Bha. Bha. Ba. (2025) Sinhala Subtitles
Bha. Bha. Ba. (2025) Sinhala Subtitles
6.1

Bha. Bha. Ba. (2025) Sinhala Subtitles | “ මහ ඇමති උස්සන ආතල් ගේම ” | සිංහල උපසිරැසි සමඟ

(Bha. Bha. Ba. (2025) Sinhala Subtitles) (Bha. Bha. Ba. (2025) Sinhala Subtitle) (Bha. Bha. Ba. (2025) Sinhala Sub)

කොහොමද යාලුවනේ! ඔන්න ඉතින් අද අරගෙන ආවේ බඩ රිදෙනකම් හිනාවෙන්න පුළුවන්, ඒ වගේම පොඩ්ඩක් ඔලුව වෙහෙසන්නත් වෙන මලයාලම් සුපිරි වැඩක්. මේක නිකන්ම කොමඩියක් නෙවෙයි, පොඩි “මැඩ්නස්” (Madness) එකක් තියෙන, අමුතුම තාලේ ආතල් ෆිල්ම් එකක්! 😂

කතාව පටන් ගන්නේ රටේ මහ ඇමති, C.K. ජෝසප් වටා. මනුස්සයා ඡන්දෙ දින්නට මොකද, වයසත් එක්ක පොඩි මෙමරි කේස් එකක් එහෙම තියෙනවා. ඔන්න දවසක් දහස් ගානක් සෙනග මැද්දේ, ආරක්ෂාවට පොලිසිය වට කරගෙන ඉද්දිම කවුරුත් නොහිතන විදිහට මහ ඇමතිව “උස්සනවා”! 😲 මේක කරන්නේ කවුද? තුවක්කු, බෝම්බ මුකුත් නැතුව මේ ඩබල් ගේම් එක ගහපු අපේ කතා නායකයා තමන්ව හඳුන්වගන්නේ “සාමාන්‍ය මිනිහෙක්” (Common Man) කියලා.

මෙතනින් එහාට තමයි නියම ආතල් එක පටන් ගන්නේ. මහ ඇමතිව හොයන්න මුළු පොලිසියම දඟලද්දි, අපේ වීරයා මහ ඇමතිවත් දාගෙන දෙන ගේම බලන්නම ඕන. මහ ඇමතිව ලවා බෙලි ඩාන්ස් නටවනවා, බිස්කට් වෑන් එකක මහජන පැමිණිලි දාන්න කියනවා… කෙටියෙන්ම කිව්වොත් මුළු සිස්ටම් එකම පිස්සු වට්ටනවා! 🚐💃

Dileep ප්‍රධාන චරිතයට පණ පොවන මේ ෆිල්ම් එකේ, Dhyan Sreenivasan සහ Redin Kingsley ත් සුපිරි වැඩකෑලි ටිකක් දානවා. ඉතින් මේ “කොමන් මෑන්” ඇත්තටම කවුද? එයා ඇයි මහ ඇමතිව ඉස්සුවේ? මේක පලිගැනීමක්ද නැත්නම් සමාජයට පාඩමක් උගන්නන්න ගහපු ප්ලෑන් එකක්ද? මේ හැමදේම දැනගන්න නම්, හිනා වෙලා පණ යන්න ලෑස්ති වෙලා මේක බලන්නම වෙනවා.

හරි එහෙනම්, මෙතන ඉඳන් ඔයාට බාරයි. මේ සුපිරි මලයාලම් ආතල් එකත් අරගෙන බලන්න කියලා ආරාධනා කරන ගමන්, ආයෙත් දවසක අලුත්ම අලුත් කතාවකින් හම්බවෙනකන් ඔයාලට සුභ දවසක්! ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගීතක විරාජිත් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගීතක විරාජිත්

November 5, 2025


30
Total Subtitles

One comment

  1. ස්තූතියි සහෝ සබ්එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login