The title of the page

Captain Marvel (2019) Sinhala Subtitles | තවත් වීරවරියකුගේ පැමිණීම | සිංහල උපසිරැසි සමග |

ලබා දී ඇති  උපසිරැසිය WEB-DL සහා BR  පිටපත් සඳහා යාවත්කාලින කර ඇත

මුලින්ම කියන්න කැමති මගෙ පලමුවන උපසිරැසි ගැන්විම ඉතිම් ගොඩක් සතුටුයි මාවත් වෙබ් සයිට් එක සදහා එකතු කරගැනිම සම්බන්දයෙන් ඇඩ්ම්න් හට මගෙ අවංකව  හදපිරි ස්තුතිය පිරිනමන අතර මම වෙබ් සයිට් එක හරහා සැම අකාරයෙන්ම උපරිම සහයොගය දක්වන බව සතුටින් දන්වමි

එහෙනම් ච්ත්‍රපටය දෙසට හැරෙමු .

තිරගතවීම ආරම්භවෙන්නත් කලින් රසිකයන් අතර දැඩි කැලඹීමක් ඇති කරන්න මේ චිත්‍රපටය සමත්වුණා කියල ඔබට මතක ඇති. ඒකට හේතුව වුණේ කැප්ටන් මාවල් චරිතයට පණපොවන බ්‍රී ලාසන් චිත්‍රපටයේ විචාර ගැන අහද්දි කියපු කතාවක් නිසා. ඇය කිව්වෙ ” අවුරුදු 40 සුදු ජාතික පිරිමි කියන දේවල් තමන්ට වැඩක් නෑ” කියලයි. බොහෝ පිරිසකට මේක පුරුෂ විරෝධී අදහස් දැක්වීමක් ලෙස පෙනීගිය නිසා , ප්‍රේක්ෂකයන් අතර ලොකු කතාවක් ගියා මේ චිත්‍රපටයට වර්ජනය කර මේ හා සමගාමීව තිරගතවූ Alita: Battle Angel(2019) චිත්‍රපටය නරඹන්නට. හරියට බැලුවොත් බ්‍රී ලාසන්ගෙ මේ කතාවට ප්‍රේක්ෂකයන් (ප්‍රේක්ෂිකාවන් නොවේ) බහුතරයකට කේන්තියාමේ යම් සාධාරණ පැත්තකුත් තියනවා, මාවල් සිනමා විශ්වය මේ තාක් දුරට ඔසවා තැබීමේ වැඩි ගෞරවය යන්න ඕනෙ ප්‍රේක්ෂක පාර්ශවයට නිසා. තත්වය එහෙම තියෙද්දි ඊලඟට නික් ෆියුරිට පණ පොවන සැමුවෙල් එල් ජැක්සන් වත්මන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව වහලුන්ගෙන් වැඩගන්නා ඉඩම් හිමියෙකුට සමාන කරමින් කල අදහස් පළකිරීමක් නිසා තත්වය තවත් නරක අතට හැරුණා. මෙතනින් ලොකුම ප්‍රශ්ණෙ වුණේ බ්‍රී ලාසන්ගෙ අදහස් දැක්වීම, ඊට හේතුව ඇය Avengers : End Game ඇතුළු ඉදිරි චිත්‍රපට හයක් සඳහා ඒ වනවිටත් ගිවිසුම් අත්සන් කර තිබීම සහ මේ කතාව නිසා මාවල් සිනමා විශ්වයේ ඉදිරි ගමන යම් අවිනිශ්චිත තත්වයකට පත්වේද යන සැකයක් පවති. කොහොමහරි චිත්‍රපටය තිරගත වෙලා අවසන් වුණාම තමයි තත්වය හරියටම බලන්න තියෙන්නෙ.
එහෙනම් ච්ත්‍රපටය රසවිදින්නට අරාධනා කරවා.
(අලුත් උපසිරැසියකින් හමුවෙමු)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තුෂාන් කවිෂ්ක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තුෂාන් කවිෂ්ක

April 13, 2019


33
Total Subtitles

9 comments

  1. Peter Barthelot
    Cineru Family Member

    සුපිරිම වැඩක්, Good job ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
    පලමු ප්‍රවිශ්ටයට මගෙ සුභ පැතුම්.

  2. vidura
    Cineru Family Member

    patta waede.digatama yamu

  3. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. Thanks for the sub… looking for it…!!!

  5. Supiri broooo niyama wedak. Thanks..

  6. Supiri wadak.jaya wawa

  7. Elama කොල්ලෝ

  8. Avengement 2019
    ඔකට සබ් දෙන් නැද්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login