිම් එකක හිටියත් සමිත අයියගේ ඉල්ලීමට ෆිලුමත් හොද නිසා ඔන්න වැඩේට බැස්සා එහෙනම්.. One day මැච් එකක්‌ ගහලා තමයි අරන් ආවේ.. යන්කෝ එහෙනම් ෆිලුම දිහාට

මෙදා සැරේ අපේ සිද්ධාර්ත් කොලුවා හොද පිටපතක් තෝරාගෙන තියෙනවා හැබැයි.. කලින් ආපු Takkar 2023 ෆිලුමත් ලොකුවට ගියෙ නෑ නෙ.. හැබැයි අපරාදේ කියන්න බෑ මේ Chithha 2023 ෆිලුම නම් ගින්දර ටිකට තියෙනවා ඇ… අවන්කවම කියනවා නම් මං සිද්ධාර්ත්ගෙ හොදම ඇක්ටින් දැකපු ෆිල්ම් එකක්.. මොකද ඒ ඒ Scene වලට දීපු Facial Expression නම් මරු.. පට්ට සදාරණයක් කරල තියෙනවා ෆිලුමට..

 ඒවගේම කියන්න ඕන මේකේ රගපාන ඒ පොඩි දරුවාගේ රංගනය.. අඩේ Next Level තිබ්බ ඇ.. මරු.. එයාගේ පලවෙනි ෆිලුම කියලා හිතාගන්නවත් බැරි තරම් ලස්සනයි.. ඔයාලත් බලන්නකෝ.. ඔයාලටම තෙර්යි ❤️

Chithha කියන මේ tamil ෆිලුම අයත් වෙන්නෙ Crime/Thriller/Drama කියන Category එකට.. ඒවගේම අධ්‍යක්ෂණය කරන්නෙත් S. U. Arun Kumar කියන අධ්‍යක්ෂකවරයා.. නමින් මීටර් නැති උනාට, සුපිරි කොලිවුඩ් නළු විජේ සේතුපතිගෙ 2019 ආපු Sindhubaadh ෆිලුම ගොඩක් අයට මතක ඇතිනේ.. අන්න ඒ ෆිලුම අධ්‍යක්ෂණය කරල තියෙන්නෙත් මේ අධ්‍යක්ෂකතුමාම තමයි.. එතකොට IMDB පැත්තට ගියොත්, ඔන්න IMDB රේට් එක බලලා ෆිල්ම්ස් බලන කට්ටිය නම් මේක මිස් කරගන්න එකක් නැති වෙයි.. මොකද මේකට 8.4/10 ක්‌ වගේ ගොඩක් ඉහළ IMDB රේට් එකකුත් ලැබිල තියෙනවා..
Cast එක නම් කිසිම අවුලක් නෑ.. වැඩේට ගැලපෙන අයම වැඩේට යොදාගෙන තිබුනා.. එයාලගේ නම් පහලින් දාන්නම්..

Cast

Siddharth as Eeswaran “Ees”, Sundari’s uncle (Chithha)
Sahasra Shree as Sundari “Settai”, Eeswaran’s niece
Nimisha Sajayan as Sakthi, Eeswaran’s love interest
Anjali Nair as Sundari’s mother and Eeswaran’s sister-in-law

ෆිලුම දුවන්නේ තනිකරම ළමා අපචාර, දුෂණ හා මිනීමැරීම කියන සිද්දි වටා..
මං නම් කියන්නේ මේ වගේ ෆිල්ම්ස් ලංකාවේ බැනර් ගහලා පෙන්නන්න ඕන.. මොකද මාරම වැදගත් කන්ටෙන්ට් එකක් තියෙනවා ෆිලුමේ.. දෙයියන්ගේ පිහිටෙන් ලංකාවේ නම් මේ වගේ සිද්දි අපිට අහන්න දකින්න ලැබෙන්නේ ගොඩක් කලාතුරකින්.. හැබැයි ඉන්දියාවේ නම් මේ වගේ සිද්දි සාමන්‍යයෙන් වැඩී වැඩියෙන් සිද්ද වෙනවා කියලා තමයි කියන්නේ.. කාන්තාවක්ට හිතේ බයක් නැතුව පාරේ බැහැල යන්න තියෙන අවකාශයත් බොහොම අඩුයිලු එක එක පැති වල…

අනික් දේ තමයි, පොඩි ළමයින්ගේ කාරණා වලදී ටිකක් සංවේදී අය, පොඩ්ඩක් මේකෙ සංවේදී තැන් ටිකකුත් තියෙනවා කියන කාරණේ ඔළුවේ තියාගෙනම බලන්න..

