Biker (2026) Sinhala Subtitles
Biker (2026) Sinhala Subtitles
6.6
96

Biker (2026) Sinhala Subtitles | “ චෑම්ප්.. ” | සිංහල උපසිරැසි සමඟ

(Biker (2026) Sinhala Subtitles) (Biker (2026) Sinhala Subtitle) (Biker (2026) Sinhala Sub)

ඔන්න අදත් අපේ උපසිරැසි රසිකයින්ට වෙනස්ම විදියේ සුපිරි තෙළිඟු චිත්‍රපටයක් ගැන විස්තර අරගෙන ආවා. ගොඩක් වෙලාවට අපි දකින සාමාන්‍ය ආදර කතා හෝ පවුල් කතා වලට වඩා මේක ගොඩක් වෙනස්. 2026 අප්‍රේල් 3 වෙනිදා නිකුත් වුණු “Biker” කියන්නේ ඉන්දියාවේ පළමු Motocross  ක්‍රීඩාව පදනම් කරගෙන නිර්මාණය වුණු චිත්‍රපටයයි.

Abhilash Reddy Kankara ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන්නේ ‘විකාස් නාරායන්’. මේ චරිතයට පණ පොවන්නේ අපි කවුරුත් දන්න දක්ෂ නළු Sharwanand. ඒ වගේම ප්‍රවීණ නළු Rajasekhar විකාස්ගේ පියා (සුනිල්) විදියටත්, දක්ෂ නිළි Malavika Nair මෙහි රංගනයෙන් දායක වෙනවා.

මේක නිකම්ම නිකම් බයික් රේසින් කතාවක් නෙවෙයි. 1990 සහ 2000 දශකවලට දිවෙන මේ කතාවෙන් පරම්පරා තුනක බැඳීමක් ගැන කියවෙනවා. මෝටර් ක්‍රොස් රේසින් කියන්නේ මඩ, දූවිලි එක්ක ඔට්ටු වෙමින්, ජීවිතේ පරදුවට තියලා කරන භයානක ක්‍රීඩාවක්. විකාස්ට තියෙන මේ රේසින් උමතුවත්, ඔහුගේ තද ගතිගුණ තියෙන පියාගේ බලාපොරොත්තුත් අතර ඇතිවෙන හැඟීම්බර ගැටුම තමයි මේ ෆිල්ම් එකේ හරය වෙන්නේ.

පුද්ගලිකව මමත් Hero Hunk යතුරුපැදියක් පදින, බයික් වලට ආදරය කරන කෙනෙක් විදියට මේ ෆිල්ම් එකේ තියෙන බයික් රේස් දර්ශන ගැන අමුතුවෙන්ම කියන්න ඕනේ. ඒ දර්ශන හරිම තාත්විකයි. J. Yuvaraj ගේ කැමරාකරණයෙන් රේසින් පිටියේ තියෙන ඇඩ්‍රිනලින් රෂ් (Adrenaline rush) එක අපිටත් ඒ විදියටම දැනෙන්න නිර්මාණය කරලා තියෙනවා. Ghibran ගේ සංගීතයත් ඒ ත්‍රාසය තවත් වැඩි කරනවා. පැය 2යි මිනිත්තු 42ක් පුරා දිවෙන මේ කතාව පුරාවටම කම්මැලි නැතුව බලන්න පුළුවන්.

සාමාන්‍යයෙන් නිදහස්, ග්‍රාමීය පරිසරයක තියෙන හිත සන්සුන් කරන කතාවලට අපි ගොඩක් වෙලාවට කැමති වුණත්, මේ වගේ වෙනස්ම අත්දැකීමක් දෙන, ක්‍රීඩාවක තියෙන මහන්සිය සහ පවුලේ බැඳීම ගැන කියවෙන කතාවක් අනිවාර්යයෙන්ම බලන්න වටිනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


700
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login