The title of the page
7.8
90

Billie Eilish: The World’s a Little Blurry (2021) Sinhala Subtitles | “බිලී අයිලිෂ්ගේ කතාව” | සිංහල උපසිරැසි සමඟ

(Billie Eilish: The World’s a Little Blurry (2021) Sinhala Sub)

අද මම ඔයාලට අරගෙන ආවේ ලෝකයක් ආදරේ කරන ලංකාවේ පවා ගොඩක් දෙනෙක් ආස කරන බිලි අයිලිෂ් ගැන කතාවක් ඉතිං මුලින්ම කියන්න ඕනි මේක සාමාන්ය විදියේ චිත්රපටියක් නෙවෙයි..මේ documentary එකක්..හැබැයි අපේ ජිවිතේට මේකෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා අපි හැමෝටම හීන තියෙනවානෙ..ඒ හීනවලට යන්න නම් අපි මොනවද කරන්න ඕන කියන එක මේකෙන් බලන්න පුළුවන් අනික තමයි අපි හුඟක් ආස කරන සිංදු හැදුන හැටි හැම දෙයක්ම මේකෙන් බලාගන්න පුළුවන්…ඉතිං බිලි ගැන ටිකක් කියන්නම්..

බිලි ඉපදෙන්නෙ 2001 දෙසැම්බර්18 මේ වෙද්දී එයා ඇමරිකාවේ ගායිකාවක් සහ ගීත රචනා කරන කෙනෙක් බිලි ප්‍රසිද්ධ වෙන්නෙ Drak Room කියන ආයතනය විසින් නිකුත්කරපු Ocean Eyes කියන ගීතයෙන් බිලී මහජනතාව අතරෙ ප්‍රසිද්ධියට පත්වෙන්නෙ මේක ලියලා නිෂ්පාදන කරන්නෙ බිලිගෙ අයියා.. ඒ තමයි ෆිනියස්..බිලී ප්රසිද්ධ වුනේ අයියා නිසා කිව්වොත් ඇත්තටම හරි..

ඒ වගේ ම බිලිගේ පලවෙනි ඇල්බම් එක තමයි අපි හැමෝම නින්දට වැටෙන විට, අපි කොහේ යමුද.. මේ ඇල්බම් එක ඇමරිකාවේ පලවෙනි ස්ථානයට 2019 පැමිණියා..ඒ වගේම තමයි ඔයත් මමත් ආස බිලිගෙ ගොඩක් ජනප්‍රිය වුන Bad gay ගීතයත් හොඳම ගීත 100 අතරින් පලවෙනි තැනට එනවා..
ඒ වගේම 2020 වර්ෂයේදි ජේම්ස් බොන්ඩ් චිතප්‍රටිය වෙනුවෙන් Not Time Today කියන තේමාත ගීතයත් ඇමරිකාවේ අංක එකට එන්න සමත් වුනා..

ඒ විතරක් නෙවෙයි බිලි ග්රැමි සම්මාන හතක් අරන් ගිනස්වාර්තාවක් පවා තියලා තියෙනවා. ග්රැමි සම්මාන උළෙලේ
වසරේ හොඳම නව කලාකරුවා,වසරේ හොඳම වාර්තාව,වසරේ ගීතය,වසරේ ඇල්බම් එක..කියන සම්මාන සියල්ලම ලබාගත් ලාභාලතම කලාකරැවා වෙන්නෙත් බිලී අයිලිෂ්.
ඒ වගේම ටයිම් සඟරාවේ මුල් පිටුවට 2019 බිලිව එක් කරගන්නවා…මේ වෙද්දී ලාබාලතම සාර්ථක කලාකාරිනියක්විදියට තවමත් මැය කිරැලු පලඳිනවා..
මේ ෆිල්ම් එක ගැන කිව්​වොත් මේ අධ්යක්ෂනය කරලා තියෙන්නේ Rj.Cutler කියන අධ්යක්ෂවරයා විසින්..
මේකේ Imdb අගය ගත්තොත් ගොඩක් හොඳ අගයක් විදියට 7.8/10 ලබාගෙන තියෙනවා.. ඒ විතරක් නෙවෙයි කුනු තක්කාලි අගය සියයට 96 ලබාගෙන තියෙනවා ඔය ටික තමයි මේ ෆිල්ම් එක ගැන කියන්න තියෙන්නේ
අන්තිමට කියන්න ඕනි බිලී කියන්නෙ ඉස්කෝ​ලේ ගිය කෙනෙක් නෙවෙයි..ඒක එයාම සම්මුඛ සාකච්ඡාවකදි කියනවා..මේකෙන් කියන්නෙ ඉස්කෝලේ යන එක හොඳ නෑ කියලා නෙවෙයි..ඒ වගේම තමයි අපිට හරිතැනකට යන්න ඕනි නම් පලවෙනියට තමන් තමන් ගැනම විශ්වාසයක් තියාගන්න ඕනි මහන්සිවෙන්න ඕනි නිකං හිටියට කවුරුත් මුකුත් දෙන්නේ නෑ ඔයාලට..හැමෝටම මේ ෆිල්ම් එක අර​ගෙන ආවේ පොඩි මෝටිවේෂන් එකක් දෙන්න හිතාගෙන ඔයාලා බිලිගෙ Fan කෙනෙක් වුණත් නැතත් මේක බලන්න..මොකද ජිවිතේට ගොඩක් දේවල් ගන්න පුළුවන් වෙයි.
අනික තමයි මේක බලද්දී කිසිම කම්මැලි කමක් එන්නැ.. ගොඩක් ආස හිතෙනවා කියලත් කියන්න ඕනි.
අපේ රටේ තියෙන සමාජ සංස්කෘතිය එක්ක අපිට තමන්ගේ හීන වලට යන්න අම්මා තාත්තා වගේ අපේ ගෙවල් වලින් ඉඩ නොදෙන්න පුළුවන්..හැබැයි තමන් අකමැති දෙයක් කරනවට වඩා තමන් කැමති දෙයක් කරලා තැනකට එන එක මානසික වශයෙන් ලොකු සහනයක් වගේම සතුටක්..ඉස්සරහට තවත් අලුත් ෆිල්ම් ටිකක් අරගෙන එන්නම්..හැමෝම ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්න.
බුදුසරණයි….. 🙏🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර මදුසංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර මදුසංක

June 30, 2021


23
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Juice Wrld ගෙ documentary එකත් මේ December 10 හෝ 17 enwa , ඒකටත් sub denna plz … !!

  3. juice world ge ekath onehhhh!

  4. bro will smith ge welcome to earth tv series ekata sub dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login