Black Mirror S05 E03 Rachel, Jack and Ashley Too (2019) Sinhala Subtitles
Black Mirror S05 E03 Rachel, Jack and Ashley Too (2019) Sinhala Subtitles
8.7
83
91

Black Mirror S05 E03 Rachel, Jack and Ashley Too (2019) Sinhala Subtitles | “රේචල්, ජැක් සහ ඈෂ්ලි ටූ” | සිංහල උපසිරැසි සමඟ

Black Mirror ඉතිහාසයේ ටිකක් වෙනස් සහ රසිකයන් අතර වැඩිපුරම විවාදයට ලක්වුණු Season එකක් විදියට season 5 හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් Black Mirror කතා වල අපි දකින්නෙ එච්චර ප්‍රසිද්ධ නැති බ්‍රිතාන්‍ය නළු නිළියන්. නමුත් Season 5 එකේදී අපිට ලෝක ප්‍රසිද්ධ හොලිවුඩ් තරු දකින්න ලැබුණා. ඒ…

  • Anthony Mackie
  • Miley Cyrus
  • Andrew Scott

මේ නිසා මේ සීසන් එකට ලොකු ප්‍රසිද්ධියක් ලැබුණත්, පරණ රසිකයෝ සමහරක් කිව්වේ Black Mirror වලට ආවේණික ඒ Raw ගතිය මේ නිසා නැති වුණා කියලයි. කලින් Season වල තාක්ෂණයේ භයානක බව ගොඩක් පෙන්නලා තියෙනවා. හැබැයි Season 5 එකේ තාක්ෂණය කියන්නේ නිකම්ම පසුබිමක් විතරයි. ඒ කියන්නේ මේ සීසන් එක Sci-Fi ගණයට වඩා Drama පැත්තට බරයි. මේ Season එකේ කලින් Season වලට වඩා අඩු Episode ගාණක් තමා දකින්න ලැබෙන්නෙ. ඒ…

  • Striking Vipers: VR Game එකක් තිබුණට කතාව යන්නේ විවාහ ජීවිතය සහ මිත්‍රත්වය ගැන.
  • Smithereens: මේකේ අමුතු තාක්ෂණයක් නෑ. තියෙන්නේ අපි හැමෝම පාවිච්චි කරන Social Media ගැන කතාකරන්නෙ.
  • Rachel, Jack and Ashley Too: AI රොබෝ කෙනෙක් හිටියට කතාව යන්නෙ Legacy එක සහ පවුල් ප්‍රශ්න ගැන.

මුල් කාලෙ Black Mirror කියන්නෙ බ්‍රිතාන්‍ය කතා මාලාවක්. ඒකෙ තිබුණේ එංගලන්තයටම ආවේණික ගතියක්. නමුත් Season 5 සම්පූර්ණයෙන්ම වගේ ඇමරිකාව මූලික කරගෙන හැදුණු නිසා, ඒකෙ Tone ටිකක් වෙනස් වුණා. සමහර කතා අන්තිමට Happy Ending එකකින් ඉවර වුණා. ඒක සාමාන්‍ය Black Mirror රසිකයෙක් බලාපොරොත්තු නොවන දෙයක්.

Season 5 කියන්නෙ Black Mirror කතා මාලාව Cult Classic එකක මට්ටමේ ඉඳලා Global Blockbuster එකක් මට්ටමට මාරු වුණු තැනක්. ඒකෙ තාක්ෂණික Horror ටිකක් අඩු වුණාට, මනුෂ්‍ය හැඟීම් සහ වර්තමාන සමාජ ගැටලු ගැන ඉතාම හොඳට කතා කරපු Season එකක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ධනුෂ්ක විරාජ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ධනුෂ්ක විරාජ්

September 22, 2025


78
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login