The title of the page
Chanakya Thanthram (2023) Sinhala Subtitles
Chanakya Thanthram (2023) Sinhala Subtitles
5.1
79

Chanakya Thanthram (2018) Sinhala Subtitles | අභිරහස් මරණ | සිංහල උපසිරැසි සමඟ

සුභ දවසක් හැමෝටම ඔන්න තවත් ෆිලුමකට සබක් අරගෙන ආවා..

මේක නම් ටිකක් පරණ මලයාලම් එකක්.. හැබැයි සුපිරියක් ❤️ වැඩේ බාරදුන්නේ සුපුරුදු විදිහට අපේ සමිත අයියා ❤️

මං සාමන්‍යයෙන් වැඩිපුරම ගේන්නේ Crime & Thriller ටයිප් එකේ ෆිල්ම්ස් නෙ.. ඔන්න එහෙනම් මේකත් ඒ ජාතියේ එකක්.. මේක රිලීස් වෙලා නම් ටික කාලයක් වෙනවා.. ඔරිජිනල් භාෂාව මලයාලම්.. Tamil ඩබ් කරපු එකකුත් ඇති ඒක ගන්න එපා, මොකද සබ් එක ගැහුවේ මලයාලම් එකට 😉

මේක අධ්‍යක්ෂණය කරන්නේ Kannan Thamarakulam කියන අධ්‍යක්ෂක වරයා විසින්.. ඒවගේම මේකෙ ප්‍රධාන චරිතය කරන්නේ මං ගොඩක් ආස නළුවෙක් වන Unni Mukundan 🥺❤️ සුපුරුදු පරිදි උන්නිගේ ඇක්ටින් හොද මට්ටමක තිබුන.. ඒවගේම ස්ටෝරි එකත් සුපිරි.. අවසන් වෙනකම් හොද Thrill එකක් තිබ්බා 🔥

Cast
◆ Unni Mukundan as Arjun Ram Mohan
◆ Anoop Menon as Iqbal IPS
◆ Shruti Ramachandran as Andrea/Miya
◆ Shivada Nair as Irene
◆ Hareesh Perumanna as Avinash
◆ Niyaz Musaliyar as Gokul

විස්තරේ චුට්ටක් කියන්නම් 🤭

අර්ජුන් කියන්නේ අපරාධ විද්‍යා උපාදියක් අරන් රහස් පරික්ෂකයෙක් වෙන්න ආසාවෙන් ඉන්න කොල්ලෙක්.. ඉතින් මෙයා පෞද්ගලික රහස් පරීක්ෂණ ආයතනයකට එකතුවෙලා වැඩ කරන්න ගන්නවා.. ආයතනය කරන් යන්නේ ලස්සන කෙල්ලෙක්.. කෙල්ලත් පොඩ්ඩක් මෙයාට ලයින් ඉතින් 😉 මෙයාට මෙහෙදී කරන්න තියෙන වැඩේ තමයි එක්තරා මිනිස්සු 4 දෙනෙක්ගෙ විස්තර දෙනවා.. එයාලව ෆලෝ කරලා, එයාල කරන කියන දේවල් සේරම දැනුම් දෙන එක… මෙයා ඒ වැඩේ සාර්ථකව ඉවර කරාම හදිස්සියේ මේ මිනිස්සු 4 දෙනා එකින් එකට මැරෙන්න ගන්නවා.. ඒවත් හදිස්සි අනතුරු වලින්.. කොටින්ම කියනවා නම් මේක මිනීමැරුමක් කියලා අර්ජුන්ටත් තේරෙනවා.. ඊටපස්සේ

◆ මේ මිනී මැරුම් වලට අර්ජුන් මාට්ටු වෙයිද..
◆ මිනී මරුව කව්ද කියලා අර්ජුන් හොයා ගනීද…
◆ තවත් වෙන මිනීමැරුම්ල වළක්වන්න අර්ජුන්ට පුළුවන් වෙයිද…

මේ සේරම දැනගන්න මේ සුපිරි Thriller ෆිලුම බලන්න කියලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනව ❤️

අදට ගිහින් එන්නම් ❤️ හැමෝටම බුදුසරණයි ❤️ ජේසු පිහිටයි ❤️

Cineru එක්කම ඉන්න.. අලුත්ම ෆිල්ම්ස් බලන්න 😉🤍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

4 comments

  1. Thank u subtitles akata

  2. Lakshitha Prabath
    Cineru_users

    සබ් එකට තැන්ක්ස් බ්‍රෝ

  3. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login