The title of the page
98

Catman (2021) Sinhala Subtitles | “බළල් මිනිසා” | සිංහල උපසිරැසි සමඟ

(Cat Man (2021) Sinhala Subtitles) (Cat Man (2021) Sinhala Sub)

සිනමා රසිකයන් හැම කෙනෙක්ටම සුබ අලුත් අවුරුද්දක් වේවා !

අද අරගෙන ආවෙ Modern / Romance / Fantasy ගණයේ චීන – ද.කොරියානු චිත්‍රපටයක්.
( Chinese 🇨🇳 – South Korean 🇰🇷 )
සිනෙරු වෙබ් අඩවිය විසින් ලබා දෙන මෙම උපසිරැසිය රසික ඔයාලට අපි අරන් එන්නෙ පුංචි තිළිණයක් විදිහට. ශ්‍රී ලංකාව තුළ චීන ටෙලි තිරය හා චීන සිනමාවට පමණක්ම වෙන් වුනු පළවෙනි Facebook රසික සංසදය තමයිOfficial SL Chinese Drama Fans – චීන කතා රසික සංසදය කියන්නෙ. ඔවුන්ගේ සංසදය නිර්මාණය කරලා වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් තමයි මේ සිංහල උපසිරැසිය ඔයාලට අරන් ආවෙ. ද.කොරියානු සහ චීන රසිකයන් දෙගොල්ලන්ටම මේ චිත්‍රපටය එක සේ රස විඳින්න පුළුවන් වේවි .

මේ චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වුනේ 2016 දි වුනත් රසිකයන්ට නැරඹීමට අවස්ථාව හිමි වුනේ නම් 2021දී. ඒකට හේතුව තමයි චීනය තුළ කොරියානු නිර්මාණ වලට එරෙහිව පැවති “Hallyu ” තහනම නිසා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ කොරියානු අධ්‍යක්ෂක Park Hee Gon විසින්. ප්‍රසිද්ධ චීන සහ ද. කොරියානු නළු නිළියන් කිහිප දෙනෙක්ම රංගනයෙන් දායක වෙලා තියෙනවා .

ප්‍රධාන චරිත :

  • ලියන්චු – ද.කොරියානු සංගීත කණ්ඩායමක් වන EXO හි සාමාජික Oh Se Hun
  • මෝ ක්ෂාව’න් – චීන නිළි Janice Wu
  • චො චෝ – චීන නළු Song Wei Long

සහාය චරිත :

  • විවියන් – චීන නිළි Kiki Xu
  • මොලී – චීන නිළි Ju Jing Yi

කතාව ගැන කිව්වොත් …

ලියන්චු කියන්නෙ අනාථ පිරිමි ළමයෙක්. අනපේක්ෂිත සිදුවීමක් නිසා ලියන්චු ශාපයකට ලක් වෙනවා. මේ නිසා ඔහුට අවුරුදු නවයක්ම අර්ධ මිනිසෙක් සහ අර්ධ බළලෙක් විදිහට ඉන්න සිද්ධ වෙනවා. මේ අවුරුදු නවය ඇතුළත දී ලියන්චු බළල් වෙස් ගන්නා ආකාරය කවුරුන් හෝ දැක්කොත් ඔහුට නැවත සම්පූර්ණ මිනිසෙක් වෙන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා.එතකොට මෝ ක්ෂාව’න් කියන්නෙ ලියන්චුගේ හිත ගන්නා කෙල්ල. පාසල් ප්‍රේමය කිව්වොත් නිවැරදියි. හැබැයි ලියන්චු තමන්ගේ ශාපය නිසා ක්ෂාව’න් ගෙන් ඈතට යන්න තීරණය කරනවා. ඒත් ඉතින් අවුරුදු 8යි මාස 11 ගෙවෙන තැන දෛවය විසින් ඔවුන් දෙදෙනා නැවත මුණ ගස්වනවා.
අවුරුදු නවය සම්පූර්ණ වෙන්න තියෙන්නෙ තව මාසයයි….
ලියන්චුට ශාපය බිඳින්න පුළුවන් වෙයිද ?
මෝ ක්ෂාව’න් ලියන්චුගේ මඟ හැරයාම ගැන මොනවා හිතයිද ?

දෙදෙනාගෙ ඉරණම කොහොම විසඳෙයිද ?

ඒ දේවල් දැනගන්න නම් ඔයාලා අනිවාර්යයෙන්ම මේ ලස්සන Fantasy Romance චිත්‍රපටය නරඹන්න.
එහෙනම් අලුත් උපසිරැසියකින් නැවත හමුවෙමු.
අපි ,
  • ලෂිණි රත්නායක
  • දෙව්මි දොළමුල්ල
  • චිරන්තිකා රත්නායක
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

7 comments

  1. තුන් දෙනාටම උපසිරැසිය වෙනුවෙන් බොහෝම ස්තූතියි ❤️
    SNOWDROP එකටත් සබ් දෙන්නකෝ🙁😟😢
    PLEASE!!!!!🙏🙏🙏

  2. බොහොම ස්තුතියි මේ කරන උතුම් සේවය වෙනුවෙන්

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. ගොඩක් සුතූතියි
    Memorist කොරියන් Drama එකේ Sinhala sub දෙන්නකෝ

  5. Krishani
    Cineru_users

    Godak lassana movie 1k. Thank you 💜️💐

  6. Dr. cutie සීරීස් එකටත් සබ් දෙන්නකෝ 🥺💖

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login