මොකද වෙන්නේ කියලා පොයින්ට් විදිහට පොඩ්ඩක් කියන්නම්..

තමන්ගේ අයියගේ දුවව පණටත් වැඩියෙන් ආදරේ කරන “ඊසු”.

බාප්පට තමන්ගේ තාත්තාට තරම්ම ආදරේ වයස අවුරුදු 8 “සුන්දරී” නම් ගැහැණු දරුවෙක්.

සුන්දරීගෙ හොදම මිතුරිය හදිස්සියේ නාදුනන අයෙකු විසින් “දුෂණයට” ලක්වීම.

මේ කාරණාවට කිසිම සම්බන්දයක් නැති “ඊසු” හසුවීම.

මේ සිද්දි සියල්ලම අතරේ සුන්දරීව “නාදුනන අයෙකු” විසින් පැහැර ගැනීම..

ඔය කිව්වේ මුල් ටික.. සෑහෙන්න ලොකු සිද්දියක් තියෙනවා.. අනිවාර්යෙන් හැමෝම බලන්න මිස් කරගන්න නම් එපා..

අදට ගිහිල්ල එන්නම්.. හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

දියණියන් සිටින ඔබ නැරබිය යුතුම චිත්‍රපටයක්!

Highly Recommended!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

17 comments

  1. සුපිරි thank u brother subtitles akata ❤❤❤

  2. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Me karana kepakiremata double salute….

  4. Wow.. morning walama dakk… thank subtitles ekata dear brother ❤️❤️

  5. laKMal
    Cineru_users

    ශානා… සුපිරියක් තමයි ඉතිං….
    තෑන්ක්ස් මචං සබට…

  6. Broo…pippa 2023 ekata sub ona..

  7. google translate වගේනෙ.
    උදාහරනෙකට,

    00:03:18 – “වෙනස පසුව ලබා ගන්න” කියල තියෙන්නෙ. එන්න ඕනෙ “ඉතුරුව පස්සෙ ගන්න” කියලනෙ.

    • මම හිතන්නේ ඔයා තමයි ගූගල් ට්‍රාන්ස්ලේට් කරගෙන තියෙන්නේ..ඔයා ඔය කියලා තියෙන්නේ Esub එකේ තියන එක සිංහලට හරවලා..ඒත් සබ් එකේ තියෙන්නේ “එද්දි ඉතුරු ගන්න” කියලා..එක්කෝ ඔයා වෙන සයිට් එකකින් ගත්ත සබ් එකකින් ෆිල්ම් එක බලලා මෙතන කමෙන්ට් කරලා වගේ..සයිට් එකේ නම හරියට බලලා එන්න මචං..

    • Shan Sasanga (ශානා)
      Cineru Family Member

      ඔය කොමෙන්ට එක අපිට අදාළ නෑ.. මගෙ සබ් වල කවදාවත් චාටර් ට්‍රාන්ස්ලේට් නෑ සගෝ.. සබ් ගත්තාම සබ් එකෙයි ෆයිල් නේම් එකේයි “සිනෙරූ” කියල නම තියේද කියල හරියටම බලලම චෝදනා කරන්න..🤦‍♂️🤷‍♂️

  8. 12th fail sinhala sub kaarala one

  9. Animal 2023 cam copy එකට subtitle දෙන්නකෝ

    • අනේ ගොඩාරියක් ස්තූතියි සිංහල උපැසිරසට❤️😘😘

  10. මං මෙක බැලුවා … කිව්වත් වගේම අර පොඩි කෙලිපැටික්කිගෙ රංගනය නම් නියමයි..
    ෆිල්ම් එක හොද මට්ටමේ තියෙනව
    Subtitle එක 🌟 🌟🌟🌟🌟🙂😍❤️

  11. Uchini Perera
    Cineru Family Member

    සබ් එකට තෑන්ක්ස් මලයා 💜️

  12. මේ 12th fail sinhala sub karala dennko😍😍😍

  13. මරු ❤️ 12 th fail එකටත් සබ් ඕන මචන්

  14. thanks…………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login