The title of the page

Break Free (2020) Sinhala Subtitles | “සත්‍යා” | සිංහල උපසිරැසි සමඟ

මේ සැරේ අරගෙන ආවේ ටැමිල් YouTube චැනල් එකක තිබ්බ හැබැයි ඉංග්‍රීසි Short ෆිල්ම් එකක්.. මේකේ ප්‍රධාන චරිතය කරන්නේ ” ධනුෂ් ” ගේ ” ජගමේ තන්දිරම් ” ෆිල්ම් එකේ රඟපාන ” සංචනා නටරාජන් ” එතකොට මේ Short ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය ” විග්නේෂ් රාජ් “

කතාව ගැන කෙටියෙන් කියන්නම්..

මේකේ තියෙන්නේ ” සංක්‍රාන්ති ලිංගිකයෙක් ” එහෙම නැත්තන්  ” ට්‍රාන්ස් ජෙන්ඩර් ” කෙනෙක් ගැන කතාවක්.. සත්‍යා කියන්නේ ගැහැණු ළමයෙක් ඒත් එයා දවසක් එයාගේ තාත්තට කියනවා ” තාත්තේ මම කෙල්ලෙක් නෙවෙයි ” කියලා.. තාත්තා අහනවා ” ඔයා ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද ” කියලා.. පස්සේ එයා කියනවා ” මම සංක්‍රාන්ති ලිංගිකයෙක්, තාත්තේ ” කියලා.. මෙතනින් එහාට මොනවා වෙයිද එයාගේ තාත්තා මේක කොහොම පිළිගනියිද ? ( සත්‍යාගේ අම්මා ජිවතුන් අතරත් නැහැ.. එයාට ඉන්නේ තාත්තා විතරයි  ) මෙතනින් එහාට වෙන දේවල් ඔයාලම මේ Short ෆිල්ම් එක අරගෙන බලන්න..

ඇත්තටම ” සංක්‍රාන්ති ලිංගිකයෙක් ” එහෙම නැත්තන්  ” ට්‍රාන්ස් ජෙන්ඩර් ” කෙනෙක් එහෙම වෙන එක නැත්තන් එහෙම උපදින එක අපි කාටත් තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒ දේවල් වෙන්නේ උපතින්මයි.. එහෙම කෙනෙක් ගැන වැරදිහට දකින එක අපි කරන පවක් කියලා හිතෙනවා.. එහෙම උන කෙනෙක් තමයි ඒකෙ දුක දන්නේ.. ඇත්තටම මේ ෆිල්ම් එකේ ආදර්ශයක් තියෙනවා එහෙම අයව කොන් කරන්න එපා කියන දේ මේකෙන් පෙන්නනවා කියලා මට හිතෙනවා.. ඒ වගේම මේ ෆිල්ම් එක ” සත්‍ය සිදුවීම් පාදක කරගෙන හැදුනු නිර්මාණයක් “

ඉතින්.. කැමති අයට අරගෙන බලන්න කියලා මම කියනවා.. මේ ලස්සන Short ෆිල්ම් එක.. බය වෙන්න එපා Short ෆිල්ම් විතරක් නෙවෙයි ෆිල්ම් සබ් එහෙමත් ළඟදීම වැටෙනවා හොඳේ.. තාම අලුත් දෙමල ෆිල්ම් ආවේ නැහැනේ ආවම ඒවා දෙන්නම් පුළුවන් විදිහට.. Short ෆිල්ම් කට්ටිය කරනවා අඩු නිසා මම පොඩ්ඩක් මේවත් කරනවා.. එතකොට විශේෂ දෙයක් මේ ෆිල්ම් එකේ නිළිය ” සංචනා නටරාජන් ” එයා ඇත්තටම කෙල්ලෙක් හොඳේ..
එහෙනම් මම ගියා බායි.. ආයේ එන්නම්.. අලුත් සබ් අරගෙන..

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


100
Total Subtitles

7 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Kantha_DLA ❤️

  4. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Supun Kaushalya ❤️

  5. නියමයි සහෝ .. ලග ලග ගොඩක් සබ් දුන්න නේ ..😍

  6. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Madushan තව එනවා ඕන්ද වේ 😍😍

  7. Action Hero Biju 2016 මේකත් පට්ට දෙන්න පුලුවන් නන්
    Nivin pauly ගෙ 🔥😍❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login