Chand Mera Dil (2026) Sinhala Subtitles
Chand Mera Dil (2026) Sinhala Subtitles
7.7

Chand Mera Dil (2026) Sinhala Subtitles | “ මගේ සඳ ඔබයි ” | සිංහල උපසිරැසි සමඟ

(Chand Mera Dil (2026) Sinhala Subtitles) (Chand Mera Dil (2026) Sinhala Subtitle) (Chand Mera Dil (2026) Sinhala Sub)

කොහොමද හැමෝටම!
අද අරන් ආවේ මමත් OTT රිලීස් වෙනකන් බලාගෙනම ඉඳපු ෆිල්ම් එකක්. ඒ වගේම මේකට සබ් ගහන්න ඕනෙ කියලා හිතුණෙත් මේකෙ ට්‍රේලර් එක දැකපු දවසෙමයි. ඒ කියන්නෙ දැන් මාස දෙකකට විතර කළින්. විශේෂ හේතුවක් නෑ, ඒත් Trailer එක බලද්දි සහ music ඇහෙද්දි හිතුණා ලස්සන ස්ටෝරි එකක් වේවි කියලා.

කොහොමහරි මේක මං එදා හිතපු කතාවට වඩා හාත්පසින්ම වෙනස්. ඒ වගේම Trailer එකේ තිබ්බටත් වඩා ලොකු කතාවක් ෆිල්ම් එක තුළ තිබුණා. ඒ වගේම සෑහෙන කාලෙකට පස්සෙ බලපු හොඳම හින්දි ලව් ස්ටෝරි එකක් කිව්වත් වැරැද්දක් නෑ. 😌

එහෙනම්, ටිකක් විස්තර කතා කරමු Chand Mera Dil ගැන.

මේ ෆිල්ම් එකේ ඉන්දියාවේ තිරගත වීම ඇරඹුණේ පසුගිය මැයි 22 වෙනිදා. මිනිත්තු 145ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක Dharma Productions නිෂ්පාදනයක්.
කතාව සහ අධ්‍යක්ෂණය Vivek Soni. ප්‍රධාන චරිත නිරූපණය Lakshya සමඟින් Ananya Panday.
ෆිල්ම් එක මේ වෙද්දි ඉන්දියානු රුපියල් කෝටි 37ක් උපයා තියෙනවා වගේම IMDb මීටරය 7.7ක් වෙනකන් කරකවලා තියෙනවා.

කතාව spoil නොකර කෙටියෙන්ම කිව්වොත්, යන්තමින් තරුණ වයසට එළඹුණ ගමන්ම හිත්වල ඇතිවෙන සැබෑ ආදරය සහ නොමේරුකම නිසා අරගන්න වැරදි තීරණවලින් ලස්සන තරුණ ජීවිත වෙනස් වෙන්නෙ කොහොමද කියන එක ගැන රෝමාන්තික සහ ආදර්ශමත් විදිහට දැනෙන්නම කතා කරලා තියෙනවා.
විනාඩි 145 ඇතුළෙ බලන්න ලොකු දෙයක් නිර්මාණය කරලා තියෙනවා, මට පෞද්ගලිකව කිසිම මොහොතක කම්මැලිකමක් දැනුණෙ නෑ. ඇත්තම කිව්වොත් පහුගිය කාලේ ලොකුවටම hype වුණු බොහෝමයක් හින්දි ලව් ස්ටෝරි වලට වඩා මට මේක සුපිරියි. ❤️👌

එහෙනම් ඉතින් Chand Mera Dil බලලාම මං කියන දේ ඇත්තද, බොරුද කියලා තීරණය කරන්න.
තවත් උපසිරැසියකින් හමුවෙමු… ✌️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිසුර සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිසුර සංජන

May 22, 2025


128
Total Subtitles

3 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචෝ උපසිරැසියට

  2. me tv series sinhala subs denna puluwanda

    MANDALA MURDERS 2025

    SEARCH: The Naina Murder Case

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login