The title of the page
Castaway Diva (2023) S01E03 Sinhala Subtitles
Castaway Diva (2023) S01E03 Sinhala Subtitles
7.4

Castaway Diva (2023) S01E03 Sinhala Subtitles | ” අයිස් පෙට්ටියද ඩ්‍රෝන් යානයද” | සිංහල උපසිරැසි සමඟ

ඔක්තෝබර් 28 වෙනිදා ඉදන් සති අන්තයේදි කතාංග 12ක් සමඟින් Netflix, TVING, tvN ඔස්සේ දිගැහැරෙන අළුත්ම කතාමාලාව තමයි  무인도의 디바 එහෙමත් නැත්නම් Castaway Diva. Music, Comedy, Romance වර්ගිකරණයන්ට අයත් මෙය අධ්‍යක්ෂණය කරන්නේ Big Mouth, Start-Up, Hotel del Luna, While You Were Sleeping, Doctors, My Love from the Star වගේ සුපිරිම කතා අපිට තිළිණ කරපු O Chung Hwan කියන අධ්‍යක්ෂකවරයා විසින්. තිරපිටපත් රචනා කරලා තියෙන්නෙ එම අධ්‍යක්ෂකවරයා යටතේ නිර්මාණය වුන Start-Up, While You Were Sleeping කතාමාලාවලට අමතරව Page Turner, Pinocchio, I Hear Your Voice, Dream High කතාමාලාවලත් තිර පිටපත් රචනා කරපු Park Hye Ryun විසින්.

ඉතින්  Castaway Diva කතාව බලන්න සහ උපසිරැසි ගන්වන්න  එකම වගේම ප්‍රධානතම හේතු සාධකය තමා ඒ කාරණාව. උඩින් තියෙන කතා සෙට් එක දැක්කම ඔයාලත් මගෙත් එක්ක එකඟ වේවි කියලා මම හිතනවා.

Castaway Diva (2023) Sinhala Sub

Extraordinary Attorney Woo කතාමාලාවේ ප්‍රධාන චරිතය නිරූපණය කරපු Park Eun-binව මතකයි නේද? අන්න එයා තමා මේ කතාවෙ ප්‍රධාන නිළිය. Extraordinary Attorney Woo කතාමාලාවේ  Park Eun-binගෙ සිය රංගන දක්ෂතාව සහ කුසලතාව නිසා එයාට සම්මාන 10කට වඩා හම්බුනා වගේම විවිධ සම්මාන උළෙලවල්වල නිර්දේශිත නාමයන් අතරට එයාගෙ නමත් එකතු වුනා. Eun-bin කියන්නෙ Multi-Talented නිළියක් කියලා අවිවාදයෙන්ම පිළිගන්න පුලුවන්. 

Nevertheless කතාමාලාව මතකනෙ. මෙයාගෙ නම ඇහුව ගමන් මතක්වෙන්නෙ ඒ කතාව. අපේ හිත් වැඩියෙන්ම ඇඳ-බැඳ ගත්ත Second Main Lead ව කොහොම අමතක කරන්නද? Chae Jong Hyeop එයත් මේ කතාමාලාවේ ප්‍රධන චරිතයකින් රංගනයෙන් එකතුවෙනවා. Unlock My Boss, Love All Play, The Witch’s Diner කතාමාලාවන් බැලුවනම් එයාව ඔයාලට නුහුරු කෙනෙක් වෙන්නනම් බෑ.

තවත් එක ප්‍රධාන චරිතයක් තමා “VIXX” Boy Band එකේ “N” එහෙමත් නැත්නම් Cha Hak Yeon කියන්නෙ.. මෙයා රඟපෑව සුපිරිම කතාමාලාව තමා Bad and Crazy කියන්නෙ. අමතක නැතුව ඇතිනෙ ඔයාලටත්. Joseon Attorney: A Morality කතාමාලාවෙන් වගේමTomorrow කතාමාලාවෙ නවවෙනි කතාංගයේ ආරාධිත රංගන ශිල්පියෙක් විදිහටත් Hak Yeon රංගනයෙන් එකතු වුනා. 

Big Mouth කතාවෙ එපාම කරපු දුෂ්ට චරිතෙ මතකද?

එතකොට It’s Okay to Not Be Okay කතාවේ කෝ මුන් යොංගෙ පොත් ප්‍රකාශන සමාගමේ මුන් යොංගෙ වැඩ හින්දා නිතරම අමාරුවෙ වැටෙන  CEOව මතකද? රසික අපිට එපාම කරපු දුෂ්ට චරිත, ආදරණීය චරිත, ආතල් චරිත මේ ඕනම එකක් Kim Joo Heon ට ඔට්ටුයි. Soundtrack #1, Now We Are Breaking Up, Dr. Brain, Start-Up, Do Do Sol Sol La La Sol, Dr. Romantic Season 2 /3, Kill It කියන කතාමාලාවලින් සිය රංගන කුසලතාව මනාවට පෙන්නුම් කළ Joo Heon කියන්නෙත් Castaway Diva හි තවත් එක් ප්‍රධාන චරිතයක්.

Kim Hyo Jin තමා පස්වෙනි ප්‍රධාන රංගන ශිල්පිනිය. The Good Detective Season 2, Lost , Private Lives, Mary Stayed Out All Night , Happiness  කියන කතමාලාවලට Hyo Jin රංගනයෙන් දායක වුනා.

Castaway Diva (2023) S01 Cast

සෝ මොක් හා කියන්නෙ ප්‍රසිද්ධ ගායිකාවක් වෙන්න දවස ගානෙ හීන මවන යුවතියක්.. එක්තරා සිද්ධියක් නිසා මොක් හා පාළු දූපතක අතරමං වෙනවා වගේම ඒ හේතුව නිසා එයාට අවුරුදු 15ක් කාගෙවත් හව්හරණක් නැතිව තනියම ඒ දූපතේ ජීවත් වෙන්න සිද්ධ වෙනවා.

ඉතින් එයා දූපතේ අවුරුදු 15ක් කොයි වගේ ජීවිතයක් ගතකරන්න ඇතිද?

ඒ තරම් ලොකු කාලයක් තනියම ජීවත් වුන එයා වර්තමානයට කොහොම හුරු වෙයිද

එයාට කවුරු උදව් කරයිද? එයාගෙ හීනෙ ගායිකාවක් වෙන එකනෙ.. ඒ හීනෙ එයාට හැබෑ කරගන්න පුලුවන් වෙයිද?

මූණ දෙන්න සිද්ධ වෙන අභියෝගවලින් එයාට දිනන්න පුලුවන් වෙයිද? 

හැම ප්‍රශ්නෙකටම උත්තර කතාව බලලම අපි හොයාගමු..
ජය!!
සටහන – උචිනි පෙරේරා.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


600
Total Subtitles

3 comments

  1. Daily Dose Of Sunshine drama ekatat sub denna puluwan da

  2. Krishani Maheshika
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login