The title of the page
Chickenhare and the Hamster of Darkness (2022) Sinhala Subtitles
Chickenhare and the Hamster of Darkness (2022) Sinhala Subtitles
6.4
73

Chickenhare and the Hamster of Darkness (2022) Sinhala Subtitles | “අන්ධකාරයේ හැම්ස්ටර් සොයා…” | සිංහල උපසිරැසි සමඟ

(Chickenhare and the Hamster of Darkness (2022) Sinhala Subtitles) (Chickenhare and the Hamster of Darkness (2022) Sinhala Sub)

Chickenhare and the Hamster of Darkness යනු මේ වසරේ (2022) ජූනි 10 වන දින Netfilx හරහා විකාශය වූ Animation | Adventure කාණ්ඩයට අයත් චිත්‍රපටයකි.Ben Stassen විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ Chris Grine විසින් රචිත Chickenhare නම් ග්‍රන්ථයයි.මේ වන විට 6.4 ක පමණ IMdb අගයක් ලබා ඇත…ඉතින් වැඩි විස්තර නැතුව කතාව ගැන ටිකක් බලමුකෝ…..

පීටර් සහ ලපින් කියන්නෙ සහෝදරයන්..මොවුන් දෙදෙනාම වික්‍රමාන්විතයො…දවසක් මෙයාලා අද්භූත “අන්ධකාරයේ හැම්ස්ටර්” සොයා ගවේෂණයක යෙදුනා.ඒත් ඔවුන්ට එය සොයාගන්න ලැබුනේ නෑ…ඒ වෙනුවට ඔවුන්ට හමුවුනේ ළදරුවෙක්.මෙයා අනිත් අයට වඩා පෙනුමෙන් වෙනස් කෙනෙක්…පීටර්ට මොහුව දාලා යන්න හිතුන් නෑ.ඉතින් ඔහුව දරුකමට හදාගෙන ඔහුගේ පුතා විදිහට ඇතිදැඩි කරනවා…මේ පොඩ්ඩගෙ නම තමයි ‘ච්කන්හෙයා’

මෙයා ලොකු වෙනකට වික්‍රමාන්විත වලට පුදුම ආසාවක් දැක්කුවා..තාත්තා වගේ වෙන්න හීන දැක්කා..ඒත්…යම් යම් හේතු කාරනා නිසා ඒක මෙයාට ලේසි වුනේ නෑ…ඉතින් ඔය අතරේ මෙයා “අන්ධකාරයේ හැම්ස්ටර්” ගැන වැඩි අවධානයක් දක්වනවා.ඒ මොකද ඒක හොයාගන්නවා කියන්නෙ ආයෙ ඉතින් සුපිරිම වැඩක් කියලා තමයි හිතන් ඉන්නෙ..ඒක ගැන හොයන එකේ ප්‍රතිඵලයක් විදිහට මෙයා ලපින් මාමාව හම්බෙන්න යනවා..ලපින් මාමා මේ වෙද්දි ඉන්නෙ හිරේ…ඒ ඇයි කියලා දැනගනීවි බලනකොට…එයාව හම්බෙන්න ගිය වෙලාවෙ ලොකු විනාසයක් වෙනවා….ඒ මොකක් වෙන්න ඇතිද…මේ නිසා ප්‍රශ්ණ ගොඩක් ඇතිවෙනවා…ඒ නිසා මෙයාට යන්න වෙන වික්‍රමාන්විත ගමනක් ගැන තමයි මේ කතාව දිවෙන්නේ..හැබැයි තනියම නම් නෙවෙයි…ඒ හරි අපූරු යාළුවෝ දෙන්නෙකුත් එක්ක.

එහෙනම් කතාව බලන්නකෝ…පොඩි දෙයක් කියන්නද..

“පොතක පිට කවරය බලලා…කවදාවත් ඇතුලේ තියෙන කතාව තීරණය කරන්න එපා”

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Shawini S Lakmali (සාවි) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Shawini S Lakmali (සාවි)

March 25, 2022


14
Total Subtitles

6 comments

  1. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:
    Spiderhead (2022)

  3. බොහෝම ස්තුතියි සහෝ… ගොඩ කාලෙකින් මේ වගේ ෆිල්ම් එකක් බලන්නෙ. ජය වේවා සහෝ. දිගටම යමු.

  4. Amuthu sundara lassna kathawak lassni athatma thanks sub eka wenuen..

  5. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි… 😊👍

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login